සභාපති ඉල්ලා අස්වේ.. උප සභාපති උපවාසයක..


පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කේ.එස්.බී. රාජනායක මහතා අද (01) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාවේ ලේකම්වරිය වෙත භාර දී ඇති බව වාර්තා වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභාවට තේරී පත් වූ රාජනායක මහතා, සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂය සමඟ සන්ධානගත විය.

එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය වැඩි කොට්ඨාස සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද, සභාවේ බහුතර බලයක් හිමි කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සමගි ජන බලවේගය සහ සර්වජන බලය එක්ව පාලන බලය අත්පත් කරගන්නා ලදී.

මෙම එකඟතාවය අනුව සභාපති ධුරය සමගි ජන බලවේගයටත්, උප සභාපති ධුරය සර්වජන බලය පක්ෂයටත් හිමි විය.

කෙසේ වෙතත්, සභාපතිවරයා සහ උප සභාපතිවරයා අතර පසුගිය කාලසීමාව පුරා දැඩි මතභේදාත්මක තත්ත්වයක් පැවතිණි. සභාපතිවරයා අත්තනෝමතික ලෙස පාලන කටයුතු මෙහෙයවන බවට චෝදනා කරමින්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරන උප සභාපතිවරයා මීට සති කිහිපයකට පෙර විරෝධතා උපවාසයක පවා නිරත විය.

සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරියේදී සභාවේ පාලන බලය මෙහෙයවන ආකාරය පිළිබඳව නව තීරණයක් ගැනීමට නියමිතව ඇත.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 2, 2026 at 7:06 AM

    සජබේ. ඒකත් නිකම් ප්‍රාදේශීය සභාවක. ප්‍රාදේශීය සභා එකක දෙකක බලය මිසක් ඉතින් වෙන කොහෙවත් ලැබුණ බලයක් නෑ නේ මේ විපක්ෂ උන්දලාට.

    ReplyDelete
    Replies
    1. එකක දෙකක නෙමේ සෑහෙන ප්‍රමාණයක් ගත්තා. උඹලගේ මෙමරි ෆොර්මැට් වුනා වගේනේ උඹල කොහොමත් හැසිරෙන්නේ. වැලිගම නාට්ටියක් නටලා අන්තිමට සභාපතිවත් මරලා බලය ගත්තා මතකද?

      Delete
    2. වැලිගම මාලිමා පාතාලේ බලය අල්ලන්න අර මනුස්සයව මැරුවා. ඒක නම් අපිටත් අමතක වෙන්නෙ නැහැ. උණාකූරුවා සපෝර්ට් එක දෙන්න ඇති.

      Delete
  2. ඕවා මොනවද. මාලිමාවෙම එවුන් කී දෙනෙක් නම් ඉල්ලා අස් වුනාද.

    ReplyDelete
Previous Post Next Post