කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ගුරුවරයෙකුට අයත් මෝටර් රථයක් පාසල් භූමිය තුළදී ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
2026 ජූලි මස 03 වන දින පස්වරුවේ සිදුවූ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකළ CCTV පරීක්ෂාවකදී, එම විද්‍යාලයේම දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 08 හැවිරිදි සිසුවෙකු විසින් ගිනිකූරක් දැල්වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ආදි ශිෂ්‍ය සංගමය පවසන්නේ, සිසුවාගේ දෙමාපියන් විද්‍යාල බලධාරීන් හමුවේ සිය දරුවා අතින් මෙම වරද සිදුවූ බව පිළිගෙන ඇති බවයි. රථයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවීමට දරුවාගේ පියා එකඟ වී ඇති අතර, රක්ෂණ ප්රතිලාභ ලබා ගැනීම සඳහා පමණක් පොලිස් පැමිණිල්ලක් සිදුකර තිබේ. එහිදී දරුවාගේ නම සඳහන් කිරීමට හෝ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ගුරුවරයා හෝ පාසල් පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව සංගමය අවධාරණය කරයි.
මෙම සිද්ධියට අදාළ CCTV දර්ශන සහ විවිධ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් පාසලේ කීර්තිනාමයට හානි කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව පවසන ආදි ශිෂ්‍ය සංගමය, වයස අවුරුදු 08ක කුඩා දරුවෙකු අතින් සිදුවූ අත්වැරදීමක් සම්බන්ධයෙන් පාසල ඉතා මානුෂීය ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.
අගතියට පත් ගුරුවරයා පස්වන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන, නොමිලේ අතිරේක පන්ති පවත්වන ගුරුවරයෙකු බවත්, මෙම සිද්ධියෙන් ඔහු දැඩි කම්පනයට පත්ව සිටින බවත් නිවේදනයේ සඳහන් වේ.
පාසල් කාලයෙන් පසුව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, කුඩා දරුවන් අතට ජංගම දුරකථන ලබාදීමේදී එහි ආදීනව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ආදි ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.
Incident at Kurunegala School: Fire Caused by Student's Actions Clarified
The student council of the prestigious Srimat John Kothalawala College in Kurunegala has issued a statement refuting rumors circulating on social media regarding a vehicle fire that occurred within the school premises. The incident, which took place in the afternoon of July 3, 2026, involved a vehicle belonging to a teacher at the school.
Investigations through CCTV footage have revealed that the fire was ignited by an eight-year-old student from the second grade, who reportedly lit a firecracker, leading to the unfortunate event. In clarifying the circumstances of the incident, the student council disclosed that the child’s parents acknowledged their son’s wrongdoing in the presence of school authorities. The child's father has agreed to pay compensation for the damages caused to the vehicle, and a police report was filed solely for the purpose of obtaining insurance benefits.
Importantly, the school’s management and the teacher involved did not take any legal action against the child nor mentioned his name in the police report, emphasizing a humane approach to the situation. The student council criticized attempts by certain groups to harm the school’s reputation by disseminating CCTV footage and other details on social media, asserting that the institution has handled the situation with sensitivity, considering it was an innocent mistake made by a young child.
The teacher in question is known for his dedication to the fifth-grade students and conducts free extra classes. Reports indicate that he has been deeply affected by the incident. The student council further urged parents to be more responsible regarding their children’s safety, particularly when providing mobile phones to young children, emphasizing the need for greater awareness.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.




guruwarayata car ganna salli awe kohenda kiyala wigananayak kala yuthyi
ReplyDeleteජෙප්පො දන්නෙ ඔච්චරයි....
Deleteමිනිහෙක් කාල ඇඳල හිටියොත්, උන් හිතන්නෙ උන් වගේ කාගෙන් හරි කඩා වඩා ගෙන ඇති කියලයි....
ඊට කලින් වපරයට කෝටි 27ක් ලැබුනේ කොහොමද කියලා හොයපන්. ලාල් කාන්තට කඩුවෙල සුපිරි ගෙදරක් ලැබුනේ කොහොමද කියලා හොයාපන්. ගුරුවරු දැන් හාල්ටික ගෙවීමේ ක්‍රමයට ගත්තට ඉස්සර වාහන තමයි එහෙම ගත්තෙ.
Deleteයකෝ ඊට කළින් හොයපන් ජීවිතේට ඉස්කෝලෙක උගන්නපු නැති මහින්ද ජයසිංහ ලා 2024 වෙද්දී ගෙදරට දෙන්න රුපියල් දාහක් තිබුණේ නැති ලාල්කා න්තලා අවුරුද්දෙන් කෝටිපතියෝ උනේ කොහොමද කියලා.
DeleteCCTV දර්ශන රූපවාහිනී මාධ්‍යයට පමණක් නිකුත් කරන්න, විනිවිදභාවයට සහ ජනතාවගේ දැනගැනීම පිණිස. දරුවාගේ මුහුණ නොපෙන්වන ලෙස දන්වන්න.
ReplyDeleteරක්ෂණයෙන් වන්දි ලැබෙනවානම්, ඇයි දරුවාගේ පියා වන්දි ගෙවන්නෙ? ඒක අසාධාරණයක්නේද?
ReplyDeleteරක්ෂණ වන්දි ගැන දන්නේ නෑ නේද? මුළු අලාභයෙන් ප්‍රතිශතයක් විතරයි වන්දි ලැබෙන්නේ. ඉතුරු ටික ඔයා දෙනවද?
DeleteBrand new වහනයක් නම් එහෙම ප්‍රතිශත ප්‍රත්නයක් නැත.
Deleteගිණිකූරක් පත්තුවුනාට වාහනයක් ගිණිගැණීමට හැකියාවක් නැත. වාහනයෙන් ඉන්ධන කාන්දුවක් වැනි වැරැද්දක් තිබෙන්නට ඇත. රස පරීක්ෂණ වාර්තාවක් අනිවාර්යයෙන්ම ලබාගත යුතුය.
ReplyDeleteඅනිවාර්යෙන්. වාහනේ ඉස්සරහ ග්‍රිල් එකේ ඇතුලට දැම්මත් ගිනි ගන්නෙ නැහැ ඔක්කොම ලෝහ කොටස් නෙ තියෙන්නෙ.
Deleteඔය දරුවව වහාම ඔය ඉස්කෝලෙන් අස් කරගන්න. අස් කරලා ජාත්‍යන්තර පාසලකට දාන්න. නැත්තන් ළමයට ජීවිතේ අපායක් වෙයි.
ReplyDeleteයකෝ 3 වසරෙ කොල්ලෙක් කාර් එකක් ගිනි තිබ්බ කියන ඉස්කෝලෙ ආරක්සාව කෝ….. ඔය වගේ පොඩ් එකෙක් තනියම කාර් එක ගිනි තිබ්බා කියන්නෙ 10 වගේ කොල්ලෙක්ට මුලු ඉස්කෝලෙම ගිනි තියන්න පුලුවන්නෙ. වගකීම් පැහැර හැරිය ගුරුවරු විදුහල් පති ඇතුලු සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි
ReplyDelete