ශ්‍රී ලංකාව මේ වන විට ඩෙංගු ‘අධි වසංගත’ (Hyper-epidemic) තත්ත්වයකට මුහුණ දී සිටින බවත්, රෝහල්ගත වන රෝගීන්ගෙන් සියයට 80කට පමණ ‘ඩෙංගු 2’ වෛරස් ප්‍රභේදය වැළඳී ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, රෝහල්ගත වන රෝගීන්ගෙන් ඉතිරි සියයට 20ක පිරිසකට ‘ඩෙංගු 3’ වෛරසය වැළඳී ඇති බවයි. මීට පෙර 2017 වසරේදී ද මෙවැනිම දරුණු වසංගත තත්ත්වයක් ඇති වූයේ ‘ඩෙංගු 2’ වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් බව ඇය සිහිපත් කළාය.
මෙහිදී විශේෂ අනාවරණයක් කරමින් මහාචාර්යවරිය සඳහන් කළේ, ‘ඩෙංගු 2’ වෛරසය වැළඳුණු රෝගීන්ගේ ‘එන්.එස්. 1’ ඇන්ටිජන් පරීක්ෂණය ‘පොසිටිව්’ වීමේ සම්භාවිතාව අනෙක් ප්‍රභේදවලට වඩා අඩු මට්ටමක පවතින බවයි.
එබැවින් ඇන්ටිජන් පරීක්ෂණය ‘නෙගටිව්’ වූ පමණින් තමන්ට ඩෙංගු නොමැති බව තීරණය කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීම අතිශය අවදානම් සහගත බව ඇය අවධාරණය කළාය.
ඩෙංගු මරණ සහ සංකූලතා ඉහළ යාමට ප්‍රධානතම හේතුව රෝගීන් රෝහල්ගත වීමට ප්‍රමාද වීම බව මහාචාර්යවරිය පෙන්වා දෙයි. "ඩෙංගු මරණ වැඩිවෙන්නේ රෝහලට යන්න පරක්කු වෙන නිසයි. ඇන්ටිජන් පරීක්ෂණය නෙගටිව් වුණත්, උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්" යැයි ඇය සඳහන් කළාය.
දැනට රට තුළ ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ වෛරස් වැනි උණ රෝග කිහිපයක්ම ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, කල්තියා රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් ජීවිත අවදානම අවම කරගත හැකි බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

වසංගත පාලනය කොරන්න හෝ රෝගීන් බේරන්න නෙවෙයි මේ යක්කු උත්සාහ කොරන්නෙ. වසංගත වැඩි වෙනකං ඉදල මාජ්ජ ඉස්සරහ කැමරාවලට නාට්ටි පෙන්වන්න. එහෙන් මෙහෙන් ග්රාන්ට්වලින් ආධාරවලින් එදා වේල කාගෙන කොරන වැඩක් නෑ. ඔෂධ මාෆියාව සල්ලි දෙනවනං ඕනෑම ජරාවක් අහිංසක මිනිස්සුගෙ ඇගට ඇතුල් කරල ටෙස්ට් කොරනව.
ReplyDeleteඑහෙම කෙරුවෙ ගෝඨාභය නේද? මතක නැද්ද? කොරලා හොම්බෙන් ගියේ. අන්තිමට මීයන්ටවත් ටෙස්ට් කරලා නැති කොවිඩ් ඉන්ජෙක්ෂන් ලංකාවේ මිනිස්සුන්ට ගස්සවලා ටෙස්ට් කෙරෙව්වේ.
Deleteගෝටා මුලින් හැදුවෙ කෝවිඩ් ඉන්ජෙක්ශන් නොගෙන්වා ඉන්න. ඒ සල්ලි නැති නිසා. නමුත් එක එක හිපාටුවො ඉන්ජෙක්ශොන් ගේන්නෙ නෑ කියල කෑ ගහන කොට ෆෛසර් මොඩර්නා වගේ ඒවා ගෙන්නුව. ඒව ගේන එක පිටිපස්සෙ හිටියෙත් ඔය නිලූකා වගේ ඖෂධ මාෆියාවෙ ඒජන්තයො. ඒවා ගහල ඇග පණ නැතිවුනු, සදාකාලික හාට් පේශන්ට්ස්ලා වුනු ජීවිත නැති වුනු මිනිස්සු ලක්ශ ගාණක් ඉන්නව. ජේවීපී කියල නෑ, ඖශධ මාෆියාවෙන් සල්ලි එනවනම් ඕනම වසක් ටෙස්ට් කොරල දෙයි අගේට.
Deleteෆයිසර්, මොඩර්නා වර්ග දෙක ලංකාවේ ප්‍රධාන වශයෙන් ලබා දුන් වැක්සීන් දෙකක් නෙවේ. ෆයිසර්, මොඩර්නා කියන්නේ ඇමරිකන් වැක්සීන්ස්. මම ඔය දෙකම ගහගෙන තියෙනවා. ඇමරිකාවේත්, යුරෝපයේත්, ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේත් ඔය වැක්සීන්ස් දෙක දුන්නා මිලියන ගාණකට. කිසිම කෙනෙකුගේ ඇඟ පණ නැති වුණේ, හාට් පේෂන්ට්ස් ලා වුණේ, හෝ ජීවිත නැති වුණේ නෑ. ලක්ෂ ගණනින් තියා, එකෙක් දෙන්නෙක් වත් එහෙම වුණේ නෑ.
Deleteලංකාවේ බහුලව දුන්නේ සයිනොෆාම් (චීන) සහ ඇස්ට්‍රා සෙනකා (බ්‍රිතාන්‍ය). සයිනොෆාම් තමයි එන්නත් ගත් අයගෙන් 78%ක් අරගෙන තියෙන්නේ. පසු කාලීනව ඇමරිකන් රජයෙන් මොඩර්නා එන්නත් මිලියන 1.5ක් ලබා දුන්නා ආධාරයක් වශයෙන්, නොමිලේ. ඒක ලැබුණේ 8% කටත් වඩා අඩු පිරිසකට. මේ කිසිම එන්නතක් නිසා ලක්ෂ ගණනින් තියා එකෙක් දෙන්නෙක් වත් මිය ගියේ හෘදයාබාද හැදුනේ හෝ අබ්බගාත වුණේ නෑ.
මීට පස්සේ ඔහේ ඔලුවට එන පච කෙප්ප කෙලින්ඩ එපා, නොදන්නා මිනිස්සු ඇත්ත කියලා හිතන්ඩ පුළුවන්.
පතිරණ ගලක්කපති කියල රැකියා විරහිත කාලකණ්නි ජෙප්පෙක් කාලෙක සිට මෙතන කොටනව උගෙ හීනමානෙ නැති කොරගන්න හිතාගෙන. මූ වගේ නූගත් අඩු කුලේ මෝඩයො අඩුව පිරිමහ ගන්නෙ එහෙම. මෝඩ ගොනා ඇමරිකාව කැනඩාව ගැන දන්නව වගේ කොටනව කවදාවත් ලංකාවෙන් පිටත අඩිය තියල නැති වුනාට. ඉහත කෙනා කියල තියෙන ඇග පණ නැති වීම වගේම මිනිස්සු මිලියන ගාණක් නැති වුනා ඔය බඩකඩිත්තු ගහල. ඕස්ට්‍රේලියාවෙ විතරක් මේ වෙනකොට වැක්සීන් හානිවලට වන්දි ඉල්ලල නඩු මිලියන දෙකක් විතර විභාග වෙනව.
Deleteවෙලාවට කොවිඩ් කාලෙ මුන් හිටියේ නැත්තේ
ReplyDelete