- BBC Sinhala
අධිකරණ සේවා සංගමයේ වැඩබලන සභාපති චාමර වික්‍රමනායකගේ අත්සනින් යුතු ලිපියක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායකට මේ බව දැනුම් දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකට යැවූ ලිපියේ පිටපත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කතානායකවරයා, අධිකරණ සහ බන්ධනාගාර කටයුතු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ අධිකරණ කොමිසමේ ලේකම්වරයා වෙත ද යොමු කර ඇත.
විනිසුරුවරුන් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ගේ මතය විමසීම සඳහා ඉකුත් ජූලි 11 වන දා විශේෂ මහා සභා රැස්වීමක් පැවති බවත්, එම විශේෂ මහා සභා රැස්වීම අතරතුර අදාළ කාරණාව සම්බන්ධයෙන් සාමාජිකයන්ගේ මතය දැන ගැනීම සඳහා රහසිගත ඡන්ද විමසීමක් පැවැත්වූ බවත් ජනාධිපතිවරයාට එම ලිපියෙන් දැනුම් දී තිබේ.
එම රහසිගත ඡන්ද විමසීමේදී සියලු ම සාමාජිකයන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඒකමතිකව සිය විරුද්ධතාව ප්‍රකාශ කර ඇතැයි ද දැනුම් දී ඇත.
උපරිමාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලු ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව අධිකරණ සේවා සංගමයේ සියලු ම සාමාජිකයන් ඒකමතිකව දැනුම් දී ඇති බව ද අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
පසුගිය ජූලි 11 වන දා පැවති අධිකරණ සේවා සංගමයේ රැස්වීමට එහි සාමාජිකයින් 65 දෙනෙකු සහභාගි වී ඇති අතර එහිදී පැවති රහසිගත ඡන්ද විමසීමේදී සියලු ම දෙනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබිණි.
මෙම රැස්වීම පැවැත්වීමට පෙර දිනයේදී සිකුරාදා (ජූලි 10) අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සීමාව වසර 2කින් දීර්ඝ කිරීමට රජය ගෙන ඒමට සූදානම් වන යෝජනාවක් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට සංවාදයක් නිර්මාණය වී තිබේ.
නව ක්‍රමවේදයට අනුමැතිය හිමිවුවහොත් පිළිවෙළින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 67ක් දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් දක්වාත් දීර්ඝ කිරීමට රජයේ සූදානමක් ඇති බවට ඇතැම් පාර්ශව සඳහන් කරති.
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65ක් වන අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස සීමාව අවුරුදු 63ක් වේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිට පවතින අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවුරුදු 63 සීමාවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස වන අවුරුදු 65 සීමාවත් අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේ, පසුගිය මැයි 25 වන දා ය.
මෙලෙස උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.
එම සංගමය තවදුරටත් පෙන්වා දෙන්නේ, මේ සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයක් ගෙන ඒම මගින් මහජනතාව රජයේ අභිප්‍රායන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බව ය.
මේ අතර, උපරිමාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාවේ ස්ථාවරය පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම සඳහා සෙනසුරාදා [ජූලි 4] ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 'පොදු සංවාදය' නමින් වැඩසටහනක් සංවිධානය කරනු ලැබ තිබිණි.
එහිදී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය දීපිකා උඩුගම, නීතිඥ ජෙෆ්රී අලගරත්න ඇතුළු විද්වතුන් රැසක් එම සංවාදය අමතනු ලැබූහ.
එම විද්වතුන් එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව තවදුරටත් දීර්ඝ කිරීම නුසුදුසු බව ය.
විශ්‍රාමික වයසේ පසුවන කෙනෙක් ගන්නා තීන්දු සීයට සියයක් ම නිවැරදි නොවීමට ඉඩ ඇති බවත්, මෙම වෘත්තීය අනෙක් වෘත්තීන් මෙන් නොව රටේ පොදු මහජනතාවගේ ජීවිත සමග සිදුකරන ගනුදෙනුවක් බවත් පෙන්වා දුන් එම විද්වත්තු වයසින් වැඩි විනිසුරුවරුන් විසින් ගන්නා තීරණ වැරදි වුවහොත් එය රටේ නීති පද්ධතිය කෙරෙහි රටේ පොදු මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බව ද කරුණු දක්වමින් පෙන්වා දුන්හ.
මීට කලකට පෙර හොංකොං රාජ්‍යයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට එරට රජය පියවර ගත්තේ ය. එම තීරණය දෝෂ සහිත බව පෙන්වා දුන් එරට හිටපු අගවිනිසුරුවරයා සිය නියමිත වයස සම්පුර්ණ වූ දිනයේදී අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාම ගොස් ඇති බවත්, එම අගවිනිසුරුවරයාගෙන් පසුව ධූරයට පත්වූ විනිසුරුවරුන් සිව්දෙනෙකු ද ඔවුන්ගේ නියමිත වයසේදී ධූරයෙන් විශ්‍රාම ගොස් තිබෙන බවත් මෙම වැඩසටහනේදී සඳහන් විය.
ජූනි මස 26 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම අරමුණු කර ගත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සමග ඉදිරියට යාමෙන් වළකින ලෙස ආසියා සහ පැසිෆික් කලාපීය නීති සංගමය (LAWASIA) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ ය.
එවැනි පියවරක් අධිකරණ ස්වාධීනත්වය සහ රටේ නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කළ හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන ලෙස කොළඹ නීති සංගමය ද ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින අතර, එවැනි පියවරක් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට හානි කළ හැකි බවට එම සංගමය අනතුරු අඟවා ඇත.
2026 ජූලි 2 දිනැති ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් එම සංගමය පැවසුවේ, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම සඳහා වාර්තා වී ඇති යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු තම විධායක කමිටුව ඒකමතිකව තම ස්ථාවරය මෙලෙස දැනුම් දීමට තීරණය කළ බව ය.
උපරිමාධිකරණ විනිසුරුවරුන් විසින් ලබා දෙන ලද වටිනා දායකත්වය සංගමය අගය කරන නමුත්, ව්‍යවස්ථාපිතව සඳහන් කර ඇති විශ්‍රාම යන වයසට අදාළව සිදුකරනු ලබන ඕනෑ ම වෙනසකමක් පිළිබඳව සලකා බැලිය යුත්තේ අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග පුළුල් උපදේශනයකින් පසුව පමණක් බව එම සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මගින් අවධාරණය කර ඇත.
වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන එම ධූරයේ තවත් කාලයක් තබා ගැනීමට රජය මෙම ක්‍රියාමාර්ගය ගැනීමේ ප්‍රයත්නයක නිරත බවට ඇතැම් පාර්ශව විවිධ අවස්ථාවලදී චෝදනා එල්ල කර තිබේ.
වත්මන් අගවිනිසුරුවරයාගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව එම තනතුර සඳහා පත් කිරීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා ය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඉහළින් ම සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන්නේ යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ඒ.එල්. ශිරාන් ගුණතිලක, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන ය.
ජූනි මස 26 වන දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, උපරිමාධිකරණවල විනිසුරුවරුන් පත් නොකිරීම පිළිබඳව තමන් අගවිනිසුරුවරයාගෙන් විමසීමක් සිදුකළ බව ය.
එම කරුණ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් එවා ඇති බව ද එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ය.
නීතිය හොඳින් පසිඳලමින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට වෙහෙස වන අතර අධිකරණයක් පාලනය කිරීමේ අවශ්‍යතාවක් කිසිසේත් ම නොමැති බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ ය.
විනිසුරුවරුන්ගේ හිඟය හේතුවෙන් අධිකරණ කිහිපයක් වසා දැමීමට සිදුව ඇති බවත්, ඉදිරියේදී එම තත්ත්වය මග හරවා ගැනීම සඳහා නව මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.
"අද මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් වැහිලා තිබෙනවා. නීතිපතිතුමා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා තිබෙනවා. ඒත් ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කරන්න විනිසුරුවන් නැතුව ඉන්නවා. සමහර තැන්වල හදපු ත්‍රිපුද්ගල මහාධිකරණවල විනිසුරුවන් වැඩිපුර කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා පහළ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව පහළ බඳවා ගැනීම් සිදු කරමින් ඉදිරියට යන්න ඕන.
දැනට අධිකරණ කොමිෂන් සභාව අවසර දුන්නා අලුතින් මහේස්ත්‍රාත්වරුන් පනස් දෙනෙකු බඳවා ගැනීමට. මා දන්නා පරිදි දැන් සම්මුඛ සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඒකෙන් තිස් තුන්දෙනෙක් තමයි තෝරාගෙන තිබෙන්නේ. ඔවුනුත් සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වූවාට පසු කී දෙනෙක් තෝරා ගනීදැයි මා දන්නේ නෑ. ඒ ධාරිතාව තිබෙන පිරිස අපි මේ ක්‍ෂේත්‍රයට ගත යුතුයි.
"එනිසා උපරිමාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම පිළිබඳ තීරණය අපි ගන්න ඕන පහළ අධිකරණ කඩා වැටෙන්න ඉඩ නොදී," ජනාධිපතිවරයා පැවසුවේ ය.
මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක් ද? යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළේ ය.
එහිදී අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, ඒ පිළිබඳ මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බව සහ ඒ පිළිබඳව සාකච්ජා කරමින් පවතින බව ය.
"විනිසුරුවරුන්ගේ විතරක් නෙමෙයි තවත් වෘත්තිකයින් ගැනත් සාකච්ජා කරමින් පවතිනවා. තව ම නිල වශයෙන් තීරණයක් අරන් නැහැ," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.
BBC
Judicial Service Association Expresses Opposition to Proposed Increase in Retirement Age for Judges
The Judicial Service Association has formally declared its collective opposition to a proposed extension of the retirement age for Supreme Court and Appellate Court judges. This announcement was conveyed in a written communication to President Anura Kumara Dissanayake, signed by the association's active president, Chamara Vikramanayake.
Copies of this letter have been dispatched to several key figures, including Prime Minister Harini Amarasuriya, the Speaker, the Secretary to the Ministry of Judicial and Prison Reforms, and the Secretary of the Judicial Commission.
A special general meeting of the association held on July 11 aimed to gauge members' opinions regarding the proposed increase in retirement age. During this meeting, a confidential ballot was conducted to ascertain members’ views, and the outcome indicated unanimous opposition to any extension of the retirement age for judges.
The letter further affirmed that all members of the Judicial Service Association, including those in the appellate courts, do not support plans to increase the retirement age.
On July 11, the meeting saw participation from 65 members, all voicing their resistance against any changes to the retirement age for judges. Notably, the president of the association, who serves as the Colombo Fort magistrate, Pasan Amarasinghe, resigned from his position just a day before this pivotal gathering.
The government is reportedly contemplating proposals to extend the retirement age for appellate court judges by two years, a development that has sparked public discussion.
Should this new policy be approved, it is suggested that the retirement age for Supreme Court judges would be raised to 67 years, while Appellate Court judges would see an increase to 65 years. Currently, the retirement ages stand at 65 and 63 years for the Supreme Court and Appellate Court judges, respectively.
In a letter sent on May 25, the Bar Association of Sri Lanka emphasized the necessity to maintain these retirement ages, established by the 1978 Constitution, without amendments, asserting that changing these ages would require constitutional amendments.
During a recent public discussion organized by the Bar Association under the theme 'Public Dialogue', prominent legal scholars, including Professor Savithri Gunasekara and Attorney-at-Law Jeffrey Alagaratnam, highlighted their concerns about the implications of extending the retirement age for judges. They argued that allowing older judges to make decisions could undermine public trust in the legal system, given that their judgment may not be as sound.
The legal community has raised comparisons with Hong Kong, where an increase in the retirement age for judges led to controversial outcomes, emphasizing the importance of maintaining strict retirement limits to preserve judicial integrity.
On June 26, the Asia-Pacific Regional Law Association (LAWASIA) expressed its apprehension, urging the Sri Lankan government to refrain from proceeding with proposed constitutional amendments aimed at raising the retirement ages for appellate judges, warning that such actions could diminish judicial independence and public trust in the legal system.
In light of the ongoing discussions and concerns, the Colombo Law Association also called upon President Dissanayake to avoid implementing reforms that could jeopardize the independence of the judiciary. They conveyed their position in a letter dated July 2, after deliberating over reports pertaining to the proposed increase in retirement age.
The current Chief Justice, Priithipal Wickramanayake, has faced accusations regarding efforts to prolong his tenure through these proposed measures. Once his term concludes, the most senior judge from the Supreme Court will be appointed as his successor, with several nominees currently considered for this role.
In a recent parliamentary session, President Dissanayake acknowledged having consulted the Chief Justice about abstaining from appointing appellate judges, indicating that the Chief Justice had provided lengthy clarifications on the matter.
While addressing the challenges facing the judiciary and the need for more judges due to shortages caused by recent court closures, the President reiterated that measures are underway to recruit new magistrates.
"Multiple magistrate courts are currently without judges, and the Attorney General has requested the establishment of a tri-member High Court. However, there aren’t enough judges to fill these positions. It is essential to recruit more judges to prevent further court closures," he stated.
The President's inquiry into the government's stance regarding the increase in retirement age for judges was made to the Minister of Justice, Harshana Nanayakkara, who clarified that no formal decision has yet been made, reaffirming that discussions continue on this and other professional concerns.
"We are not only discussing judges but also other professions. No formal decision has been taken yet," the Minister confirmed.
BBC
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආරියතිලක
ReplyDeleteවිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනාවෙහි සැබෑ අරුත කුමක් විය හැකිද?
.
වර්තමාන ආණ්ඩුවෙහි ප්‍රධාන දේශපාලන ධාරාව වන, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් 1987/88/89 කාලයෙහි ලක් රජයට විරුද්ධව ඇති කරන ලද, රාජද්‍රෝහී කැරැල්ල පාදක කොට ගෙන බටලන්ද කොමිෂන් සභා වාර්තාව බිහි විය. එම එම වාර්තාවෙන් කියවෙන ජවිපෙ විසින් කරන ලද, රාජද්‍රෝහී ත්‍රස්තවාදී අපරාධ, වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ලදී. ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීම මගිනි. දෙවනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විසින් සභා ගතකිරීමෙන් ආණ්ඩුව විසින් ද පිළිගන්නා ලදී.
මේ වන විට නීති කෘත්‍ය සඳහා නීතිපතිවරයාගේ නිර්දේශ හා නීති කෘත්‍යයට ඇවැසි කරුණු සැපිරීමට නීතිපතිවරයාට යොමු කොට ඇත්තේ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීම හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් සමඟ ම, ජනාධිපතිවරයා ඇතුලු ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකට හා එහි සියලු සාමාජිකයන්ට ද එම පක්ෂවල චංචල, නිෂ්චල දේපොළ කෙරෙහි බරපතල නීති ප්‍රශ්නයකයට මුහුණ දීමට හේතු ඇති විය. ඒ නම්; බටලන්ද කොමිෂන් සභා වාර්තාව ප්‍රකාර නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ජවිපෙට හා ජවිපෙට සම්බන්ධ දේශපාලන පක්ෂ හා සංවිධාන ශේෂ්ඨාධිකරණය මගින් හා ආභියාචනාධිකරනය මගින් තහනම් කළ හැකි බැවිනි. මෙයට මුහුණ දීම සඳහා හා තවත් දේශපාලන අවශ්‍යතා මත, තම පක්ෂයට ලැදි ශේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කර ගත යුතු ය. දැනට මේ තිබෙන ආකාරයට එසේ නො කළ හැකි ය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑම සමඟ ජ්‍යෙෂ්ඨත්වය අනුව අනුපිළිවලින් විනිසුරුවරයන් විනිසුරු ධූරයන්ට පත් වීම ය.
යම් කායලයකට විශ්‍රාම වයස පස්සට ඇදීමෙන් සියලු අධිකරණවල විශ්‍රාම වයසෙහි සිටින විනිසුරුවරුන් හට, සේවය කිරීමට හැකි වීමෙන්, විනිසුරු උසස් වීම් ධූරාවලිය ඇණ හිටී. අඩුම වශයෙන් වර්ෂ 2 ක හෝ 3 ක පමණ කාලයක් මෙසේ විශ්‍රාම කාලය පස්සට ඇදීමෙන් පසු, වර්ෂ 2 ක් හෝ 3 ක් පමණ ගිය පසු, විශ්‍රාම යන වයස දැනට පවතින වයස් සීමාවට ක්ෂණිකව නැවත පත් කළ හොත්, උසස් වීම් නො ලබා පසු පස සිටි විශ්‍රාම වයස සම්පූර්ණ විනිසුරුවරුන් ද ඇතුලුව බොහෝ විනිසුරුවරුන් ප්‍රමාණයක් එකවර විශ්‍රාම ගැන්වීමට සිදු වේ. මේ හේතුවෙන් සියලු ම අධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වීමට හේතු ය.
මේ අතර කාලයේ සැලැස්මේ දෙවැනි අදියර ලෙස තම පක්ෂයට හිතවත්,තම දේශපාලන මතය ක්‍රියාත්මක කිරීමට දායකත්වය දරණ පුද්ගලයන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ නිර්දේශය මත, නීතිපති දෙපාර්මේන්තුවේ නීතිපතිවරයා ලෙස පත් කිරීමත්, නීති වෘත්තීයේ පළ පුරුදු තම පක්ෂයට ලැදි, තෝරා ගත් පිරිසක් ඇති කර ගැනීමත් හා වර්ෂ 3 න් පසු හෝ (යම් කාලයකකට පසු) ක්ෂණිකව ඇති වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයේ පුරප්පාඩුවට, මුලින් සඳහන් කරන ලද, තම පක්ෂයට ලැදි නීතිපතිවරයා ලෙස පත් කර කටයුතු කරන, කවර වූ හෝ අය, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයාට සිදු කළ හැක්කේ ය. එසේ ම අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයන් සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයන් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් මත, ජනාධිපතිවරයාට එම 107(1) ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කළ හැක්කේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVඅ වන පරිච්ඡේදයෙන් කියවෙන, අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි සභාපති ධූරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඈ(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, අග්‍රවිනිශ්චයකාරවරයා පත් වේ.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත, ජනාධිපතිවරයාට මහාධිකරණයේ විනිසුරුවරයන් පත් කළ හැක්කේ ය.
111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත, ජනාධිපතිවරයාට මහාධිකරණයේ විනිසුරුවරයන් ඉවත් කළ හැක්කේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(1) (අ) ව්‍යවස්ථාව අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු, ද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(1)(ආ) ව්‍යවස්ථාව අනු, අධිකරණ නිලධරයන් හා උපලේඛන ගත රජයේ නිලධරයන් පත් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ, ඔවුන් විෂයෙහි විනය පාලනය ක්‍රියාවේ යෙදවීමේ බලය ද අධිකරණ සේවා කොමිෂන් සභාව සතු ය. මෙහිදී අග්‍රවිනිශ්චයකාරවරයාගේ සභාපතිත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාවේ කාර්ය ප්‍රධාන වනවා ඇත.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
වත්මන් ආණ්ඩුවට විධායකය හා ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) බලය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව සහිත ජාතික ජන බලවේගය විසින් දරණ බැවින්, දැන් ඔවුන් ලොකු ම අභියෝගය වී ඇත්තේ කොමියුනිස්ට්වාදී නො වන, මෙරට ස්වාධීන අධිකරණ බලය ය. මේ අධිකරණ බලය ඔවුන්ට ඕනෑ ලෙස, හැසිර වීමට නො හැකි තාක් ඔවුන්ගේ කොමියුනිස්ට්වාදී සිහිනය සැබෑ කර නො ගත හැකි ය. දැන් ඕනෑ කර තිබෙන්නේ කුමන හෝ ආකරයක වංගුවක් දමා ස්වාධීන අධිකරණ බලය, කොමියුනිස්ට්වාදී ඔවුන්ට අවනත විධියට හැසිරවීමට ඇවැසි ලෙසට පිහිටුවා ගැනීම ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම, හා අනෙකුත් පනත් සංශෝධනය, හා අලුතෙන් පනත් සම්මත කර ගැනීමේ දී කොමියුනිස්ට්වාදී නො වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ඔවුන්ට බාධක ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අනෙකුත් අධිකරණයන් ස්වාධීන බවෙන් තොරව, කොමියුනිස්ට්වාදය පක්ෂග්‍රාහී අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවේ දීර්ඝකාලීන වැඩ සටහනක ආරම්භය ලෙස අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම දැක්විය හැක.
ස්වාධීනව අධිකරණ ක්‍රියා කිරීම, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අතර, “සමාප්ති නිරීක්ෂ සටහන්” මගින් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කිරීම, සම්බන්ධව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරායාට හා ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුවට අහිත කරව පවතිනවා ඇත.
අධිකරණයේ ස්වාධිනත්වය, සැම අතින් ම කොමියුනිස්ට්වාදියා බාධක බව කිව යුතු ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් අප විසින් දක්වන ලද අදහස, මේ පිළිබඳව ගලපා ගැනීමට නැවත අවධානයට යොමු කරමු.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.
මෙකරුණින් ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්‍ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
ඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.
දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.
එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;
“127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;
මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”
දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ සඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.
ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.
අධිකරණය දේශපාල්නීකරනය කිරීමේ නින්දිත උත්සාහය නීතියට අනුකූලවම ඉතා හොඳින් පැහැදිලි කිරීම සහ ඒ සඳහා ඔබ මහන්සි වී කරන ලද සේවයට බොහොම ස්තුතියි, ආරියතිලක මහතානනි. අග්‍ර විනිශ්චයකාර ඇතුලු ඉහළ අධිකරණවල විනිසුරන් තම ආත්ම ගෞරවය සහ වෘතීය ගෞරවය රැකෙන පරිදි සහ අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම තම යුතුකම සේ සළකා එකහෙලා මෙම සංශෝධනය ප්‍රතික්ශේප කලයුතුය.
Deleteඅධිකරණ සේවා කොමිසමේ ව්‍යවස්ථාවට අනුව ඝන පූරණයක් නැතුව ගනු ලබන තීරණ නීත්‍යනුකූල නොවේ. සාමාජිකයන් 220 වටා වැඩියෙන් ඉන්න කොමිසමේ රැස්වීමට සහභාගී වුනේ 65 විතරයි. 50% ඝන පූරණය නැති නිසා එහි ගනු ලබන තීරණ වලංගු නොවේ
ReplyDeleteපච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.
ReplyDeleteඅතන මෙතන ඇහෙන කතා
ReplyDeleteලප පච කොට ලන්කට් අඳින්නේ නැහැලු. උ කියනවාලු උගේ පක ලොකු නැතිනිසා එලියට පෙනෙන්නේ නැහැ ඒ නිසා ලන්කට් ඕනේ නැහැලු. කිහිප දෙකෙක් කලිසම පිටිපස්සෙනුත් බැලුවාලු පටිවත් පෙනෙනවද කියා නමුත් ඔවුන්ටත් හෝඩුවාවක් සොයාගන්න බරිවුනාලු.