මෙරට ආයු අපේක්‍ෂාව ඉහල ගිහින්.. විනිසුරු සේවා කාලය දිගු කරන්නේ එනිසා..


අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ගොඩගැසීම පාලනය කර ජනතාවට කඩිනම් සහනයක් සැලසීම සඳහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අධිකරණවල නඩු ගොඩගැසීම හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාවෙන් ඔවුන් මුදා ගන්නා බවට රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව ඉටු කිරීම සඳහා අධිකරණ පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවතින සාධාරණ හේතු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"1978 වසරේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරන විට මෙරට උපතේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 66-67ක් පමණ වුණා. නමුත් අද වන විට සෞඛ්‍ය පහසුකම් දියුණු වීමත් සමඟ එය අවුරුදු 76-78 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ වෘත්තිකයන් රට හැර යාම නිසා ක්ෂේත්‍රයේ යම් පුරප්පාඩු ප්‍රමාණයක් ද පවතිනවා. මේ කරුණු සලකා බලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම කෙරෙහි රජය සාධාරණ ලෙස ඇහුම්කන් දී තිබෙනවා."

මීට පෙර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවුවද, ඊට සාපේක්ෂව විශ්‍රාම වයස ඉහළ නැංවීමක් සිදු නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පියවර හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.





Government Considers Raising Retirement Age for Judges to Alleviate Case Backlog

The Sri Lankan government is focusing on raising the retirement age for judges as a measure to control the mounting backlog of cases within the judicial system and to provide prompt relief to the populace, disclosed Health and Media Minister Nalinda Jayatissa.

Speaking to the media, the minister emphasized that the government is committed to addressing the pressures on the public caused by the overwhelming number of cases in courts. He pointed out that this commitment is enshrined in the government's election policy statement, which highlights the urgent need to expand the judicial system to fulfill this promise.

While elucidating the rationale behind increasing the retirement age for judges, the minister stated that when the retirement age was set in 1978, the average life expectancy in the country was around 66-67 years. However, with advancements in healthcare, this figure has now risen to between 76 and 78 years. He also noted that recent trends of professionals leaving the country have resulted in some gaps within the judicial sector, further justifying the government's consideration of this measure.

Previously, although the number of Supreme Court and Court of Appeal judges has been increased, the retirement age has not been adjusted accordingly. The minister underscored that the government hopes this decision will reinforce public confidence in the judicial system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. ආයුෂ වැඩි වෙලා නම් සිරදඬුවම් කාලයත් වැඩිකරයිද ?

    ReplyDelete
  2. ඒ උනාට ජෙප්පන්ගේ ආයු අපේක්ෂාව අඩු වෙලා බව මතක තබා ගන්න. 2027 වෙන විට 88-89 කළ අපරාධවලටත් දඬුවම් ලැබෙනු ඇත. පළිගැනීම, වෛරය දේශපාලනය තුලට ඇතුලු කලේ ප්‍රේමදාස, චන්ද්‍රිකා හෝ රජපක්ෂ නොව මාලිමා රජයයි. ඒ හැන්දෙන්ම උඹලාටත් ලැබෙන කොට ආයු අපේක්ෂාවක් තියා ගන්න එපා.

    ReplyDelete
  3. මුන් ලගදි මිනිස්සුන්ගෙන් ගුටි කනවා. ඒකයි ඇතුලෙ ඉදන් කයිවාරු ගහන්නෙ. මේ ලෝකෙ දැක්ක දොස්තරකමක් නොකරපු ජරාම දොස්තර

    ReplyDelete
  4. මුන් ලගදි මිනිස්සුන්ගෙන් ගුටි කනවා. ඒකයි ඇතුලෙ ඉදන් කයිවාරු ගහන්නෙ. මේ ලෝකෙ දැක්ක දොස්තරකමක් නොකරපු ජරාම දොස්තර

    ReplyDelete
  5. Panikkirala. හැමදේටම අපූරු උත්තර.

    ReplyDelete
  6. කොහොමද 76 අවුරුද්දක ශාපය. ජීවත් වෙන කාලය වැඩි welalu.

    ReplyDelete
  7. 76 aurudu sapen Rate unge ayusa wadi une me Aurudu 1/.5?api Gu kana jeppo hukki hukki hooo api Piliganna onamada?....

    ReplyDelete
  8. ආයු අපේක්‍ෂාව වැඩි වුනෙත් කලින් ආණ්ඩු වල වැරදි වලින් තමා. අනේ පකෝ.

    ReplyDelete
  9. 76 Aurudu sapen Ratatata Wadak nathi Avidina Pusthakala...

    Wana wana Avidinava Awida Awida Vananava 76 Auruddak..
    76 Auruddak Nomile iganagena Ratata Naya nogevapu sape....

    ReplyDelete
  10. Munta Thiyenne Puduma Diwawal... Hithena Hethen Hatiyata Kiyanne... Anith Un Moodyo Kiyla.. Thawa Avrudu 2 1/2 .

    ReplyDelete
  11. පිස්සුව තද වෙලා වැඩියි වගේ. නැද්ද හා?

    ReplyDelete
  12. නාකි මයින්නු සදා වැජබේවා!!
    අපි නාකි මයින්නු ප්‍රතිපත්තිය වෙනස් කරගත්ත සහෝදරයා. දැන් ඉතින් ඉදිරියට අලුත් ආණ්ඩුවක් පත්වනතෙක් විතරක් නාකි මයින්නු යනු වටිනා සම්පතකි. අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ ආයෙත් නාකි මයින්නු එලවා දැමිය යුතුය. ගෙදර යතුරු කැරැල්ලක් වත් අතට නොදිය යුතුය. දැන් නම් කාරී නැහැ

    ReplyDelete
    Replies
    1. පුනරුදයේ ජාතික නාකි මයින ප්‍රතිපත්තිය වෙනස් වෙලාද සහෝදරයා

      Delete
  13. ඔය කියන සෞඛ්‍ය දියුණු උනෙත් පසුගිය කලෙම තමා 2024 පස්සෙ එකපරම දියුණු වෙල ආයු කලය වෙඩි උනා නෙමෙයිනේ. මුන් කන්න ඔන උනාම කබරයා තලගොයා කරන මහම මහ කුහක ජාතියක්

    ReplyDelete
  14. ජේ.වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලා 😍🤮 තොපි කියපු බොරු, කරපු වංචා, මිනීමැරුම් වල ප්‍රතිවිපාක විදියට තොපි කුණු වෙලා, පණුවෝ ගහලා මැරිලා අවීචි මහා නරකාදියේ හටගෙන කල්ප ගානක් විඳවන්න වෙන බව සිහිකරගනිල්ලා 😡

    ReplyDelete
Previous Post Next Post