අගමැතිනි උත්සවයේ සිටියදී ගබඩාව හොරු කඩයි..


 කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබියදී, එහි ගබඩා කාමරයක් බිඳ දේපළ සොරාගැනීමේ පුවතක් වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය 01 වැනිදා පස්වරු 3:00 ත් 5:55 ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය පවසයි. සොරුන් විසින් ගබඩා කාමරයේ දොර කඩා එහි තිබූ අබලි වයර්තොගයක් රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

ගබඩා භාරකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ, අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන අතරතුර ආයතනයේ ගණකාධිකාරීවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී ගබඩාවේ දොර කඩා ඇති බව දැනුම් දුන් බවයි. වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබූ වයර් තොගය අතුරුදන්ව ඇති බව ඔහු දැක තිබේ.

කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.





Robbery Reported During Celebrations at Kalutara National Health Institute

As the centennial celebration of the Kalutara National Health Institute took place under the leadership of Prime Minister Harini Amarasuriya, it was reported that a storeroom was broken into and items stolen.

The Southern Kalutara police have now initiated a comprehensive investigation regarding this incident.

According to the police, the theft occurred between 3:00 PM and 5:55 PM on the 1st of the month. It has been revealed that the thieves broke the door of the storeroom and made off with a shipment of wire rods.

The storeroom custodian, in a complaint made to the police, stated that while the event was ongoing under the Prime Minister's leadership, the institution's accountant called him to inform that the storeroom door had been broken into. Upon immediately going to the location to investigate, he discovered that the shipment of wire rods was missing.

A team of senior police officers from Kalutara Headquarters is conducting further investigations related to the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. පචවීම කලාවක්නම් JVP එකේ පිකාසෝ

    ReplyDelete
  2. ගබඩාව කඩලා කිව්වම /// හරියට කියන්න ///
    අතුල්ලලා කඩලා ද ? යම් දෙයක් ඇතුළ කරලා කඩලා ද ?
    බීg කුච්චන් ප්‍රශ්න මේවා

    ReplyDelete
  3. ඒ කියන්නෙ පිරිමියෙක් කොහොම හරි හරිනි නොදැනුවත්ව ඇතුළ් වෙලා

    ReplyDelete
  4. National Dobi TeamJuly 3, 2026 at 3:04 PM

    ❤️❤️ adambarai paita nam

    ReplyDelete
  5. අගමැතිනි එක්ක ආව එකෙක්

    ReplyDelete
Previous Post Next Post