අද පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
අගවිනිසුරුතුමාට
සේවා දිගුවක් ලබාදීම ඉලක්ක
කරගනිමින් ආණ්ඩුව හඳුන්වා
දෙන්න යන විනිසුරුවරුන්ගේ
විශ්‍රාම වයස, එනම්
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ
විශ්‍රාම වයස අවුරුදු දෙකකින්
ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය
22 වන
ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ
සෑම අතකින්ම විරෝධය පළවෙලා
අවසන්.
මේක
පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා
සංශෝධනයක් කියලා අපි කියන්නේ
මෙහි ඇත්ත අරමුණ, මෙහි
යටි අරමුණ දෙසැම්බර් මාසේ
පළවෙනිදාට විශ්‍රාම ලබන්න
සිටින අගවිනිසුරුතුමා තවත්
වසර දෙකක් තබා ගැනීමට වීමයි.
මේක ගෙන
එන්නේ අගවිනිසුරුතුමාට සේවා
දිගුවක් ලබාදීමේ කූට අරමුණෙන්
නෙවෙයි නම්, මේ
ව්‍යවස්ථා සංශෝධනය දෙසැම්බර්
මාසේ පළවෙනිදාට පස්සේ ඉදිරිපත්
කරන්න කියලා අපි ආණ්ඩුවට
අභියෝගයක් කරනවා.
මීට
පෙර 1980 දී
ඡන්ද පෙත්සමකින් මන්ත්‍රී
ධූරය අහිමි වෙන්න ගිය අබේරත්න
පිලපිටිය කලවාන මන්ත්‍රීතුමාව
තවදුරටත් පාර්ලිමේන්තුවේ
තියාගන්න තුන්වන ව්‍යවස්ථා
සංශෝධනය නමින් පුද්ගල කේන්ද්‍රීය
ව්‍යවස්ථා සංශෝධනයක්
පාර්ලිමේන්තුවට ගෙනාවා.
ඒක අධිකරණය
ඉදිරියේ අභියෝගයට ලක් කළාම,
එවකට අගවිනිසුරු
නෙවිල් සමරකෝන් මැතිතුමා මේක
ජනමත විචාරණයකට යටත් කිරීමෙන්
ඒ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක
කිරීම නවත්වා ගැනීමට සමත්
වුණා.
නමුත්
දැන් මේ අවස්ථාවේ අගවිනිසුරුතුමා
එවැනි තීන්දුවක් ගනීවි කියලා
බලාපොරොත්තු වෙන්න බෑ.
මොකද මේ
ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභියා
වන අගවිනිසුරුතුමා ඉදිරියටමයි
මේ ව්‍යවස්ථා සංශෝධනයේ
ව්‍යවස්ථානුකූලත්වය තීරණය
කරන්න අපට පෙත්සම් අරගෙන යන්න
සිද්ධ වෙලා තියෙන්නේ.
මෙන්න මේ
වගේ අවස්ථා වලට තමයි අපේ ගැමියෝ
"නඩුත්
හාමුදුරුවන්ගේ බඩුත්
හාමුදුරුවන්ගේ" කියලා
කිව්වේ.
නීතියේ
තිබෙන ඉතාම වැදගත් මූලධර්මයක්
තමයි තමන්ගේ නඩුවේ තමන් විනිසුරු
නොවිය යුතුයි කියන එක.
1610 තරම් ඈතකදී
එවකට එංගලන්තයේ අගවිනිසුරු
ශ්‍රීමත් එඩ්වඩ් කෝක්
අගවිනිසුරුතුමා සුප්‍රකට
වෛද්‍ය බොන්හැම් නඩුවේදී
(Dr. Bonham's Case) තමයි
මේ ප්‍රකාශය සිද්ධ කළේ.
අද වන විට
ලෝකයේ සෑම රටක්ම පිළිගන්න
විශ්වීය මූලධර්මයක් බවට මේ
සංකල්පය පත් වෙලා තිබෙනවා.
ඒ
අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ
විනිසුරුවරුන් ප්‍රතිලාභීන්
වන 22 වන
ව්‍යවස්ථා සංශෝධනයේ
ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා
කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ
සිටින සියලුම විනිසුරුතුමන්ලා
නුසුදුස්සන් බවට පත් වෙනවා.
සාමාන්‍යයෙන්
තමන්ගේ මිත්‍රයෙක්ගේ,
ඥාතියෙක්ගේ
නඩුවක් තමන් ඉදිරියට ආවම
තමන්ගේ අධිකරණයේම වෙනත්
විනිසුරුවරයෙකුට යොමු කරනවා
තමන්ට මේ නඩුව අහන්න බෑ
කියලා.
දැන්
මේ නඩුවේ, මේ
ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභියා
වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ
සියලුම විනිසුරුතුමන්ලා.
දැන් මොකද
කරන්නේ? තමන්ට
මේ නඩුව අහන්නත් බෑ, තම
අධිකරණයට සමාන අධිකරණයකට
යොමු කරන්නත් බෑ. තමන්ට
අහන්නත් බැරිනම්, සමාන
අධිකරණයකට යොමු කරන්නත්
බැරිනම්, එහෙනම්
කළ යුත්තේ ඉහළ අධිකරණයකට යොමු
කිරීමයි.
ශ්‍රේෂ්ඨාධිකරණයට
උඩින් තවත් අධිකරණයක් තිබෙනවාද?
උත්තරේ ඔව්.
ශ්‍රේෂ්ඨාධිකරණයට
උඩින් තියෙන අධිකරණය තමයි
ජනතා අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය
ඇතුළු ලංකාවේ සියලුම අධිකරණ
මේ භාවිතා කරන්නේ ජනතාවගේ
අධිකරණ බලය. ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තියෙන්
ජනතාවගේ අධිකරණ බලයයි
පාර්ලිමේන්තුව හරහා අධිකරණයට
ලබා දීලා තියෙන්නේ. එතකොට
මේ අධිකරණ බලය ජනතාවට භාවිතා
කරන්න අවස්ථාව තියෙන්නේ ජනමත
විචාරණයකදී.
අර
වෙනත් නඩුවකදී නීතිඥයෝ දෙකට
බෙදිලා අධිකරණයේ වාද විවාද
කරනවා වගේ මේ 22 වන
සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලකයෝ,
අනෙකුත්
පාර්ශ්ව සියලුම දෙනා මාධ්‍ය
ඉදිරියේ මාසයක් විතර වාද විවාද
කරනවා. ඊට
පස්සේ මිලියන 17ක්
වන මේ රටේ ඡන්දදායකයන් විනිසුරන්
බවට පත්වෙලා ජනමත විචාරණයේදී
තමන්ගේ තීන්දුව ප්‍රකාශයට
පත් කරනවා. ව්‍යවස්ථා
සංශෝධනයට එකඟයි නම් ලාම්පුවට
කතිරේ ගහනවා, ව්‍යවස්ථා
සංශෝධනයට විරුද්ධයි නම්
කලගෙඩියට කතිරේ ගහනවා.
ඕකටනේ අර
"ලාම්පු
- කලගෙඩි
සෙල්ලම" කියන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණය
මේ ගැන දැනටමත් තීන්දුවක්
දීලා හමාරයි. ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුවරුන් වන දිලීප්
නවාස් සහ ජනක් ද සිල්වා යන
මහත්වරුන්ගේ එකඟතාවය ඇතිව,
විශ්‍රාමික
විනිසුරු විජිත් මලල්ගොඩ
විනිසුරුතුමා 2022 දී
ලබාදුන් තීන්දුවකින් පැහැදිලිවම
කියනවා, අධිකරණයේ
ස්වාධීනත්වය කියන්නේ ජනතා
පරමාධිපත්‍යයේ කොටසක්
කියලා.
අපේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
කියනවා, ජනතා
පරමාධිපත්‍යය උල්ලංඝනය වෙන
ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා
නම් ඒක ජනමත විචාරණයකදී ජනතාව
විසින් අනුමත කළ යුතුයි
කියලා.
එහෙමනම්,
අගවිනිසුරු
ශ්‍රීමත් එඩ්වඩ් කෝක්
අගවිනිසුරුතුමාගේ මූලධර්මය
අනුවත්, විජිත්
මලල්ගොඩ නඩුකාරතුමාගේ තීන්දුව
අනුවත් කටයුතු කරමින් ජනාධිපතිතුමා
22 වන
සංශෝධනය මේ රටේ ඉහළම අධිකරණය
වන ජනතා අධිකරණයට ජනමත විචාරණයකදී
තීන්දු කරන්නට යොමු කරාවි,
යොමු කරන්නැයි
කියලා අපි ජනාධිපතිතුමාගෙන්
ඉල්ලා සිටිනවා.
මෑත
කාලයේ අපි දැක්කා දකුණු ආසියාවේ
තරුණයෝ අධිකරණයට එරෙහිව නැගී
සිටිනවා. ඉන්දියාවේ
කැරපොතු විරෝධය මතු වුණේ
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ
නඩු තීන්දුවකදී ඉසෙඩ් (Z)
පරපුරට සරදම්
කිරීමෙන් ඇති වෙච්ච කෝපය
නිසයි. ඒ
වගේමයි නේපාලයේ අරගලය මතු
වුණේ නේපාල අධිකරණය විසින්
සමාජ මාධ්‍යවලට එරෙහිව තහනම්
නියෝගයක් නිකුත් කිරීමට විරෝධය
පළ කරන්න. ඒ
වගේම බංගලිදේශයේ අරගලය දියත්
වුණේ, බංගලිදේශ
අධිකරණය විසින් බංගලිදේශ
නිදහස් සටනේ සිටිය අයගේ වත්මන්
පරපුරට රජයේ රැකියාවල සලාකයක්
යළි ස්ථාපිත කරන නඩු තීන්දුවක්
ලබා දීමෙන්.
බංගලිදේශය,
නේපාලය,
ඉන්දියාවේ
තරුණයෝ අධිකරණයට එරෙහිව නැගී
සිටියත් ලංකාවේ අරගලය අවස්ථාවේ
එහෙම දෙයක් වුණේ නෑ.
පාර්ලිමේන්තුව
ගිනි තියන්න හැදුවත්,
ජනාධිපති
මන්දිරය ගිනි තැබුවත්,
ශ්‍රේෂ්ඨාධිකරණය
ගිනි තියන්න කවුරුවත් ඉදිරිපත්
වුණේ නෑ. ඒ
මේ රටේ අධිකරණය පිළිබඳ තිබෙන
ගෞරවය සහ විශ්වාසය නිසා.
මේ 22
වන සංශෝධනය
හරහා මේ රටේ ජනතාවගේ සිත් තුළ
අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය
නැති කරලා, මේ
රටේ ජනතාව අධිකරණයට එරෙහිව
පාරට බහින තත්ත්වයක් ඇති කරන්න
එපාය කියලා අපි ආණ්ඩුවෙන්
ඉල්ලා සිටිනවා.
ශ්‍රී
ලංකා නීතිඥ සංගමය මේ ව්‍යවස්ථා
සංශෝධනයට එරෙහි වෙන්නේ නීතිඥ
සංගමය සභාපතිතුමාට විපක්ෂයෙන්
තනතුරක් පොරොන්දු වුණු නිසාය
කියලා, වැස්සට
පාර්ලිමේන්තුවට ගොඩ වුණු
අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ
කළා. මේ
වනවිට නීතිඥ සංගමය වගේම
දේශපාලකයින් ගණනාවක් අසිත
නිරෝෂන් මන්ත්‍රීතුමාට අභියෝග
කරලා තියෙනවා "ඔබ
මේ කියන්නේ ඇත්තක් නම්
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට
මුවා වෙලා ඉන්නැතුව එළියට
ඇවිත් කියන්න" කියලා.
මේ මොහොත
වනතුරුම ඒ අභියෝගය ඉදිරියේ
අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා
පූස් පැටියෙක් වගේ නිහඬව ඉන්නේ
තමන් කිව්වේ පට්ටපල් බොරුවක්
බව තමන් හොඳටම දන්න නිසයි.
නීතිඥ
සංගමය කියන්නේ ආණ්ඩුව කාගේ
අතේ තිබුණත් අධිකරණයේ ස්වාධීනත්වය
වෙනුවෙන් ඉතිහාසය පුරාම සටන්
කරපු සංවිධානයක්; වෘත්තීය
සංවිධානයක්. විශේෂයෙන්ම
නීතිඥ සංගමයේ සටන්කාමී ඉතිහාසය
පිළිබඳ මෙලෝ හසරක අවබෝධයක්
නැතිකම නිසා තමයි අසිත නිරෝෂන්
මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක්
කරලා නීතිඥ සංගමයටත් එහි
සභාපතිවරයාටත් අපහාස කරන්න
කටයුතු කළේ. මේ
ප්‍රකාශයට විරෝධය පළ කරන්න
පක්ෂ භේද පසෙකලා මේ රටේ සිටින
සියලුම නීතිඥයින් ජූලි 29
වෙනිදා
පැවැත්වෙන නීතිඥ සංගමයේ මහා
සභා රැස්වීමට සහභාගි වේවි
කියලා අපි බලාපොරොත්තු
වෙනවා.
විශේෂයෙන්ම
නීතිඥ හර්ෂණ නානායක්කාර
ඇමතිතුමාත්, නීතිඥ
සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමාත්
මේ මහා සභා රැස්වීමට පැමිණේවි
කියලා අපි බලාපොරොත්තු වෙනවා;
පැමිණෙන්න
කියලා ආරාධනා කරනවා.
මොකද ඇමතිවරුනි
ඔබේ ඇමතිකම තාවකාලිකයි,
නීතිඥකම
සදාකාලිකයි. 2029 න්
පස්සේ ඔබතුමාලට තියෙන ඔය ඇමති
පට්ටම් අහිමි වෙනවා.
හැබැයි මැරෙන
තුරාවට ඔබේ නීතිඥ පට්ටම ඔබ
ගාව තියෙනවා. ඒ
නිසා 2029 න්
පස්සේ කළු කෝට් ඇඳගෙන නැවත
උසාවියට පැමිණීමේ බලාපොරොත්තුවක්
තිබෙනවා නම්, මාලිමාවෙන්
අධිකරණය බේරගන්න අපි කරන සටනට
ඔබත් එකතු වෙන්නැයි කියලා
හර්ෂණ නානායක්කාර ඇමතිතුමාටත්,
සුනිල් වටගල
ඇමතිතුමාටත් අපි ආරාධනා කරනවා.
Legal Scholar Critiques Proposed Constitutional Amendments Amidst Backlash
During a press conference held today, Udaya Gammanpila, leader of the Pure Hela Urumaya party, raised significant concerns over the government's plan to extend the retirement age for Supreme Court judges by two years. This proposed change is part of a constitutional amendment that has drawn widespread criticism from various sectors of society.
Gammanpila asserted that the core intent behind this amendment is aimed at granting an extension of service to the Chief Justice, who is set to retire on December 1. He called the amendment a "personal-centric constitutional change" while also challenging the government to present this proposal to the public for a referendum after December.
Reflecting on historical parallels, he recalled how, in 1980, the late Minister Abeyaratne Pilapitiya lost his parliamentary seat due to a vote petition. He connected this to the current political landscape, suggesting that the impending third constitutional amendment would similarly face challenges in court, echoing a past incident where then-Prime Minister Neville Samarakoon successfully halted a constitution amendment via a public referendum.
Gammanpila expressed skepticism about the government making a similar decision this time, positing that the Chief Justice would benefit from the amendment. He highlighted the complexities involved when judges are placed in a position to rule on issues that could affect their own entitlements.
He drew attention to essential legal principles, emphasizing that a judge should not preside over cases connected to their personal interests. This principle, which has roots dating back to a critical case in England involving Chief Justice Sir Edward Coke, underscores the necessity of judicial impartiality.
As the debate on this amendment unfolds, Gammanpila urged for a higher court, namely the People’s Court, to weigh in on the constitutionality of such alterations. He stated that true judicial independence is a cornerstone of democracy, safeguarded by the people through public referendums.
In his closing remarks, Gammanpila warned against the erosion of judicial authority in Sri Lanka. He compared the situation to various protests across South Asia, where young citizens have stood up against judicial overreach, from India to Nepal. He noted that, unlike these nations, Sri Lankans have not yet taken direct action against the judiciary but expressed concern about the potential loss of public trust in the legal system due to amendments like the one proposed.
He concluded by emphasizing the historical struggles of the bar associations in safeguarding judicial independence, calling upon members of the legal community to unite and defend the integrity of the judiciary amidst political pressures. Gammanpila reaffirmed the importance of maintaining the judiciary's esteem in the eyes of the public, urging the government to consult the citizenry and refrain from policies that might instigate public dissent against the judiciary.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කපුටාව පාර්ලිමේන්තු ගේන්න ව්‍යාවස්ථා සංශෝධනය කරන්න අත් 2ම උස්සපු ව*ල බැහැපු හාදයා නේද මේ............?
ReplyDeleteදේවගැති සූරයාගේ වයස දැනටත් 65 පැනලා ලු නේද?
ReplyDelete85 out වුනු මෙයාගේ batch එකේ හිටපු අයගේ දැන් වසස 66 ලු
ඒ නිසා වහාම මේ ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
ගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු එකාත් හොයන්න ඔනී...
ReplyDelete:D පුළුවන් දෙයක් කරපන් බෙට්ටන්පිළ. කරයි කියලා තමා බය, හොදින් හරි නරකින් හරි උබලගෙ දේශපාලනය ඉවර කරලා ඇතුළට දක්වන්න
ReplyDeleteමට කියන්න තියෙන්නෙ මාලිමාවවෙ මන්දබුද්ධික කුණුහරුප බලකායට ගම්මන්පිල වගේ අය ගේන තර්ක වලට උත්තර දෙන්න බෑ.දන්නෙ උත්තර නැතිව හිරවුනාම කුණුහරුප කියන්න විතරයි.ඔන්න බලන්න ඊගාව comment එකේ මටත් කුණුහරුපෙන් බහිනවා. මෙයාල මේ රට අපායක් කරනවා.
ReplyDeleteaniwa
Deleteඔව් හුත්තෝ බනිනවා තමා. පුළුවන් දෙයක් කරලා පෙන්නපන්. නැත්නම් ඉන්නවනම් බල්ලා වගේ හිටපන් අපිට ඕන විදිහට.
DeleteWe are proud of educated Mr.Gammanpila. There's still hope for future of Sri Lanka.
ReplyDeleteAtagala දැනටමත් අත්දෙක උස්සලා.
ReplyDelete