අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ. පැය පහ හයක් බලන්න බැරි හින්දා දන්නේ නැහැ කිව්වා, බැරි වෙච්ච හින්දා දන්නේ නැහැ කිව්වා. මැරිච්ච ගාන හොයාගන්නේ ෆේස්බුක් එකෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කලේ කෝට්ටේ පැවති රැස්වීමකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා
"මා ස්තූතිවන්ත වෙනවා ඔබතුමන්ලා සියලු දෙනාටම, මේ නාගරික කොට්ඨාසයක සතියේ දවසක රෑ බෝ වෙලා අපේ කොට්ඨාස රැස්වීමත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.
අද අපි ගම්වලට යනකොට, නගරවලට යනකොට අපේ හාමුදුරුවනේ අද අපි එක්ක විශාල පිරිසක් ඒකරාශී වෙනවා. අපිට ඡන්දය දීපු, නොදීපු හැම කෙනෙක්ම අපේ රැස්වීම්වලට එනවා. ඒ විශ්වාසය මොකද? මොකද ඔබට විශ්වාසයක් තියෙනවා මේ රටට වැඩ කරපු දේශපාලන බලවේගයක් විදිහට. වැඩ කරලා, කරපු දේ කියන්න පුළුවන්, කියපු දේ කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් විදිහට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ශක්තිය තියෙනවා කියලා ඔබතුමන්ලාගේ අවශ්‍යතාවය ඉටු කරන්න.
අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා. දැන් අපේ හාමුදුරුවනේ ආණ්ඩුව කියපු බොරු ටික ඔප්පු කරගන්න විදිහක් නැතුව, ආණ්ඩුව කියපු බොරු ටික ඔප්පු කරගන්න විදිහක් නැතුව ඒ බොරුව වහන්න තවත් බොරුවක් කියනවා. ඒ කියන බොරුව වහන්න තවත් බොරුවක් කියනවා.
බලාපොරොත්තු දුන්නා තරුණ පරම්පරාවට, වැඩිහිටියන්ට. ඒ බලාපොරොත්තු සුන් කරලා දැම්මා මේ ආණ්ඩුව. උපාධිධාරීන්ව ගෙයින් ගෙට යැව්වා, බලයට ආපු ගමන් රස්සා දෙනවා කියලා.දැන් බලයට ආවට පස්සේ මොකක්ද කරේ? රස්සාව ඉල්ලන් ආපු උපාධිධාරීන්ට පොලීසියෙන් දාලා ගහලා පැන්නුවා.
අද කර්මාන්තශාලාවක් අලුතෙන් ආයෝජනය කරන්න කෙසේ වෙතත්, තියෙන කර්මාන්තශාලා වැහිලා යනවා.අපිට ඉන්නවා කම්කරු ඇමතිවරයෙක්, අර හාම්පුතාගේ පැත්ත ගන්න. සේවකයාගේ පැත්ත ගන්න එක නෙවෙයි. ඔහු සේවකයා වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. සේවකයාගේ අයිතිය රකින්න ඔහු මැදිහත් වෙන්නේ නැහැ. දිනෙන් දින රැකියා අහිමි වෙනවා. කර්මාන්ත වහලා ආයෝජකයෝ එළියට යනවා. කොටස් වෙළඳපොල ආයෝජනය කරපු ආයෝජකයෝ කොටස් වෙළඳපොලෙන් ඈත් වෙනවා.
ආණ්ඩුව 159ක් පෙන්න පෙන්න බය කරලා, ආණ්ඩුව හිතුවා කොටස් වෙළඳපොල ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. ආණ්ඩුව හිතනවා නම් 159යි, අල්ලස් හා දූෂණ කොමිසමයි, CID එකයි පෙන්නලා කොටස් වෙළඳපොල ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා. ඒක වෙන්නේ නැහැ. අද කොටස් වෙළඳපොල විශ්වාසය බිඳවැටෙනවා විදේශ ආයෝජකයන්ගේ.
සංචාරක ව්‍යාපාරය කඩන් වැටිලා. මැදපෙරදිග යුද්ධයක් තියෙනවා. හැබැයි මැදපෙරදිග යුද්ධය නිසා සංචාරක ව්‍යාපාරයේ බලපෑම ලංකාවට විතරක් තියෙන්න විදිහක් නැහැ. ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ, විකල්ප දෙන්න ඕනේ. වියදම අඩු කරගන්න, සංචාරක ව්‍යාපාරයේ උදවියට සහනයක් දෙන්න ඕනේ. ඒ තුළ අපි කලාපයේ අනෙක් රටවල් එක්ක සන්සන්දනාත්මකව බලනකොට, අපේ ව්‍යාපාර ක්ෂේත්රය ඇතුළේ අපිට ඔවුන් එක්ක තරඟ කරන්න පුළුවන් පිරිවැයට මේක අවම කරලා දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව ඒක කරන්නේ නැතුව දිනෙන් දින බදු ගහනවා. නිෂ්පාදන ආර්ථිකය කඩන් වැටෙනවා.ජීවන වියදම බලන් ඉද්දි ඉහළ යන්නේ. ආණ්ඩුව ගේනවා බාල ගල් අඟුරු. බාල ගල්අඟුරු ගෙනාපු ආණ්ඩුව, අපේ හාමුදුරුවනේ, මගේ ආදරණීය අම්මේ තාත්තේ මිත්‍රවරුනේ, ඒ පාඩුව, ඒ වෙච්ච අලාභය, ඒ හොරකම නිසා, ඒ වංචාව නිසා වෙච්ච පාඩුව මකා ගන්නේ කොහොමද?
ඒ පාඩුව ජනතාව පිට පටවනවා. දිනෙන් දින විදුලි බිල වැඩි කරනවා, ජල බිල වැඩි කරනවා, තෙල් මිල වැඩි කරනවා, රුපියල් සීයක් වැඩි කරලා විස්සක් අඩු කලාම අප්පුඩි ගහනවා. මේක තමයි ආණ්ඩුවේ න්‍යාය පත්‍රය. ජීවන වියදම එන්න එන්න වැඩි වෙනවා. අපි කලාපීය රටවල් එක්ක, ලෝකයේ රටවල් එක්ක සංසන්දනාත්මකව බලනකොට ජීවන වියදම වැඩිම නගරයක් බවට කොළඹ නගරය අද පරිවර්තනය වෙලා තියෙනවා.
කෝට්ටේ ජීවත් වුණු ඔබට ඒක දැනෙනවා. ඒ වගේම තමයි රටේ නිෂ්පාදන ආර්ථිකය මේ නිසා කඩන් වැටෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩියි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා අසරණ වෙලා, ඔවුන්ගේ පොලිය, පොලි අනුපාතයන් වැඩිවෙලා, බදු ප්‍රමාණය වැඩිවෙලා, බැංකුවට පොලිය ගෙවලා බද්ද ගෙව්වම ආණ්ඩුවට ඉතිරි වෙන දෙයක් නැහැ. ඒ හින්දා අද ව්‍යාපාර වහලා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ගෙට වෙලා ඉන්නේ.
ආණ්ඩුව හිතනවා නම් මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ බඩට ගහලා, ආණ්ඩුව පෝසත් කියලා අපිට ට්‍රිලියනයක් සල්ලි තියෙනවා කියලා පම්පෝරි ගහන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා.
අපි මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ රකින්න ඕනේ. අද උසස් පෙළ ලියන දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. අඩුගානේ විෂය භාර ඇමතිවරයා විදිහට, අගමැතිවරයා මේකට ඇහුම්කන් දෙන්න.
බලයට එන්න කලින් නම් කිව්වා, අරගලෙත් ඉස්සරහම බෝඩ් උස්සන් හිටියේ, ආණ්ඩුවෙන් ජනතා බදු සල්ලි වලින් හදන එකක් හරි විවෘත කරන්න දේශපාලඥයෝ මොකටද කියලා. හැබැයි අපි දැක්කා පහුගිය දවස්වල අගමැතිතුමිය ගිහිල්ලා ගිය ආණ්ඩුවලින් හදපු බිල්ඩිමක් විවෘත කරනවා. කරන්න බැරිනම් නොකියා ඉන්න. බොරු කියන්න එපා.
මට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ, එයාගේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ. පැය පහ හයක් බලන්න බැරි හින්දා දන්නේ නැහැ කිව්වා, බැරි වෙච්ච හින්දා දන්නේ නැහැ කිව්වා. මැරිච්ච ගාන හොයාගන්නේ ෆේස්බුක් එකෙන් අධිකරණ ඇමති.
මේ ආණ්ඩුව මේකට වගකියන්න ඕනේ. අද ඔබ දන්නවා මේ අපේක්ෂා කරපු අම්මලා තාත්තලා මේක දන්නවා. ඔබේ දරුවන් අල්ලගෙන ගිහිල්ලා, කුදලගෙන ගිහිල්ලා පනස් හතර ගහලා ඇතුලට දාන්නේ. හේතුවක් නැහැ, හවසට ප්රවෘත්ති කියනකොට ක්ලීන් ශ්‍රී ලංකා අපි මෙච්චර ක්ලීන් කරා කියලා ඔබේ දරුවාගේ නම දාන්නේ.
අවසානයේ මොකක්ද වෙන්නේ? ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්රයකට මේ රටේ තරුණ පරම්පරාව ගොදුරක් බවට පත්වෙනවා. සියයට හැටකට වඩා ඉන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය. ඒ අය පුනරුත්ථාපනය කරන්නේ නැතුව හිරගෙවල් වල දාලා හරියන්නේ නැහැ. 2020 සිදුවීමත් එක්ක, මහර සිදුවීමත් එක්ක වාර්තාවක් හැදුවා සම්පූර්ණයෙන්ම මේක රිෆෝම් වෙන්නේ කොහොමද කියලා. අපේ හාමුදුරුවනේ, සම්පූර්ණයෙන්ම මේ ක්‍රමවේදය වෙනස් කරලා මේ පීඩනය අවම කරගන්නේ කොහොමද කියලා. ආණ්ඩුව ඒක ගනන් ගත්තේ නැහැ. ඒ වාර්තාව විසික් කරලා දැමුවා.
හොරුන්ට අලුතෙන් බන්ධනාගාර හදන්න තිබ්බේ, ඒක නැවැත්තුවා. හැමදේම මාධ්‍යයට දාගන්න ඕන හින්දා දරුවෝ ටික ගිහිල්ලා ඇතුලට දානවා.ඔන්න ඔය ආකාරයට වඩා පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ආණ්ඩුව හදන්න ඕනේ. ඒවට සැලසුම් හදලා තිබ්බේ. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා විතරයි ආණ්ඩුව වෙනස් වුණේ. අද 11,000ක් දාන්න පුළුවන් තැනට 45,000ක් දාගෙන වහලා. අඩු ගානේ නිලධාරීන්ට, අඩු ගානේ ඒකට අවශ්‍ය නිලධාරී ටික දෙන්න. නැහැ, 3,000ක් රැඳවියෝ ඉන්න තැනට 180කට බලාගන්න කියනවා. බන්ධනාගාරය ඇතුළේ වෙන සිදුවීම් පිළිබඳව හොයලා බලන්න ආණ්ඩුවේ බුද්ධි අංශ දුර්වලයි. බන්ධනාගාරය ඇතුළේ යම් සිදුවීමක් සිද්ධ වෙනවා නම්, බුද්ධි අංශ තොරතුරු ආණ්ඩුවට තියෙන්න ඕනේ ඒකට ක්‍රියාත්මක වෙන්න. එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. ඇමතිවරයා ෆේස්බුක් එකේ බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. ඒ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ගන්න ඕනේ. හරි කවුද, වැරදි කවුද කියන කාරණය පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ.
තාම ඒ අහිංසක ජීවිත, 30කට ආසන්න ප්‍රමාණයක ජීවිත අහිමි වුණා, ඒ මරණයේ උණුසුම තාම ගිහිල්ලත් නැහැ. ඒ හින්දා මම ඒකේ හරි වැරදි ගැන මම කතා කරන්න යන්නේ නැහැ. හරි වැරදි ගැන කතා කරන්න ඒකට වෙලාවක් එනවා.බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වෙච්ච පළවෙනි අවස්ථාව. මේ අවස්ථාව. 2012 ඔබට මතක ඇති. ඒක දේශපාලනීකරණය කරපු විදිහ.මම ඒකට ලෑස්ති නැහැ. මම ඒක දේශපාලනීකරණය කරන්න යන්නේ නැහැ. ඒ දෙමව්පියන්ගේ වේදනාව අපිට දැනෙනවා. ඒ රැඳවියන්ගේ, ඒ නිලධාරීන්ගේ, දරුවන්ගේ වේදනාව අපිට තේරෙනවා. ඒ අම්මා තාත්තාගේ වේදනාව අපිට තේරෙනවා. ඒ හින්දා අපි ඒ වේදනාව උඩින් මේක දේශපාලන කාරණයක් කරන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. හැබැයි මේක ගැන හොයන්න ඕනේ.
මේක ගැන හොයන්න ඕනේ විතරක් නෙමෙයි, නියෝග දුන්නැත්තේ ඇයි කියලා හොයන්නත් ඕනේ. අද ඇමතිවරයාගේ මූණට කියනවා අපිට නියෝග හම්බුණේ නැහැ කියලා. නියෝග දුන්නා නම් දුන්නේ කවුද කියලත් හොයන්න ඕනේ. ඇයි දුන්නැත්තේ කියලත් හොයන්න ඕනේ. මේක පිටිපස්සේ සැඟවිච්ච රහසක් තියෙනවාද කියලා හොයන්න ඕනේ. මෙවැනි සිදුවීම් තුළ මේ රටේ සමාජ ව්‍යසනයකට රට ඇරගෙන යන්න සැලැස්මක් තියෙනවාද කියලා මේකට හොයන්න ඕනේ. මොකද අපිට... අපේ හිතේ සාධාරණ සැකයක් තියෙනවා. තියෙනවා පැය 48ක් යනකන්, පැය 24ක් යනකන් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි කියලා. මොකද මෙවැනි සිදුවීමකට ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඇයි කොමසාරිස්වරයෙක් පත් කරේ නැත්තේ කියලා. මානව හිමිකම් එකෙන් නිර්දේශයක් ලැබිලා තියෙද්දි, ඇයි හිතලා මතලා කොමසාරිස්වරයෙක් පත් කරන එක පරක්කු කරේ කියලා. මේවා ගැන හොයන්න ඕනේ.
මොකද අපිට සාධාරණ සැකයක් තියෙනවාද, ගොවියා, ධීවරයා, කම්කරුවා, මේ රටේ ව්‍යවසායකයා පීඩාවට පත් කරන සමාජ ව්‍යසනයක් තුළින් මේ ආණ්ඩුව තමන්ගේ බලය ලබාගත්තා වගේම බලය පවත්වාගෙන යන්නත් උත්සාහ කරනවාද කියලා. ඔවුන් බලය ලබාගත්තේ පීඩනය ඇතුළේ. ඒ පීඩනය නිර්මාණය කරේ ඔවුන්. අද බලය රඳවා ගැනීමේ න්‍යාය පත්‍රයත් ඒ සමාජ ව්‍යසනයක පීඩනයක් ඇතුළෙන් ක්‍රියාත්මක කරනවාද කියන කාරණය පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕනේ.
අද මේ නාගරික ප්‍රදේශවල ජීවත් වෙන අම්මලා තාත්තලාට තේරෙනවා තියෙන ජීවන වියදම. අද අපේ ගම්වල දෙමව්පියන්ට ඒක දැනෙනවා අපේ හාමුදුරුවනේ. වී වලට මිලක් නැහැ, ආණ්ඩුවෙන් පොහොර දෙනවා, පොහොර ගහලා ඉවර වුණාම ඒ පොහොර වල පලක් නැහැ, රුපියල් 18,000ට 20,000ට පොහොර ටික ගන්න ඕනේ. ගාල්ලට යනකොට මාදුගොඩ මන්ත්‍රීතුමා ඉන්නවා, ගාල්ලේ යනකොට කුඩා තේ වතු හිමියාගේ තේ දළු වලට ලැබෙන මිල අඩු වෙලා තියෙනවා. එදා මිල අඩු වෙනකොට උද්ඝෝෂණය කරා කිව්වා. එදා තෙල් මිල වැඩි කරනකොට ඇමතිගේ සාක්කුවට සල්ලි යනවා කිව්වා. මේ කාරණා පිළිබඳව අද ආණ්ඩුව කිසිම තැකීමක් නැතුවඇහුම්කන් දෙන්නේ නැතුව, අර අපේ භාෂාවෙන් කියනවා නම් IRC පාර්ට් එකෙන් ආණ්ඩුව දුවන්න හදනවා. දැන් අපි ආණ්ඩුවේ 159 දෙනෙක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. මම අපේ හාමුදුරුවනේ හිතුවේ 159 විතරයි පාර්ලිමේන්තුවේ පාපිසි කියපු එක්කෙනා මල්පෝච්චියක් කියලා. බලනකොට කියපු එකා ඊට වඩා ලොකු පාපිස්සක්.
ඉතින් ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණා කරලා දැන්වත් බොරුව නවත්තන්න. බොරුව නවත්තන්න. අද ජනතාව ඒකරාශී වෙනවා. අපි යන හැම ගමකම අපේ දෙමව්පියෝ, තරුණ පිරිස්, අපි වටා ඒකරාශී වෙනවා. අපිට වැඩපිළිවෙලක් තිබ්බා, අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය කියන්නේ, අපේ හාමුදුරුවනේ ඔබේ දරුවාගේ දේශපාලන බලවේගය.
මේ නාගරික ජනකොටස් සංවර්ධනය කිරීමේ සැලැස්මක් අපි ගාව තියෙනවා. අපි ඒක පටන් ගත්තා. අපි ඒක පටන් ගත්තා. එදා පැල්පත් නිවාස, වතු වල ජීවත් වෙච්ච තරුණයාට අද මහල් නිවාසයක ජීවත් වෙන්න තරුණයෙක් බවට පරිවර්තනය කරපු සමාජ පරිවර්තනයක් කරන්න අපි වැඩකටයුතු ආරම්භ කෙරුවා. ඒවා ඉස්සරහට යන්න ඕනේ. ඒවා ඉස්සරහට ගෙනියන්න ඕනේ. නව රැකීරක්ෂා උත්පාදනය වෙන්න ඕනේ. මේ ප්‍රදේශ වල ඉන්නේ බහුතරයක් දෛනික ආදායම් ලබන අය. තමන්ගේ දෛනික ආදායමටත් බද්දක් වදිනවා නම්, ඒ බද්ද දරාගන්න බැරි නම්, මේ වටපිටාවේ පරිසරය පිරිසිදුව තියාගන්න බැරි නම්, ආයේ එහෙම ආණ්ඩුවකින් වැඩක් නෑ.
අද නමට 'ක්ලීන් ශ්‍රී ලංකා'. බැලූ බැලූ තැන ඩෙංගු. ආණ්ඩුව කියනවා ඩෙංගු පොකුරක් ඕනෙලු දුම් ගහන්න. හිතන්නකෝ. අද මේ ආණ්ඩුවේ පොකුරක් එනකන් ඉන්නවා නම් දුම් ගහන්න ඩෙංගු වලට, මේ ආණ්ඩුව තියෙනකොට කොවිඩ් ආවා නම් මොකද වෙන්නේ? හිතාගන්න බැරි වෙනවා වෙන දේ. කොවිඩ් පොකුරක් ඕනේ කියයි නිරෝධායනය කරන්න. කෝවිඩ් පොකුරක් ඕනේ කියයි බෙහෙත් ගහන්න.
අද කිසිම නායකත්වයක් නැති ආණ්ඩුවක්, ජනතාවට සංවේදී නැති ආණ්ඩුවක්. ඉතින් අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලනවා, අපි ශක්තිමත්ව ගොඩනැගෙමු. අද හැම දේශපාලන පක්ෂයකම අය අපිත් එක්ක ඒකරාශී වෙනවා. අපි කතා කරමු. අද දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව වෙනකන් අලුත් කණ්ඩායමක් අපේ පක්ෂයත් එක්ක ඒකරාශී වෙලා ඉන්නවා. අපේ සංවිධායකවරු තරුණයි. අද තරුණ සංවිධායකවරු පිරිසක් පක්ෂයත් එක්ක ඒකරාශී වෙලා ඉන්නවා. හැබැයි තරුණයි වගේම වැඩ කරලා තියෙන දේශපාලන කණ්ඩායමක්.
අද මේ රටේ මහපොළොවේ පය ගහපු, මහපොළොව හඳුනන, ඔබේ දුක, සැප, කඳුළ තේරුම් ගන්න පුළුවන් පිරිසක් අපි ගම්වල පත් කරලා තියෙනවා. මේ අය ශක්තිමත්ව අපි ගොඩනැගෙන්න ඕන නිසා. මොකද අපි විශ්වාස කරනවා මේ රට ඊළඟ පියවරට අපි ගෙනියන්න ඕනේ. අපි අලුත් පරම්පරාව නියෝජනය කරන දේශපාලනඥයෝ විදිහට අපේ දේශපාලන ගමන, අපේ දේශපාලන බලවේගය නවීකරණය වෙන්න ඕනේ. තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. තවදුරටත් වෛරය, ඉරිසියාව, කුහකත්වය, ක්‍රෝධය පිරුණු දේශපාලන බලවේගයක් අපේ හාමුදුරුවනේ මේ රටට ගැලපෙන්නේ නෑ.
වපුරන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නේ. වෛරය වපුරපු ආණ්ඩුවට, ඉරිසියාව, කුහකත්වය වපුරපු ආණ්ඩුවට ස්වභාවධර්මයෙන් දෙන්නෙත් ඒ ප්‍රතිඵලයමයි. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. ඒක තමයි ජීවිතයේ යථාර්ථය.
Namala Rajapaksa Criticizes Government's Response to Recent Prison Incident
During a recent meeting in Kotte, MP Namala Rajapaksa of the Sri Lanka Podujana Peramuna expressed concern over the government's handling of a prison incident, revealing that the Justice Minister was only able to acknowledge the situation through Facebook due to an inability to monitor it firsthand.
Rajapaksa emphasized the importance of community engagement as he addressed local supporters, stating, "I am grateful for everyone participating in our constituency meeting, especially on a weeknight." He noted that both voting and non-voting citizens alike are now more involved in their gatherings, which speaks to the public’s trust in the political party as a viable force for change.
He accused the current administration of spreading "unlimited lies" and asserted that the government's failure to address fabricated claims has only led to more deception. Rajapaksa lamented that the youth and older generations alike have suffered under this regime, with educated individuals being sent back home instead of finding employment opportunities. “Now that they're in power, what are they doing? They’re sending police after graduates who ask for jobs,” he stated.
With mounting challenges in the manufacturing sector and a notable decline in industrial investment, Rajapaksa highlighted the disconnect between the labor minister and the needs of workers. He criticized the government's indifference as jobs continue to vanish and investors retreat.
He raised serious questions about the efficacy of government efforts to stabilize the stock market, pointing out the failure to maintain public confidence, leaving foreign investors wary. "The tourism industry is struggling while the government must confront various issues instead of deflecting them," he added, urging for decisive efforts to reduce costs and support the tourism sector.
As he continued his critique, Rajapaksa expressed concerns over rising living costs. Citizens are facing increasing electric and water bills, while the quality of living plummets, specifically in Colombo, which has transformed into one of the most expensive cities in the region.
He reiterated the plight of small and medium-sized enterprises, warning that increased operational costs alongside heavy taxation threaten their very existence. "The government seems to think it can thrive at the expense of local entrepreneurs, which is a flawed approach," he stated.
Additionally, he called attention to the plight of students preparing for their A-level exams and urged the prime minister to respond to their needs. Rajapaksa grew increasingly frustrated with the government's lack of accountability, stating, "If there are orders being given, we need to know who is responsible." He emphasized that the circles of power must be interrogated regarding their motivations and the underlying secrecy that enshrouds these orders.
Reflecting on the tragic loss of life due to the prison incident, Rajapaksa voiced his grief over the 30 lives lost, stating, "We must address the root causes of these incidents without politicizing them." He lamented the absence of a proper investigative framework, noting that the failure to appoint appropriate oversight demonstrates a disregard for accountability.
As the meeting drew to a close, Rajapaksa implored the gathered crowd to unite for substantive change. "This is more than just political rhetoric; it’s about the youth's future," he remarked, urging everyone to mobilize for a cause that prioritizes the common good over political gain.
He concluded by calling for a renewed political movement that is aware of the realities affecting ordinary citizens, positing that modernization and transparency are vital for regaining public trust in governance.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ශිරාණි බණ්ඩාරනායක දන්නවද?
ReplyDeleteඔව්. අර රනිල්ට ඕන විදියට නඩු තීන්දු දුන්න පට්ට ගෑනි නේ.
Deleteමතකයි. නීතිය බල්ලට දාලා විපක්ශෙන් කියන විදියට වැඩ කරා.
හරිනි එහෙම හොඳට දන්නව ඇති.
දැන් ඉන්න බෝර්න් අගේන් ක්‍රිස්තියානි පූජක අගවිනිසුරු අඳුරනවද.
Deleteඅන්න ඌ යාඥා මෙහෙයක් කරන වීඩියෝවක් තියෙනවා. ගිහින් බලපන්.
අන්න නාවික හමුදාපති විදියටත් පල්ලි කාක්කෙක් දාලා. දැන් ඉතින් පල්ලියේම ආන්ඩුවක් වෙලා ඉවරයි. හැබැයි අගරදගුරු තට්ටයයි, සිරිල් ගාමිනී පරයයි රීලෝඩ් දාන්නේ දැන් සද්ද නැතුව හොරාට. සිංහල බෞද්ධ ගොන් හරක් ටික උන්ව කරේ තියාගෙන ගියේ.
අපි කිව්ව ඡන්දෙ දෙනකොටම බෞද්ධයන්ට කෙලිනව කියලා. ඒ වුනාට කමක් නෑ අපිනම් මාලිමාවට කියලා දුන්න. හෙන ගහන්න ඕන ගස් බල්ලන්ට.
එහෙම තමයි ඉතින්. ඌ නීති දන්නෙත් නැහැ කියලා මාධ්‍ය සාකච්ඡාවකදි කිව්ව. හොඳයි ඉතින්.
ReplyDeleteනාමල් සහ සජිත් ජනාධිපති වෙන්න පොර කන නිසා තමයි අනුරට කිසි අභියෝගයක් නැත්තේ. ලංකාවේ ජනතාවට දැන් මුං තුන් දෙනාම එපා වෙලා තියෙන්නේ.
Deleteකුඩු ඇතුලට ගේන බවට ඔත්තුව දුන්න මිනිස්සු ගැන කුඩුකාරයන්ට කියල තියෙන්නේ මීගමුවේම ජේලර්ලා. අන්න උන් අල්ලලා දෙකක් ඇනලා අහල බලන්න ඕන ඇයි එහෙම පාහර වැඩක් කරේ කියලා. අනිත් එක උන් එදා රන්ඩු වෙච්ච උන්ව වෙන බන්ධනාගාර වලට මාරු කරලත් නැහැ. ඒ වගේම උන්ව රෑ ලොක් කරලත් නැහැ. එදා රෑ ඔක්කොම එලියෙ ඉඳල තියෙන්නෙ. විපක්ශේ මේක ආන්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඕන. මීගමු බන්ධනාගාරේ එක පරයෙක් වත් මාධ්‍යයට කතා කරේ නැත්තෙ ඇයි. මැරුනෙවත් ගුටි කෑවෙවත් නැති උන් සද්ධයක් නැත්තෙ ඇයි?
ReplyDeleteඇත්ත. කුඩු ගේන බවට ඔත්තුව දුන්නේ කවුද කියලා දන්නේ ජේලර්ලනේ. මොකද අනිත් මිනිස්සු දැන ගන්න කිසිම හේතුවක් නැහැනේ. අනිවාර්යෙන්ම ඇතුලෙන් ඇදපු ගේමක්. ඇමතියා මේකත් අපි කිව්වට පස්සේ ෆේස්බුක් එකෙන් දැන ගනීවි.
Deleteහිතාමතාම පහුවෙනිදා මිනිස්සුන්ව මැරෙන්න ඇරියා.
Deleteපොලීසිය එලියේ ඉද්දී පොලීසියේ උදව් ඉල්ලුවේ නැහැ කියලා පොලීසියෙන් කියනවා.
මීගමු ජේලර්ලා අල්ලපිය. අල්ලලා ප්‍රශ්න කරපිය.
සිරසේ බල්ලෙක් මාධ්‍ය සාකච්චා හැම එකකටම ගිහින් හානවා දැක්කද?
Deleteඌ කියනවා විපක්ශ නායක අයින් වෙන්න ඕනලු.
වෙනදා මොකක් හරි උනාම රෙද්ද කරේ තියාගෙන දේශනා දෙන අර රීලෝඩ් රදගුරා කෝ බං. මැරිලා වත් ද. හැල හොල්මනක් නැතුව ඉන්නේ, හොරාට මහමොලකරු හොයනවද දන්නෙ නෑ පල්ලියේ ඉඳගෙන. ඉස්සෙල්ලම පිල්ලෙයාන් අල්ලගෙන ඌ තමයි මහ මොලකරු කියලා උගේ පුක බැලුවා. ඊට පස්සේ සලේ අල්ලගෙන උගෙත් පුක බැලුවා. පල්ලියේ උන්ට තව කී දෙනෙක්ගේ පුකවල් බලන්න වෙයිද දන්නෙ නැහැ මහ මොලකරු හොයා ගන්න. හැබැයි කාගෙ පුක බැලුවත් ඊබ්‍රහිම් නානගෙ නම් පුක බලන්නේ නැහැ. එහෙම බැලුවොත් තමන්ගේ කාලය දික් කරගෙන පාප්ප ජොබ් එක ගන්න තමන්ගේම උන් බිල්ලට දුන්න හැටි එලි වෙනවා.
ReplyDeleteඅයියෝ උන්දෑ කුරුසේ එල්ලගෙන ආගමේ සෙට් එකම එක මිටකට අරගෙන ලැජ්ජ කරනවා.
Deleteඋන්දැට මාලිමාවක් එල්ලගන්න තිබ්බේ කුරුසේ පැත්තක දාලා.