දෙවිනුවර පෙරහැරෙන් අලි ඉවත් කරයි.. අහස් කූරු එවා අලින් කුලප්පු කරන සැලසුමක්..


 දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන පේළි පෙරහැරේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

වසර ගණනාවක සිට පෙරහැර සංවිධාන කටයුතුවල නිරත වූ සංවිධාන කමිටුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඇතුළු ආරක්ෂක අංශ ගත් තීරණයකට විරෝධය පළ කරමින් පෙරේදා (27) රාත්‍රියේ පෙරහැර කටයුතුවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත.

මෙම අර්බුදයට මුල් වී ඇත්තේ, විවිධ තර්ජන මධ්‍යයේ වුවද 6 වන පේළි පෙරහැර හෙවත් කාවාඩි පෙරහැර සඳහා සියලු කාවාඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ එකඟතාව පළ කිරීමයි.

මීට විරෝධය දක්වමින් සංවිධාන කමිටුවේ සාමාජිකයින් 38 දෙනෙකු පෙරහැර කටයුතුවලින් ඉවත් වී තිබේ.

පසුව ග්‍රාම නිලධාරීන් සහ පොලිසිය එක්ව පෙරහැර සංවිධානය කිරීමට උත්සාහ කළ ද, එහි විධිමත්භාවය පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බව වාර්තා වේ.

විශේෂත්වය වන්නේ, පසුගිය 23 වනදා සිට පැවති පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී වුවද, පෙරේදා රාත්‍රියේ පැවති පස්වන පේළි පෙරහැර සඳහා කිසිදු අලියෙකු සහභාගී කර නොතිබීමයි.

මේ පිළිබඳව පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, ඇත්ගොව්වන් කිහිප දෙනෙකු බීමත්ව සිටීම සහ කාවාඩි කරුවන් විසින් මල් වෙඩි දැල්වීම හේතුවෙන් අලි ඇතුන් කුලප්පු වීමේ අවදානමක් පැවති බැවින් මෙම තීරණය ගත් බවයි.

එසේම, පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් ඉලක්ක කර අහස්කූරු දල්වා ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සූදානම් වන බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් ද ආරක්ෂක පියවරක් ලෙස අලි ඇතුන් සහභාගී කර නොගත් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එවැනි කිසිදු අහිතකර තත්ත්වයක් පෙරහැර අතරතුර වාර්තා නොවූ අතර, අලි ඇතුන් සහභාගී නොවීම නිසා සිදුවීමට ඉඩ තිබූ අනාරක්ෂිත තත්ත්වයන් මඟහැරී ගිය බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.





Controversy Erupts During Historic Perahera in Deweniwala

The annual Esala Perahera at the historic Uppu Vann Sri Vishnu Devalaya in Deweniwala has taken a tumultuous turn during the fifth procession, prompting significant unrest among participants and organizers.

For many years, a dedicated organizing committee has managed the procession activities, but recently, the public security minister, Ananda Wijepala, alongside security forces, faced backlash for deciding to exclude nighttime activities from the procession this year.

The root of the conflict stems from recent security threats. The minister’s agreement with the security agencies to allow all Kavadi groups to participate in the sixth procession, known as the Kavadi procession, has raised concerns among organizing committee members, leading to dissent among its members.

In an act of protest, 38 members have withdrawn their participation from the procession management, compounding the existing tensions.

Despite attempts by local officials and police to proceed with the organization of the event, reports indicate that significant challenges arose while maintaining order during the procession, suggesting an escalation in disorderliness.

Police investigations revealed that some attendees were reported to have been intoxicated, leading to concerns about disruptions such as flower cannon firing by Kavadi bearers, which posed a risk of alarming the elephants involved in the procession.

Moreover, rumors circulated about potential plans to attack elephants during the procession with fireworks, prompting the decision to exclude them altogether from the event for security reasons.

However, organizers maintain that no adverse incidents have been reported during the procession itself, indicating that while the absence of elephants might have eliminated certain safety concerns, the overall flow of the event remained uninterrupted.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. Muntta peraherakatawath araksawak denne bari


    ponsiyo wagayak

    Yako walan sanith ekka karan evun hoyapalla?

    ReplyDelete
  2. කාදිනල් ඔබට සතුටුද දැන් .........ජෙප්පෝ පෙරහැරේ අලි ඉවත් කළා

    ReplyDelete
  3. මේක චිරාත් කාලයක් පවත්වාගෙන ආපු පෙරහැරක් වත් පවත්වාගෙන යන්න ඛැරි කාලකන්නි ආන්ඩූවක්

    ReplyDelete
  4. උපුල්වන් දෙවියෝ ඉන්නේ තුසිතයේ.
    මෙහේ දෙමළ පෙරහැරකට මරාගන්නවා.

    ReplyDelete
  5. දෙවිනුවර පෙරහර බෞද්ධ ආගමික කටයුත්තක් නොවුනත් මෙ රටෙ ස්වදෙශිකයින්ගෙ විශ්වාසය මත පදනම් වූ දෙවාගමෙ කොටසක්.ඉංග්‍රීසීන් පවා රට සම්පූර්ණයෙන්ම යටත් කරගත් පසු බෞද්ධ වගෙම දෙවාගම ආරක්ෂා කරන්න සහතික වෙනවා. හකුරගෙ ආණ්ඩුව සහ සහචරයින් සියලුම අත් මුල් විනාශ කරනවා. ගොවියන් ට කසිප්පු කාරයො කියලා නිහඩ කලා. මෙතනදි කුඩු පාතාලයක් දාලා කථා කරන මිනිස්සු නිහඩ කරනවා. අනාගමික ඒකාධිපති පාලනයක් සදහා මුල් පියවර. නමුත් කාදිනල් තමා සතුටුම

    ReplyDelete
  6. අලි ඇතුන් පෙරහැර වලින් ඉවත් කිරීමේ සැලසුමේ මුලික පියවර සාර්ථක උනා... මතක තියාගන්න මේ රට ඉතාම ඉක්මනට වෙනත් දෙස් විදෙස් බලවේග වලට යට වෙනවා...අනන්‍යතාවයක් නැති රටක් බවට මේක ඉක්මන පත් කරනවා...
    සිංහල බවුද්ද කියන වචනය දැන් හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ... සංඝයාවහන්සේලා පිරිහෙමින් යනවා....
    LGBTQ අදහස් වේගයෙන් පැතිරෙනවා
    අමන මෝඩ පරපුරක් බිහිවෙලා තියෙනවා
    උපත් අනුපාතය වේගයෙන් පහල බැහැල තියෙනවා
    ආර්ථියක සම්පූර්ණයෙන් IMF යටතේ....
    තව අවුරුදු උපරිම 50යි ....ඉන්දියාවට හෝ වෙනත් රටකට මේ රට යටත් වෙනවා

    ReplyDelete
  7. යකෝ එක එක උප්පරවැට්ටි දන්නේ නැතුව අමන widhayaka බලය පාවිච්චි කරලා පෙරහැර nawaththapalla. උබලට ඕනේ ඒක නේ.

    ReplyDelete
  8. දැන් පොලිසිය පේන කියනවාද?ෂෝක්
    පුනරුදය අතේ දුරින්.

    ReplyDelete
  9. දැන් පොලිසිය පේන කියනවාද?ෂෝක්
    පුනරුදය අතේ දුරින්.

    ReplyDelete
  10. නුවර ඇසල පෙරහැරෙන් අලි ඇතුන් ඉවත් කිරීමේ එන්.ජී.ඕ.පෙරහුරැව සාර්ථකයි වගේ.මුන්ම බොරු තර්ජනයක් කරලා නුවර පෙරහැරටත් වැඩේ දෙයි වගේ.ඩෝබියො කෑ ගහල කියපියව් කමක් නැහැ ඒත් අපි මාලිමාවට කියලා.

    ReplyDelete
Previous Post Next Post