අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ ප්රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී, දුරදක්නයක් ආධාරයෙන් ඇය දෙස බලා සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (21) නියෝග කළේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද දින කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කරන ලදී.
එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර සහෝදරයන් දෙදෙනෙකු ද වන අතර ඔවුන් කින්නියා සහ මොල්ලිපතාන යන ප්රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
තමන් කොළඹ ප්රදේශයේ රැකියාවල නිරත වන පුද්ගලයන් බව සැකකරුවන් පොලිසිය හමුවේ ප්රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Three Arrested Over Alleged Surveillance of Prime Minister in Colombo
While visiting a prominent hotel in Colombo, Prime Minister Harini Amarasuriya was reportedly observed by three individuals using a telescope. Following this incident, the Colombo Magistrate's Court has ordered that the suspects remain in custody until tomorrow, the 22nd.
The suspects, detained by the Kompannaveediya Police, were presented to Magistrate Pasan Amarasekara today.
During this court appearance, the magistrate instructed that a comprehensive report regarding the incident be submitted to the court by tomorrow.
Among those apprehended are two brothers, identified as residents of the Kinniya and Mollipathana areas.
The suspects claimed during police interrogations that they were employed in the Colombo region.
The Kompannaveediya Police are continuing their investigations into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

චෝදනා ගොනු කොරන්න වෙන්නෙ මෙලෝ සිහියක් ඇති එකෙක් නිකමටවත් බලන්නෙ නැති ආප්ප බාස් කෙනෙක් දිහා අධිතාක්ශණ උපකරණ භාවිතයෙන් බැලුව කියල.
ReplyDelete🤣🤣🤣🤣👍👍👍👍
Deleteමේක දැනගත්තාම ආප්පෙන් චු වැක් කෙරෙන්න ඇති
ReplyDeleteNodakin kalakanni hatta , ara kollupitiye ooni tharam gonnu inne. Balanna wena gonek hitiyema nadda ban
ReplyDeleteme meke awulak terene nadda ubalata ekiyane kolamba pradhana pele hotalekata mokata yanagaman da dane na neda balan hituye... meke metaram. prashnayak wendanam mokakhari awatiyal wadakata yanagaman wenda oni neda meka wela tiyanne.. nikan pawudgalika appa kadayak open karanda yanagaman wage 😁
ReplyDeleteදුරදක්නයෙන් බැලීම දණ්ඩ නීති සංග්රහයේ කුමන කොටසට අනුව වරදක් ද. මුන් තුන් දෙනා කොම්පැනි වීදියෙ විනොදය සදහා දුරදක්නයෙන් බලන විට නිශ්චිත කාන්තාව එම සීමාවට පැමිණියෙ නම් මෙම නිශ්චිත කාන්තාවට වැරදි පැටවීමට නොහැකිද? උදාහරණයක් ලෙස මම තලන්ගම වැවෙ දුරදක්නයකින් විනොදය සදහා කුරුල්ලන් නරඹමින් සිටින අවස්ථාවක මෙම නිශ්චිත කාන්තාව දුරදක්න සීමාවට පැමිණියෙ නම් මෙම වැරද්ද මගෙද නොතහොත් මෙම නිශ්චිත කාන්තාවගෙද? මෙය විහිලුට ගත යුතු දෙයක් නොව අපගෙ නිදහස පිළිබඳ ගැටලුවක් නිසා දැඩි පිළිතුරක් බලාපොරොත්තු විය යුතුය.
ReplyDeleteමානසික රෝග.. කුණු ආප්ප දිහා බලන් ඉන්න එවුන්..
ReplyDeleteදුර ඉඳල බ්යිනොඑකෙන් බැලුවේ අතේ පාරක්වත් ගහන්න පුළුවන් බඩ්ඩක්ද කියල බලන්න..හ්ම්ම්හු...කිසිම ලස්සනක් හැඩයක් නැති පරඩෑලක් වගේ.
ReplyDelete