පොලිසියට බෙදන්න යන බයික් ගැන ආන්දෝලනාත්මක වීඩියෝවක් සමාජ ජාලවල...


 ශ්‍රී ලංකා පොලිසියේ කනිෂ්ඨ ශ්‍රේණිවල සිට පරීක්ෂක ශ්‍රේණිය දක්වා (PC සිට CI) නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත තීරුබදු රහිත විදුලි යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක අඩංගු කරුණු සාවද්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සිය පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ සකස් කර ඇති බවට එල්ල වන විවේචන සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, පොලිස් රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවක් ඇසුරින් මෙම පැහැදිලි කිරීම සිදු කර තිබේ.

පොලිස් නිලධාරීන්ගේ ජන ජීවිතය නගාසිටුවීමේ අරමුණින්, පොලිස් කොස්තාපල් (PC) ශ්‍රේණියේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) ශ්‍රේණිය දක්වා වන නිලධාරීන්ට තීරුබදු රහිතව විදුලි යතුරුපැදි ලබාදීම සඳහා රජයෙන් මූලික අනුමැතිය ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. මෙය හුදෙක් නිලධාරීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක වන්නකි.

මෙම වැඩපිළිවෙළට අදාළ නිර්ණායක සකස් කිරීම, සුදුසු යෝජනාවන් පිළිබඳ සාකච්ඡා කිරීම සහ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට මූලික සාකච්ඡා මට්ටමේ පවතින බව පොලිසිය අවධාරණය කරයි. මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ප්‍රසම්පාදන කටයුතු ද ආරම්භ කර නොමැත.

අදාළ සියලු කටයුතු රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට නියමිත බව රථවාහන අධ්‍යක්ෂවරයා සිය වාර්තාව මගින් සහතික කර තිබේ.

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවේ සඳහන් කරුණු සාවද්‍ය තොරතුරු මත පදනම් වූ ඒවා බවත්, මහජනතාව සහ පොලිස් නිලධාරීන් නොමඟ යැවීමේ අරමුණින් ඒවා සකස් කර ඇති බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.






Police Clarifies Rumors Surrounding Electric Bike Allocation for Officers

The Sri Lanka Police Headquarters has issued a statement disputing claims circulating on social media regarding the proposed plan to provide duty-free electric motorcycles to officers, from the rank of Police Constable to Police Inspector.

This clarification arises amidst criticism suggesting that senior officials within the police may have orchestrated this initiative to serve their personal interests. The police have underscored these concerns following a report released by the Director of the Police Transport Division.

According to the police, the initiative aims to enhance the quality of life for officers, specifically those in the ranks of Police Constable to Chief Inspector. The government has granted preliminary approval for the provision of the duty-free electric motorcycles, which is intended solely for the benefit of the officers.

The police emphasized that discussions regarding the establishment of relevant criteria, suitable proposals, and the necessary legal provisions are still at an initial stage. No final decision has been made, nor have procedures commenced at this juncture.

The Director of Transport has assured that every action will adhere strictly to the government's established procurement processes, with complete transparency.

In conclusion, the Police Headquarters reiterated that the information disseminated in the viral social media video is based on misleading narratives aimed at creating confusion among the public and police personnel.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. අනෙක් රජයේ සේවකයන්ගේ සහ මහජනතාවගේ ජන ජීවිතය නගාසිටුවීමේ අරමුණින් තව තවත් බදු වැඩි කළාම හරිද?

    ReplyDelete
  2. පච ලප කොටාගේ සාපය

    ReplyDelete
  3. ආරක්ෂක ඇමතිත් ගෙයක් හදා ගන්ඩ එපැයි බන් , ලලා ...වසන්තයා ....නාමලී වාගේ

    ReplyDelete
Previous Post Next Post