හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නෞකාවලට සිය ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම අත්වැරදීමකින් සිදු වූවක් බව ඉරානය රහසිගතව පිළිගෙන ඇති බව ඇමරිකානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය මෙම කරුණ අතරමැදියන් හරහා ඇමරිකා එක්සත් ජනපදය වෙත දැනුම් දී ඇති බවත් වාර්තාවල සදහන්ය.
පසුගිය කාලසීමාව තුළ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කලාපය තුළ දැඩි යුදමය නොසන්සුන්තාවයක් නිර්මාණය විය. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව ද සිය නාවික සහ ගුවන් හමුදා බලය එම කලාපය තුළ ශක්තිමත් කිරීමට පියවර ගත්තේය.
ප්‍රසිද්ධියේ දැඩි සහ අභියෝගාත්මක ස්ථාවරයක සිටියද, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමේ අරමුණින් ඉරානය මෙම රහසිගත පණිවිඩය යොමු කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඇමරිකාව සමඟ සෘජු යුද ගැටුමකට එළඹීමට ඇති අකමැත්ත මෙමගින් සංකේතවත් වන බව ද ඔවුහු පවසති.
න්‍යෂ්ටික ගිවිසුම සහ පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය හමුවේ, ඉරානය විසින් සිදු කරන ලද මෙම වැරදීම පිළිගැනීම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ඇමරිකානු ආරක්ෂක අංශ තවදුරටත් ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
Iran Acknowledges Unintentional Attack on Commercial Vessels in Strait of Hormuz
U.S. officials report that Iran has secretly acknowledged a recent incident involving its military inadvertently firing at commercial vessels traversing the Strait of Hormuz. According to sources, Iran communicated this to the United States through intermediaries.
In recent months, the Islamic Revolutionary Guard Corps has launched attacks on ships in the strategic strait, escalating tensions in the region. In response to this growing unrest, the United States has taken measures to bolster its naval and air forces in the area.
Analysts suggest that despite maintaining a strong and challenging stance, Iran's confidential message indicates a desire to prevent further escalation. They emphasize that Tehran's intention seems to signal its reluctance to enter direct military conflict with America.
Amid the diplomatic crisis stemming from the nuclear agreement and imposed economic sanctions, Iran's admission of this error is expected to be pivotal for regional security dynamics.
However, reports indicate that U.S. defense officials are continuing to closely monitor Iranian activities in the region.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
