පදික වෙලදාම් නවත්වන්න දන්වයි..

 


පසුගිය කාල සීමා වලදී ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අක් අංගයක් වශයෙන් රට පුරා මහා මර්ග දෙපස අනවසර සියලු වෙළදාම් ඉවත් කල පසු බිමක නුවරඑළිය නගරාධිපතිවරයාගේ අත්සනින් විෂේශ අවසරයක් ලබා දී තිබූ නමුත් එම අවසරය අත් හිටුවන බව නගරාධිපති උපාලි වනිගසේකර මහතා මහ සභාව අමතා ප්‍රකාශ කලේය.

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර ,

මහජනතාවට සෙතක් සලසමින් නුවරඑළිය පොලිස් ස්ථානයට යාබදව ඉන්දන පිරවුම් හල අදිපිට පදික වෙලදාම සිදු කරන්න සහන කාලයක් ලබා දුන්නා ,

ඒ සහන කාලය හරි විදිහට එයාලා භාවිතා කලේ නෑ නොයෙකුත් හැල හැප්පීම් ගැටලු රාශියක් මතු උනා ,

ඒ දේවල්ද අවධානයට ලක් කරමින් පෙර පරිදි අනවසර වීදි හා පදික වෙළදාම් සියල්ල කොමසාරිස් වරයාගේ මූලිකත්වයෙන් නාගරික ආදායම් පරීක්ෂකවරුන් අරහා පදික වෙළදාම් සියල්ල ඉවත් කරන්න කිසිදු භාදාවකින් තොරව සිදු කරන ලෙස නගරාධිපතිවරයා පැවසීය .

එම යෝජනාවට සියලු පක්ෂ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් ඔර්වරසන් සභා දී නගරාධිපතිවරයාගේ යෝජනාව පිළිගැනීමක්ද මහ සභාවේදී අවධානයට ලක් විය.

මෙලෙස පදික වේදිකා වෙළදාම් ඉවත් කිරීමෙන් අගතියට පත් වන වෙළදුන් වෙනුවෙන් ඉදිරියේදී සුදුසු තැනක් ලබා දීමට හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ලබා ගැනීමට කටයුතු කල යුතු බව නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා මෙහිදී මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය .

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් නවාස් මහතා කියා සිටියේ වෙළඳාම් ඉවත් කරනවා වගේම වෙළඳසැල් හිමියන් පදිකියන්ට ගමන් කිරීමට වෙන්කර ඇති ඉඩම් වලද අනවසරයෙන් වෙළඳාම් කටයුතු සිදු කරන අතර අනවසර ඉදිකිරීම් ද සිදුකර ඇතිබැවින් ගැනද අවධානය යොමු කොට එම වෙළඳාම් කටයුතු හා ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි .





Colombo City Council Takes Action Against Illegal Street Vendors

In a recent development, the Colombo City Council has decided to suspend a prior authorization for street vending adjacent to major highways across the country, which was granted during the Clean Sri Lanka project. This decision was disclosed by the Mayor of Nuwara Eliya, Upali Vanigasekara, during a council meeting.

Addressing the gathering, the Mayor emphasized the importance of maintaining public order by instructing the implementation of necessary measures to restore control over unauthorized vending activities. While a grace period was initially offered for street vendors to conduct business near the police station, the Mayor noted that many vendors failed to utilize this time appropriately, resulting in significant disturbances.

In light of these issues, the Mayor directed all urban revenue inspectors to collaborate under the leadership of the Municipal Commissioner to ensure the immediate removal of all unauthorized street and pedestrian vendors without any hindrance.

This proposal saw unanimous support from council members representing various parties during the session, marking a step towards regulating street vending more effectively.

Additionally, Deputy Mayor Sivanthothi Yogaraja brought forward a suggestion to identify suitable locations for displaced vendors, urging that appropriate actions be taken to accommodate them moving forward.

Further discussions during the council meeting highlighted concerns raised by municipal councilor Mohammed Nawaz regarding not just the removal of illegal vendors, but also the proprietors of shops who have encroached on designated pedestrian pathways for vending. He insisted on addressing unauthorized constructions as well, calling for immediate action to eliminate these operations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ලප පච කොටගෙ සාපය...රට මහා වියසනයකට වැටීගෙන එනවා

    ReplyDelete
  2. වැඩබැරි ආණ්ඩුව කරපු තවත් එක හොඳ වැඩක්.

    ReplyDelete
  3. ඉස්සර පදික වේදිකාවේ ව්‍යාපාර කරපු අය තත්වයෙන් උසස් නැති උනත් සාධාරණ මිලකට භාණ්ඩ වික්කා. පලතුරු, එලවළු වගේ දේවල්. නමූත් දැන් තත්වය වෙනස්. සමහර දේවල් සුපිරි වෙළෙඳ සැල් වලටත් වඩා වැඩි මිලට අලෙවි කරනව. කඩ කුලී, බදු නැතුව වෙළදාම් කරන අය අධික ලාභ ලබනව.උදා. මේ දවස්වල දූරියන් සාමාන්‍ය මිළ කිලෝ එක රුපියල් හය සීයක් පමණ වෙනව. මැරයින් ඩ්‍රයිව් එකේ, එක තැනක කිලෝ එක රුපියල් දාහයි, තව තැනක එක්දහස් පන්සියයි. අනිවාර්යයෙන්ම රජය මේවා නියාමනය කළ යුතුය.

    ReplyDelete
  4. ඈත දුර ගමනක් ගිහින් එන අය ඒ පැතිවලට ආවේණික එළවලු පළතුරු හෝ යම් ක තංගල්ල

    ReplyDelete
    Replies
    1. ඈත දුර ගමනක් ගිහින් එන අය ඒ පැතිවලට ආවේණික එළවලු පළතුරු හෝ යම් යම් දේවල් මිලදී ගන්න නවතින්නේ බෝහෝ කැමැත්තෙන් සතූටින්.නමුත් ඒ මිනිස්සු එක රැයින් ලක්ෂපතියෝ කෝටිපතියො වෙන්න හදනවා වගේ අහිංසක මිනිස්සු හුරගෙන වංචාවෙන් කූට ආකාරයෙන් භාණ්ඩ විකුණනවා.ගමේ නගරයේ කියලා කිසිම වෙනසක් නැ.75%ක් එහෙම තමා.බඩු කිරන්නෙත් හොරට.ඒවත් සාපයක්ද වනවා රටට.

      Delete
Previous Post Next Post