දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.
ආරක්ෂක හේතූන් මත මෙම අංගය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරයා නිර්දේශ කර තිබියදී, එම නර්තන අංගය සඳහා අවසර ලබා දෙමින් බස්නායක නිලමේවරයා විසින් ලිපියක් නිකුත් කිරීම මෙයට හේතුවී ඇත.
දෙවිනුවර බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතා විසින් කාවඩි නර්තන ශිල්පීන්ගේ සංසදය වෙත 2026.07.26 දිනැතිව යොමු කරන ලද ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, 06 වන පේළි පෙරහර සඳහා කාවඩි නර්තන කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව ලියාපදිංචි කණ්ඩායම් 25 කට පමණක් නර්තනයේ යෙදීමට අවසර ලබා දෙන බවද එම ලිපියේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම තීරණය පොලිස්පති විසින් මීට පෙර නිකුත් කරන ලද ආරක්ෂක උපදෙස්වලට පටහැනි වේ. පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් සහ විදේශගතව සිටින 'කංජිපානි ඉම්රාන්' නමැති අපරාධකරු විසින් බස්නායක නිලමේවරයාට එල්ල කර ඇති මරණ තර්ජන සැලකිල්ලට ගනිමින්, මෙවර කාවඩි අංගය පෙරහරෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි අංශ වාර්තා මඟින් අනතුරු අඟවා තිබුණේ, 40,000 කට අධික ජනතාවක් රැස්වන මෙම අවස්ථාවේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල වීමේ හෝ මහජන කලබලයක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
එම අවදානම සැලකිල්ලට ගෙන මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ද බස්නායක නිලමේවරයා වෙත නියෝග කර තිබුණේ කාවඩි නර්තන අංගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
Controversy Surrounds Kavadi Dance at Dewinuwara Annual Festival
A heated controversy has emerged regarding the Kavadi dance component of the 769th annual Esala Maha Perahera at the historic Sri Vishnu Maha Devalaya in Dewinuwara. This follows security recommendations from local authorities to remove the dance from the festivities.
Police Chief and District Secretary have urged the removal of the Kavadi dances, citing safety concerns. However, this was contradicted by a letter issued by the Basnayake Nilame, which granted permission for the dance to proceed, leading to the current discord.
In a letter addressed to the Kavadi dance performers' association dated July 26, 2026, T. Madhushanka, the Basnayake Nilame of Dewinuwara, indicated that he holds no objections to involving Kavadi dance groups in the parade. The letter further clarified that permits would be granted to approximately 25 registered groups to participate in the dance.
This decision appears to conflict with prior security advisories issued by the Police Chief, particularly in light of ongoing gang rivalries and death threats directed at the Basnayake Nilame from a criminal known as 'Kanjipani Imran,' currently abroad. The Police Chief had explicitly advised the District Secretary of Matara to remove the Kavadi element from this year’s procession.
Reports from intelligence agencies, including the State Intelligence Service, have warned of a serious risk posed by drone technology during an event expected to draw over 40,000 attendees, raising fears of a potential attack or public disorder.
Given these threats, District Secretary Chandana Thilakarathna has instructed the Basnayake Nilame to take immediate steps to eliminate the Kavadi dance from the festivities, underscoring the authorities' commitment to public safety.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හරිය ට ම හරි
ReplyDeleteමෙතන තියෙන්නේ පාතාල ගැටලුවක් නෙමෙයි
මෙතෙන්දි අදාළ වෙන්නේ බුද්ධි අංශ වාර්තා නෙමෙයි
මේ කාව්ඩි විරෝධය එන්නේ තනිකරම මූළධර්මවාදී ආගමක න්‍යාය පත්‍රය උඩ
ඒ කට්ටිය සංතෝස කරන්න තමයි කාවඩි තහනම් කරන්න හදන්නේ
බස්නායක නිළමේ ගේ තීරණය 200%ක් නිවැරදියි.
අනිවාර්‍යෙන්ම මේ තර්ජන, පාතාලය සහ ආණ්ඩුව එකතුවෙලා කරන ප්‍රොජෙක්ට් එකක්.
ReplyDeleteඒ ගොල්ලොන්ට ඕන බුද්ධාගම මේ රටේ ඕනවට වඩා ඉලිප්පිලා පේන එක නවත්තලා,අනිත් ආගම් දෙක වගේ තවත් එක සාමාන්‍ය ආගමක් බවට පත් කරන්න..
කාවාඩි කවදත් නැටුව. කිසි ප්‍රශ්නයක් වුනේ නෑ. පුනරුදය ට තමයිප්‍රශ්නෙ
ReplyDeleteජෙප්පන් උත්සාහ කරන්නේ පෙරහැර නම් සංස්කෘතික අංගය රටෙන්ම.තුරන් කරන්න. පාතාලය මඩින්න ආපු එවුන් පාතාලයට බය වෙන්න හේතුවක් නැහැ.
ReplyDeleteමින් ඉදිරියට මාළිමාවට එරෙහි උද්ඝෝෂණ, පෙළපාලි, ආදියේ දී, කාවඩි නැටුම් ඉදිරිපත් කිරීමට, විරුද්ධ පක්ෂයේ කොන්දක් ඇති පිරිස් (ආණ්ඩුවට බයේ ඉන්න කට්ටිය නෙමේ) මතක තබා ගත යුතුය.
ReplyDeleteපෙරහෑරවල් නවත්වන්න අන්ඩ්‍රයියලා ගහපු යටිකූට්ටු ගේමක්වත්ද ?
ReplyDelete159 දාලා කාවඩි නර්තනයක් දාන්න බස්නායක නිලමේ තුමෝ.අනිවාර්යෙන්ම ගොවියෝ ටික දෙයි ආරක්ෂාව
ReplyDelete