කුරුණෑගල කාර් එක ගිනි ගැනීම ගැන ඇත්ත කතාව එලියට.. පොඩි දරුවාට චෝදනා බොරු..- පොලිසිය


 කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් කුඩා ළමයෙකු ගමන් කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝව තුලින් දරුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදුකර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬ පටයක්ද අතුලත්ව ඇත.

මෙම කාර්‌ රථය ගිනි ගැනීමේ සිදුවීම කුරුණෑගල පොලිස් වසමේ පිහිටි විදුහල් භූමියක සිදුවීමක් බවට අනාවරණය වී ඇත. කුරුණෑගල පොලිස් ස්ථානය මඟින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබා දී ඇති වාර්තාව අනුව, 2026.07.03 දින කුරුණෑගල නගරයේ විදුහල් භූමියක ලක්ෂ 140 ක් පමණ වටිනා කාර් රථයක් ගිනිගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 08 ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවට සදහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබී ඇත.

කුරුණෑගල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා දරුවා වයස අවුරුදු 08 ක් පමණ වන එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුවෙකු බවට අනාවරණය කරගෙන ඇත.

එසේ වුවද මෙම වීඩියෝවේ දර්ශණය වන දරුවා කාර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පර්යේෂණ සාක්ෂියක් හෝ මෙතෙක් අනාවරණය වී නැත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් ගරු අධිකරණයට කරුණු වාර්තා කර විර්මශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යනු ලබන අතර රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් ද ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර ඇත.





Investigation Underway Following Viral Video of Car Set on Fire by Young Boy in Kurunegala

A recently circulated video on social media depicts a car being engulfed in flames, with a small child observed walking nearby. The footage includes audio suggesting that the child was responsible for setting the vehicle ablaze.

The incident took place at a school ground in the Kurunegala police jurisdiction. According to reports from the police station, on July 3, 2026, a vehicle valued at approximately 1,400,000 rupees was set on fire, with an 8-year-old child identified as a potential suspect connected to the incident.

The Kurunegala police have initiated an investigation, revealing that the child captured in the video is a student from the same school, aged around eight years.

However, no conclusive evidence has yet surfaced to substantiate the claim that the child actually ignited the car, with no witnesses or investigative evidence supporting this assertion so far.

In response to the incident, the Kurunegala police have reported the findings to the esteemed court and are continuing their investigation, while the government analyst office is working to gather forensic evidence related to the cause of the fire.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post