ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගලයක්...


කෘෂිකර්ම අමාත්‍ය කේ
.ඩී. ලාල් කාන්ත මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ලබන සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව නිවේදනය කරයි.

එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.

ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් කුඹුරු ඉඩම් වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට අමාත්‍යවරයා කටයුතු කරන බවට තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කළේය.

පවතින නීති රීති සහ චක්‍රලේඛ අනුව කුඹුරු ඉඩම් ගොඩකිරීම හෝ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම තහනම් වුවද, අමාත්‍යවරයා බඩඉරිඟු බීජ ගෙන්වන මහා පරිමාණ සමාගම්වල කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ සභාපතිවරයා, ඔහු ගොවි ජනතාවගේ ප්‍රශ්න හඳුනා නොගෙන වගකීම් විරහිත ලෙස කටයුතු කරන බවත්, මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත් පැවසීය.

"ලාල් කාන්ත මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තුරු හෝ රජය ඔහුව ඉවත් කරන තුරු අපි ලබන සිකුරාදා සිට අලුත් වටයකින් සටන ආරම්භ කරනවා. ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි මේ අරගලය අත්හරින්නේ නැහැ," යැයි අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.






Farmers' Union Plans Major Protests Against Agriculture Minister

The National Farmers' Collective has announced plans to initiate massive protests starting this Friday, demanding the immediate resignation of Agriculture Minister Lal Kaantha. The announcement was made by the collective's president, Anurada Thenakoon, during a press conference.

Thenakoon accused the minister of violating agricultural development laws by allowing pumpkin fields to be repurposed for other crops. He emphasized that such actions compromise the rights and interests of local farmers.

Despite existing regulations that prohibit the development of pumpkin lands for construction or other activities, Thenakoon revealed that the minister is currently facilitating a contract with a large-scale company for the supply of chana (gram) seeds.

Critically assessing the minister's actions, Thenakoon asserted that he fails to recognize the issues faced by farmers and acts irresponsibly. The president also accused Kaantha of making false statements in public forums.

“We will commence a renewed struggle this Friday, continuing until Lal Kaantha steps down from his position or the government takes action to remove him. We will not abandon this fight for farmers' rights,” Thenakoon reiterated, emphasizing the determination of the collective.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. අපෙ සහයෝගය. නමුත් මගදි විකිණෙන්න බැහැ. ඉන්දියාවේ ජෙන් Z කොල්ලො කෙල්ලො අන්තිම වෙනකම් සටන අතහැරියෙ නැහැ. නුඹලා පළපුරුදු ගොවි නායකයො ඊටත් වඩා හොදට සටන ගෙනියන්න පුළුවන්.

    ReplyDelete
  2. අවුරුදු 76 ක් වර්ජන ගර්ජන මිනීමෑරුම් කඩාකප්පල්කාරී ක්‍රියා වලින් අපේ රට පස්සටම ඈදලා ජෙප්පෝJuly 27, 2026 at 9:07 AM

    අවුරුදු 76 ක් වර්ජන ගර්ජන මිනීමෑරුම් කඩාකප්පල්කාරී ක්‍රියා වලින් අපේ රට පස්සටම ඈදලා ජෙප්පෝ අදද අපේ රට හදන්න හදන්නේ...පච ද්‍රෝහී රෑල

    ReplyDelete
  3. මුන් වාචාල හැත්ත ම එලවන්න ඕනෑ.

    ReplyDelete
  4. මේ සුදු කරපටි රැකියාවක් කරන පුද්ගලයා තමන් ගොවියෙකු ලෙස හඳුන්වා දුන්නත්, ඔහුට කිසියම් පෞද්ගලික හෝ දේශපාලනික අමනාපයක් ඇති බව පෙනේ.

    අමාත්‍යවරයා පැවසුවේ, පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන යල්පැනගිය ක්‍රම, නීති සහ අදහස්වලින් ඉවත් වී, සමස්තයක් ලෙස ජාතික ආදායමට දායක වන සෑම බෝගයකින්ම ඉහළ අස්වැන්නක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇති බවයි.

    ReplyDelete
  5. Meke Inna Waachchala JVP Set Ekam Elawala Danna One... Munge Thiyenne Kuhaka Kama Hera Wena Deyak Nehe

    ReplyDelete
  6. නව ලිබරල් jeppo.

    ReplyDelete
  7. කොටාගෙ අම්මට​..... කරන්ට් බිල ඩබල් වෙලා යකෝ, මුලු රටම පාරට බැහැල කුඩුපට්ටම් කරන්න ඕනි පචයව​.

    ReplyDelete
    Replies
    1. අම්මට මොනවත් කියන්න එපා. කියන එකක් පුන්චි අම්මට කියපන්. මීට ඒකෙ

      Delete
  8. jeppo h-attha rata edath kawa, adath kanawa

    ReplyDelete
Previous Post Next Post