
2026.07.15 දින සවස් කාලයේ කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන අංශයේ රාජකාරි යෙදී සිටි නිලධාරින් යතුරු පැදියක් පරික්ෂා කිරීම සඳහා සංඥා කර ඇති අතර එම සංඥා වලට අවනත නොවී යතුරුපැදිකරු නොනවත්වා ධාවනය කිරීමක් සිදුකර ඇත.
පලා යන යතුරු පැදිය යම් අපරාධයකට සම්බන්ධ බවට සැකසිතී ඇති බැවින් මෙම යතුරු පැදිය පසුපස රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනා හබාගොස් ඇති අතර කටුනායක පොලිස් වසමේ දැවමොට්ටාව ප්‍රදේශයේදී එම යතුරු පැදිකරු හා පසුපැදිකරු යතුරු පැදිය අතහැර පලායාමක් සිදු කර ඇත.
මෙහිදී නිලධාරින් වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් පසු පස හබා ගොස් පලාගිය සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු එක් නිලධාරියෙකුගේ ආරක්ෂාව යටතේ රඳවා අනෙක් නිලධාරියා විසින් සැකකරුවන් පැමිණි යතුරුපැදිය පරීක්ෂාව සඳහා පිටව ගිය අවස්ථාවේදී සැකකරු අවි සහිතව සිටි පොලිස් නිලධාරියාට බලහත්කාරය පාමින් නිලධාරියා සමඟ පොර බදා පහරදීමක් සිදුකර ඇත.
එම අවස්ථාවේදී මෙම සැකකරු පොලිස් නිලධාරියා සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීමක් සිදුකර ඇත. මෙම ගැටුම සම්බන්ධව එම ස්ථානයට ආසන්න මාර්ග බාධකයේ පොලිස් නිලධාරින් දැන ගැනීම මත ගැටුම සිදුවන ස්ථානයට මාර්ග බාධකයේ පොලිස් නිලධාරියෙකු පැමිණෙන අවස්ථාවේ සැකකරු විසින් එම නිලධාරියා දෙසට වෙඩි තැබීම හේතුවෙන් එම නිලධාරියා තුවාල ලබා ඇත. සැකකරු එම අවස්ථාවේ ගිනි අවිය පෙන්වා බිය ගන්වා මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක්ද කොල්ලකා පලාගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබිණි. ඒ අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයෙදී වෙඩි තැබීම සිදුකල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු භාරයේ තිබූ පොලිස් නිලධාරියාගේ ගිනි අවියද කොල්ලකන ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව 2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සේවය කරන ලද අයෙක් බවට විර්මශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලටත් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලටත් ඇතුලත් කර ඇති අතර අනෙක් සැකකරු අඩංගුවට ගැනීමට විර්මශන පවත්වාගෙන යනු ලබයි.
Gunfire Erupts in Katunayake Motorcycle Chase, Officer Injured
Late on the evening of July 15, a routine vehicle check conducted by officers from the Katunayake Police Station took a dangerous turn when a motorcyclist failed to stop for inspection and sped away.
The motorcycle was suspected of being connected to criminal activity, prompting two officers from the vehicle division to pursue the fleeing rider. The chase intensified in the Dawamottawa area of Katunayake, where the suspect abandoned the motorcycle and attempted to flee on foot.
Responding swiftly, officers managed to apprehend one of the suspects. While under the custody of one officer, the arrested individual fled during a brief moment when the other officer went to inspect the motorcycle the suspects had abandoned. In a shocking twist, the suspect attacked the officer with a firearm, forcefully engaging in a struggle.
During the altercation, the assailant managed to seize the officer's weapon. Alarmed by the commotion, nearby officers at a roadblock became aware of the situation and rushed to the scene. As they approached, the suspect deliberately fired at one of the officers, resulting in injuries to the law enforcement personnel. The aggressive suspect then brandished the stolen firearm and stole a motorcycle that was passing by in a brazen act before making a getaway.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
උ සමහරවිට පොලිසිය ඇතුලේ කුඩුවේ එල්ලිලා මැරිලා ඉඳල හොයා ගනීවි හෙට උදේ
ReplyDelete