දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට ශ්රී ලංකාව යයි ලෝක බැංකුව විසින් සහතික කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා කල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි පුවත් සත්‍යාපන කරන ආයතනයක් වන Fact Crescendo පවසයි.
ඔහුන් විසින් පල කර ඇති වාර්තාව මෙසේය.
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට හෝ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය සහිත රට බවට ප්‍රකාශ කිරීම වැරදි බවයි. දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන රට ලංකාව බවට ලෝක බැංකුව විසින් ද කිසිවිටෙකදී සඳහන් කර නැත.
දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් පෙන්නමින් කලාපයේම ආර්ථික වර්ධනය බලපාන්නේ, ඉහළ වර්ධන වේගයක් පෙන්වන ඉන්දියාවයි. දකුණු ආසියාවේ මෙන්ම ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය වන්නේ ඉන්දියාවයි. භූතානය ද ලංකාවට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් පෙන්න්නුම් කළ ද එය ඉතා කුඩා ආර්ථිකයකි.
කෙසේ නමුත්, ලෝක බැංකු නවතම වර්ගීකරණ අනුව, ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් දක්වා උසස් වී තිබුනේ, දකුණු ආසියාවේ රටවල් අතරින්, 2024 ට සාපේක්ෂව 2025 දී, ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වැඩිම වර්ධනයක් වාර්තාකර ඇති රට බවට පත්වෙමින්. මේ පුවත ඔස්සේ දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන රට ලංකාව බවට වැරදි නිගමනය නිර්මාණය වී ඇති බව අනුමාන කළ හැකිය.
ලංකාව මෑතක දී ලද වර්ගීකරණයේ උසස් වීමට බලපෑවේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වර්ධනයක් වන අතර, එය රටක සමස්ත ආර්ථික සංවර්ධනය හෝ පොදු ජීවන තත්ත්වය පිළිබඳ විස්තීර්ණ තක්සේරුවක් නොවේ.
සම්පූර්ණ වාර්තාව මෙතනින්..
Fact-Checking Reveals Misleading Claims About Sri Lanka's Economic Development
Recent statements made by Deputy Minister T.B. Sarath asserting that Sri Lanka is the fastest developing country in South Asia have been categorically refuted by Fact Crescendo, a reputable news verification organization.
Their investigation highlights critical discrepancies, showing that labeling Sri Lanka as the region's rapidly developing nation is incorrect. The World Bank has never indicated that Sri Lanka holds any such status in South Asia.
Economic growth in South Asia is predominantly driven by India, which showcases the highest growth rates in the region as well as globally. While Bhutan has demonstrated stronger economic growth than Sri Lanka, it operates on a much smaller economic scale.
However, according to the World Bank’s latest classification, Sri Lanka has been upgraded to an upper-middle-income country, ranking among the top performers in the region in terms of per capita Gross National Income growth, especially projected for 2025. The projection may inadvertently lead to the erroneous conclusion that Sri Lanka is, in fact, the fastest growing country in South Asia.
The recent upgrade in Sri Lanka's classification can be attributed to an increase in per capita GNI, which, however, does not provide a comprehensive assessment of the overall economic development or general living standards within the country.
For the complete report, click here.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

MODAKAMETH, BORUWETH SEEMAWAK THIYANAWA. ME AYA KIYANNE PERAPU BORU. "Distilled Foolishness"
ReplyDeleteබෝක්කුවක් උඩ කාලෙ කාපු එවුන්ට ඕවා ගැන වැඩි දැනුමක් නැහැ.
Deleteපොලොන්නරුවේ රාජ්‍ය නායකයට පොලොන්නරුවට යන්න බැරි සීන් එකක් දැන් තියෙන්නෙ.
මේ ගෙරි සුද්දා පිස්සු කතා කියනවා.
T B 🐂
DeleteDevelopment of crimes in Sri Lanka is a truth but not economy.
ReplyDeleteලෝකයේ වේගෙන්ම නීතිය නවන රට සහ සමස්ථා ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් හැකරුන්ට පූජා කල රට ශ්රී ලංකාව බවට පත්ව තිබේ. ගල් අඟුරු වලින් ලෝකයේ විශාලම වංචාව කල රටද ශ්‍රී ලංකාවයි.
Deleteමූ මෙවා කියන්නේ අවසානයේ දී මුන්ට ඉතිරි වන 3 රැකගන්න. නමුත් යන විදියට 3 තියා ගන්න බැරි වෙයි.
ReplyDeleteමේගොල්ලන් කෙලෙන්නේ පච කියලා කවුරුවක්වත් පෙන්නල දෙන්න ඕන නෑ, රටේ හැමෝම දන්නවා
ReplyDeleteT B 🐂
Deleteමුන්ට ලෝක බැංකු වාර්තාවක් වත් කියවලා තේරුම් ගන්න බැරි හැටි. ඉතින් කොහොමද ආණ්ඩුවක් කරන්නේ.
ReplyDeleteT B 🐂
DeleteOyala boru kianda enda epa. Me ape Sara boru kiyanne na.
ReplyDeleteමුන් දන්නා ආර්ථික විද්‍යාව ට වඩා හොඳට රිලවු දන්නවා. හොර හැත්ත.
ReplyDelete