වත්තල හෝටලයක වෙඩි.. අයෙක් මරුට...

 


වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයක් අතරතුර (23) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

කදිරාන පාලම ආසන්නයේ පිහිටි අදාළ උත්සව ශාලාවේ දරුවෙකුගේ උපන්දින සැමරුමක් පැවැත්වෙමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.





Tragic Shooting at Birthday Celebration in Wattala Claims One Life

In a shocking incident in the Palliyawatta area of Wattala, one individual sustained critical injuries from gunfire during a birthday celebration at a local event hall on the night of the 23rd. Authorities have confirmed that the victim later succumbed to his injuries.

The shooting occurred while attendees were commemorating a child's birthday near the Kadiran bridge, leading to a harrowing scene that unfolded amid the festivities.

Emergency responders rapidly transported the injured party to the Colombo National Hospital. Despite efforts to save him, reports indicate that he passed away shortly after being admitted.

The Wattala police are currently conducting a thorough investigation into the incident, seeking to uncover the circumstances surrounding this tragic event.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ගල්කටස්

    ReplyDelete
  2. පච ලප කොටාගේ සාපය

    ReplyDelete
  3. ජාතික ආරක්ෂාවට දිව්‍ය ලෝකයෙන් දේව බළඇණියක සහාය අවශ්‍යයි.

    ReplyDelete
Previous Post Next Post