පොලිස් ලොක්කෙකුගේ නිවසින් බෝම්බ තුනක් හා කඩුවක් හමුවේ...


මහනුවර, නත්තාරම්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බ තුනක් සහ අඩි දෙකහමාරක් පමණ දිග කඩුවක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සොයාගෙන ඇත.

ඊයේ (17) දින සිදු කරන ලද මෙම වැටලීම සඳහා තොරතුරු අනාවරණය වී ඇත්තේ අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ බිරිඳ විසිනි.

ඇය විසින් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලබා දුන් තොරතුරකට අනුව නිවස සෝදිසි කිරීමේදී, නිලධාරියාගේ ඇඳුම් අල්මාරියක සඟවා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය සහ කඩුව හමු වී තිබේ.

දැනට කන්කසන්තුරේ ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන මෙම සහකාර පොලිස් අධිකාරීවරයා තිදරු පියෙකු වන අතර, ඔහු සහ බිරිඳ අතර වසර 9ක පමණ කාලයක සිට පවුල් ආරවුලක් පවතින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සොයා ගන්නා ලද අත්බෝම්බ සහ කඩුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පල්ලේකැලේ පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත අතර, මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය සහ පල්ලේකැලේ පොලිසිය ඒකාබද්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





Explosive Discoveries at Police Officer's Residence in Mahanuwara

Authorities in Mahanuwara have made a shocking discovery at the residence of an Assistant Superintendent of Police, uncovering three live hand grenades and a knife measuring approximately two and a half feet in length. This significant find was uncovered by the Special Crimes Investigation Division during a search operation.

The operation, carried out on October 17, was initiated following information provided by the officer's wife. Based on her statement to a senior police officer in charge of the Mahanuwara division, investigators searched the residence where they found explosive materials and the large knife concealed in the officer's clothing wardrobe.

The Assistant Superintendent, currently serving in the Kankasanturai area, is a father of three and reportedly has been embroiled in familial disputes with his wife for approximately nine years, as revealed during police investigations.

The recovered grenades and knife have been handed over to the Palleykele police for further investigative procedures.

Authorities are expected to obtain a statement from the Assistant Superintendent regarding the findings, while both the Mahanuwara Special Crimes Investigation Unit and the Palleykele police conduct a coordinated inquiry into the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. කඩු තියෙන්නේ තණකොල කපන්න.
    බෝම්බ තියෙන්නේ ඒ තණකොල පුච්චන්න. උඹලට ඒක වත් තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  2. මුස්ලිම් පල්ලිවල විතරක් නෙවෙයි කඩු තියෙන්නේ එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ඉතින් මුස්ලිම් පල්ලි වල විතරක් නෙමේනේ තණකොල වැවෙන්නේ.

      Delete
  3. අගරදගුරුට කිව්ව නම් ඇවිත් ඉඹලා බුරියානි කාලා යයි.
    එයා හරි ආසයි බෝම්බ ගහන අයව ඉඹින්න. බදාගෙන ඉඹින්නේ.
    හැබැයි ඉතින් මේ බෝම්බ අල්ලපු එවුන්ව නම් අල්ලලා හිරේ දාලා පුක බලනවා.

    ReplyDelete
  4. ලප පච කොටගෙ සාපය...රට මහා වියසනයකට වැටීගෙන එනවා

    ReplyDelete
  5. ලබන සතියේ ප්‍රවුර්ති:- මෙම ඔත්තුව දුන් කෙනා බල නහර කපාගෙන සියදිවි හානිකර ගනියි.:

    ReplyDelete
Previous Post Next Post