මීගමු බන්ධනාගාර අසල රාත‍්‍රියේත් උණුසුම්..


මීගමුව බන්ධනාගාරයේ පසුගිය දින දෙක පුරා පැවති දරුණු ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, එහි ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කණ්ඩායම් ද බන්ධනාගාර පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට යොදවා ඇත.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාර බස් රථ මගින් රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේ කටයුතු රාත්‍රී කාලයේදීත් අඛණ්ඩව සිදු කෙරේ.

මේ අතර, සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රාත්‍රී කාලයේදීත් බන්ධනාගාර පරිශ්‍රය අසල රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.

මෙම දරුණු ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 100 ඉක්මවා ඇත.

තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සහ ආරක්ෂක කටයුතු සිදු කරමින් සිටියි.





Security Heightened at Mahingama Prison Following Violent Clashes

In the wake of severe unrest that erupted over the past two days at Mahingama Prison, authorities have moved swiftly to bolster security measures throughout the facility. The aggressive incidents prompted an immediate response, leading to an increased presence of law enforcement and military personnel in the vicinity.

In addition to routine police security, specialized police units and Army teams have been deployed to ensure the safety of both the prison grounds and the surrounding areas. This step recognizes the ongoing volatile atmosphere that remains a concern for both inmates and the general public.

Evaluating the situation, arrangements are being made for the transfer of detainees to other prisons via transport buses, continuing even during nighttime hours to maintain operational security.

During the night, a significant number of family members and friends of inmates have been observed gathering near the prison, presumably awaiting information about their loved ones.

The violent clashes have tragically resulted in the deaths of 26 individuals, with confirmed injuries exceeding 100. Many of the wounded require hospitalization for medical treatment as security forces carry out ongoing operations within the prison to maintain order and restore calm.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. පෝහොට්ටුවේ වැඩත් වගේ. නාමල්ගේ ‘ කුඩු බිස්නස් පැත්තත් එක්ක සම්බන්ධතා තියෙන අයත් ඇතුළත් කරගෙන ‘අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණ’ කරගෙන යනවා වගේ තමයි පේන්නේ

    ReplyDelete
    Replies
    1. හැම මගුලකටම පොහොට්ටුවයි රාජපක්කලයි ගාවන්න එපා ඕයි. තොපි වගේ දාර නූගත් ජෙප්පො කියන ඒවා සතේකට විශ්වාස කරන්නෙ නැත්තෙ ඒකයි මිනිස්සු. බන්ධනාගාර මිනීමැරුම්වලට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන විධායකය.

      Delete
    2. එකඟයි.

      Delete
    3. ඔච්චරම මෝඩද උඹලා? ජනතාව පුන්නක්කු කනවා කියලද හිතාගෙන ඉන්නෙ.
      ගැ‍ටුම වෙලා 27ක් මැරුණට පස්සෙද තේරුනේ එක දවසක් දෙපැත්ත බෙදිලා මිනී මරාගත්ත උන් ආපහු රන්ඩු කරන බව. එච්චර දෙයක් වත් තේරුම් ගන්න බැරි උන්ද අධිකරණ ඇමතිලා කරලා තියෙන්නෙ? මේ මාලිමාවේ වහල්ලු නම් පුදුම සාපයක්.

      Delete
  2. ලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා. Anura has given the code RED Order to eliminate all prisoners in Migamuva Prison and regain control. This was a "HUMAN RIGHTS VIOLATION". #PEACEINSRILANKA #Injustice #HumanRightsViolation #Trump #UnitedNations #UNHRC #CHANGE #NewGovernment #SriLanka #LK #NEWELECTIONS #ArrestAKD #BanJVPNPP

    ReplyDelete
    Replies
    1. මෝඩ හරක් ඉන්න අන්ත දූශිත ආන්ඩුවකින් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ.
      රටේ ප්‍රශ්ණ ගැන දන්නෙ නැතුව අඟහරු ලෝකෙන් ආව වගේ ඉන්නෙ ජෙපි නායකයොයි උන්ගේ මැටි අනුගාමිකයොයි. හාන එකේ කෙලවරක් නැහැ. ‍රැවැට්‍ටුම් වලත් කෙලවරක් නැහැ. දැන් ආන්ඩුව මෙහෙම ගෙනියන්නේ සල්ලි දීලා කොමෙන්ට් දාන එන්.ජී.ඕ පරයන්ගේ බලෙන්.

      Delete
  3. පොහොට්ටුවේ කුඩු ලංසාගේ වැඩ ඕවා

    ReplyDelete
    Replies
    1. මිනීමරුවොනම් ඉතිං ජෙප්පද්දො තමයි

      Delete
    2. අනේ ඉතින් රාජපක්ශලා අල්ලන්න ගොන් කතා කියන්න එපා. බූරු මූනගේ ගෝලයෙක් මේක මෙහෙයවපු බව පොලීසිය කියද්දී උඹ මොකද්ද මේ කියන්නේ. ලංසා කරත් පෙරේදා ගැ‍ටුමක් උනාට පස්සේ, ආයෙත් ඒ දෙගොල්ලො වෙන් කරන්නෙ නැතුව එකම බන්ධනාගාරේ තිබ්බේ ඔලුව නැති නිසාද? බෙල්ලෙ පාලුවට විතරද මාලිමාවෙ උන්ගේ ඔලුව තියෙන්නෙ?

      Delete
    3. ඇත්තද.. රාජපක්ශලාද... හරි ඔන්න අපි ‍රැව‍ටුනා හොඳේ.

      Delete
  4. දැන් බන්ධනාගාර පිරිලා තියෙන්නෙ කුඩ්ඩො අල්ලලා. එක්කො නඩු අහන එක ඉක්මන් කරන්න ඕන. නැත්තන් අලුතින් බන්ධනාගාර හදන්න ඕන, උන්ට ඇතුලේ ලැට් ටික, ඉන්න ඉඩ ටික තියෙන්න ඕනනෙ. නිදාගන්න ඉඩ තියෙන්න ඕන නෙ. ඒව මානව හිමිකම් නෙ. ඒව ටික නැති උනාම, බන්ධනාගාර නිලධාරීන් ප්‍රමාණයත් අඩු වුනාම, ආන්ඩුවේ මෝඩයන්ගේ වැඩ වලට බන්ධනාගාර නිළදාරීන්ගෙන් පලි ගන්නකොට ඕව කඩාගෙන වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙය පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවෙන් හට ගත් ප්‍රශ්නයක් නොවේ

      Munta laJJa nadda ham ekatama pathale set karanna

      Delete
  5. ගුණ ධර්ම හදන්නෙ නැතුව හාමුදුරුවන්ට තව බැන බැන ඉඳපල්ලා. එතකොට තව තවත් බන්ධනාගාර පුරවන්න පුලුවන් වෙයි. හැබැයි ඉස්සෙල්ලම ඔය දූශිත මිනිස්සුන්ගෙන් බැට කන්නේ හාමුදුරුවන්ටයි, ගුණ ධර්ම වලටයි විරුද්ධ වෙච්ච උන්.

    ReplyDelete
  6. එල්ලිනෝ ඇවිල්ලා ද?

    ReplyDelete
Previous Post Next Post