සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උණාකුරුවේ ශාන්ත නමැත්තාගේ සමීපතම ඥාති නිවසකට ඉලක්ක කර ගනිමින් පසුගියදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය, ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක පළ කරයි.
දෙවිනුවර, ගන්දර පොලිස් වසමේ ගල්ඒදණ්ඩ පාරේ පිහිටි මෙම නිවසට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් රැඳී සිට නොමැති අතර, තාප්පයට සහ නිවසේ බිත්තිවලට වෙඩි වැදීමෙන් අලාභහානි සිදුව තිබේ.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, මෙම නිවස උණාකුරුවේ ශාන්තගේ පාර්ශවයේ සමීපතම කාන්තාවකගේ ඥාති නිවසක් බවයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දෙවිනුවර දේවාලයේ පෙරහැරේ කාවඩි නර්තන කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට ආසන්නතම හේතුව වී ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට සමගාමීව, විදේශගතව සිටින බව කියන කංජිපාණි ඉම්රාන් සහ දෙහිබාලේ මල්ලි යන පාතාල සාමාජිකයන් අතර හුවමාරු වූ බවට සැක කෙරෙන තර්ජනාත්මක හඬපට කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
එම හඬපට මගින් දෙවිනුවර බස්නායක නිලමේවරයාට ද මරණ තර්ජන එල්ල කර ඇති බවත්, උණාකුරුවේ ශාන්ත සහ දෙහිබාලේ මල්ලි අතර පවතින වෛරය මෙමගින් තවදුරටත් උත්සන්න වී ඇති බවත් පෙනී යයි.
මේ අතර, තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සහ පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතා මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
දෙවිනුවර පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පවතින මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ගන්දර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Shooting Incident Linked to Rival Gang Conflict in Dewinuwara
A recent shooting targeting the residence of a close relative of organized crime figure Shanta Unakuruwa has been identified by police as potentially stemming from an ongoing feud between two powerful underworld factions. The incident unfolded late last night in the Galagedanda area of Dewinuwara.
According to reports, an individual arrived at the scene in a vehicle and discharged multiple rounds from a 9mm firearm before fleeing the area. Fortunately, there was no one at home during the attack, although the gunfire resulted in significant damage to the walls of the house and surrounding fence.
Police investigations revealed that the targeted premises belong to a female relative associated with Unakuruwa. Sources indicate that the motive for the shooting is linked to an existing conflict between two dance troupes participating in an upcoming procession at the Dewinuwara temple.
Accompanying this unsettling situation are several threatening audio recordings circulating on social media, purportedly exchanged between notorious gang members Kanjipani Imran, currently abroad, and fellow underworld figure 'Dehiwala Mally.' These recordings reportedly contain threats against the Dewinuwara Basnayake Nilame, heightening concerns over the longstanding animosity between Unakuruwa and Dehiwala Mally.
In light of the death threats received and broader security concerns surrounding the procession, Basnayake Nilame Thilina Madhusankha has lodged a formal complaint with the Senior Deputy Inspector General of Police for the Matara District.
In response to the escalating threat levels, police headquarters has announced that over 500 officers will be deployed to ensure security in the area during the event. The Gandara police are continuing their investigations into the shooting incident and the circumstances surrounding it.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කිසිම ආන්ඩුවකදී අහන්න දකින්න නොලැබුන ජරා දේවල් දැන් දකිනවා. කුඩු හැම තැනම. කසල කලමනාකරනයක් නෑ රටම ගදයි. ඩෙංගු වසංගතේ. සාගින්න උහුලන්න බෑ. ඉල්ලා අස්වෙයල්ල මිනිස්සු මරන්නෙ නැතුව.
ReplyDeleteYes, exactly true
ReplyDeleteඋණාකුරුවා සහ කංජිපානි එකට එකතු වෙලා වැඩ කරන්නේ. එයාල තමයි මාලිමාවේ නිළ පාතාල මෙහෙයුම් කරුවෝ.
ReplyDeleteඋණාකුරුවේ සාන්තගේ අයිස් හා කුඩු ලොරිය අහුවුන වෙලාවේ ඒ පැත්තේ පොලීසියේ OIC මාරු කරා.
Deleteඔය කුඩ්න්ගෙ කාවඩි කියල නටන ජරාව අයිම් කරල දැම්මනම් ඉවරනෙ පෙරහැරවල් වලින්. උන් වස විස ගහල ආතල් එකක් ගන්ව මිසක් නටන්නෙ නෑනෙ. දෙයියට කාවඩි ඕනමනම් ඉස්කෝලෙක දෙකක ලමයි දම්ිමල නැටෙව්වනම් ඉවරනෙ.
ReplyDeleteඑරගෙ ගුණසේකර කියන වල් පරයා කියනවා පෙරහැරවල් නිසා අනික් ආගම් වල අයගේ හිත් රිදෙනවලු. ඒ නිසා නුවර ඇසල පෙරහර නතර කරන්න ඕනලු.
ReplyDeleteඋගෙ අම්මට හුරුල්ලන් කවන්ඩ එපායැ.
Delete