ශ‍්‍රී මහා බෝධිය ජීවිත අවදානමක.. පරීක්‍ෂණ වාර්තාව වාර්තාව මෙන්න..


අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි මළුවෙහි මෑතකදී අතුරා ඇති ටෙරාකොටා ගල් හේතුවෙන් බෝධීන් වහන්සේගේ ජීවී පැවැත්මට සහ ආයු කාලයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව Mee Massoo TV යූ ටියුබ් නාලිකාව විශේෂ විමර්ශනාත්මක වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර මහතා සහ 'ප්‍රෝග්‍රීන්' කණ්ඩායම විසින් සිදු කරන ලද දීර්ඝ විද්‍යාත්මක පර්යේෂණයක දත්ත පදනම් කර ගනිමින් මෙම කරුණුව හෙළි කර ගැනීමට හැකිව තිබෙනවා. 

මහාචාර්ය රංගික හල්වතුර මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් අනුරාධපුරයේ රැඳී සිටිමින් පැය 13ක කාලයක් පුරා සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව මෙම නිගමනයන්ට එළඹ තිබේ. 

මේ සඳහා ඇමරිකාවෙන් ගෙන්වන ලද නවීන වායු ගුණාත්මක තත්ත්ව සහ උෂ්ණත්ව මාපක ඇතුලු නවීන තාක්ෂණික උපකරණ රැසක් භාවිතා කර ඇත.

එම පර්යේෂණ වාර්තාවට අනුව, මීට පෙර පැවති ස්වභාවික වැලි මළුව වෙනුවට ටෙරාකොටා ගල් ඇතිරීම නිසා එම භූමියේ මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. 

මෙම අධික තාපය බෝධීන් වහන්සේගේ සංවේදී මූල පද්ධතියට සෘජුවම බලපාන අතර, පොළොවට ස්වභාවිකව ජලය උරා ගැනීමේ ක්‍රියාවලිය ද මෙමගින් සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. 

වසර 2300කට වඩා පැරණි ලොව පැරණිතම වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ස්වභාවික පරිසර පද්ධතිය මෙලෙස කෘතිමව වෙනස් කිරීම උන්වහන්සේගේ පැවැත්මට දැඩි අවදානමක් බවද මහාචාර්යවරයා විසින් මෙහිදී අනාවරණය කර තිබේ.

මධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෙම අනවසර ටෙරාකොටා ඇතිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ වෙනත් නිසි බලධාරියෙකුගේ පූර්ව අනුමැතියක් ලබාගෙන නොමැති බවයි. 

පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම විකෘති කිරීම් සම්බන්ධයෙන් බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කර තිබේ.

මහාචාර්යවරයා විසින් සකස් කරන ලද වාර්තාව ඊයේ දිනයේ (23) අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියන් වෙත නිල වශයෙන් භාර දී ඇත. 

මීට අමතරව එහි පිටපත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද යොමු කර තිබේ.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ මෙම ඓතිහාසික උරුමය විනාශ වීමට ඉඩ නොදී, විද්‍යාත්මක නිර්දේශ මත පදනම්ව වහාම මෙම ටෙරාකොටා ඇතුරුම් ඉවත් කර බෝධීන් වහන්සේට හිතකර ස්වභාවික වටපිටාව යළි සකස් කරන ලෙස විද්වත්හු සහ සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලා සිටිති.

අදාල පරීක්‍ෂණ වාර්තාව මෙතනින්...





Threat to Anuradhapura's Sacred Bodhi Tree: Experts Raise Alarms Over Terracotta Infiltration

Recent investigations have revealed a severe threat to the longevity and well-being of Sri Maha Bodhi, Anuradhapura's revered Bodhi tree, due to the recent presence of terracotta stones in its vicinity. A team of specialists, led by Professor Ranwaka Halwathura from Moratuwa University, disclosed these findings through an in-depth report aired on the Mee Massoo TV YouTube channel.

The alarming assertions stem from extensive scientific research undertaken by Professor Halwathura and his 'Progreen' team, who have collected crucial data over a substantial period.

This expert team, consisting of 15 members, conducted a thorough field examination lasting 13 hours while stationed in Anuradhapura. Their work incorporated advanced technological tools, including air quality and temperature measuring devices sourced from the United States.

According to the research report, the introduction of terracotta stones has resulted in an unusual increase in surface temperatures, replacing the previously existing natural sand mound.

This excessive heat directly impacts the sensitive biological systems of the Bodhi tree while completely disrupting the natural processes by which the soil absorbs water, Professor Halwathura explained.

The artificial alteration of the environment surrounding the Sri Maha Bodhi tree, over 2,300 years old, poses a significant risk to its existence, a critical observation made by the professor.

Chairman Kalpa Gunaratne pointed out that the excavation of terracotta was carried out without obtaining prior approval from the Director General of the Department of Archaeology or any other relevant authorities.

The modifications conducted in violation of the Archaeological Ordinance have raised concerns regarding silence and inaction from officials on this matter.

The report compiled by the professor was officially submitted to Venerable Ithalawetunawawe Gnanathilaka Nayaka Thera, Chief Incumbent of the Atamasthana, on the 23rd. Copies of this crucial document were also forwarded to the Department of Archaeology and the Sri Lanka Human Rights Commission.

Scholars and civil organizations are urging the government to swiftly remove the terracotta remains based on scientific recommendations, ensuring that this historical legacy, a symbol of global Buddhist heritage, is preserved and restored to its natural environment.

For further insights, the related investigative report can be accessed here...



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ජෙපි මස් වැද්දො ඕන කමින් බෙහෙත් ගහල විනාස කරනවද කොහේද බවුද්ද උරුම.

    ReplyDelete
  2. ටෙරාකොටා දැම්මෙ පල්ලේගම අපචාරියා. ඌව ආරක්ෂා කරන්නෙ තඹුත්තේගම වනචාරියා

    ReplyDelete
    Replies
    1. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා

      Delete
  3. සියළු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. ඒ තමයි බුදු බණ.

    ReplyDelete
  4. ආරියතිලක

    විසදුම හරි සරලයි
    සරලයි!

    අතුරා ඇති ටෙරාකොටා ගල් සියල්ල ගලවා නැවත තිබූ පරිදි යථා තත්වයට පත් කිරීමෙන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේටඇතිඑම අනතුර පහව යනවා ඇත.



    ReplyDelete
  5. ඕකට තමයි ආගම ගොත්‍රිකයි කිව්වේ .. ඒ උනාට කොටයි.. රිලාවයි 88-89 කාලේ සිවුරු පොට අස්සේ හැංගිලා පන බේරාගත්තේ.

    ReplyDelete
Previous Post Next Post