දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
ආණ්ඩුව බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සුබසාධනය සඳහා සෘජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නෑ.
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.රැඳවියන් අටසියයකට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට හාරදහසක් දානවා. ඉතින් හාරදහසක් දැම්මම පැහැදිලිවම ඒක ඇතුලේ හාරදහසකට ඉන්න බෑ.
ඒ වගේම අනිත් පැත්තෙන් දැන් මේ වෙනකොට අපි දැක්කා ඔය සිද්ධිය හා සම්බන්ධයෙන්, සිද්ධිය වගේම බන්ධනාගාර ඇතුලේ වසංගත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියලා රැඳවියන්, කාන්තා බන්ධනාගාර රැඳවියන්ගේ උද්ඝෝෂණයකුත් තිබ්බා. ඉතින් හැමතැනම මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රමයක්, වෙනත් වෙනත් ප්රචාරක වැඩසටහනක් හරහා තමන්ගේ දේශපාලන වාසිය ලබාගන්න දිනෙන් දින පුද්ගලයෝ රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඒක දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් සමාජයේ අනිත් අය වෙන්න පුළුවන්.
ඉතින් ආණ්ඩුව කළ යුත්තේ මේ වෙලාවේ මේකට පැහැදිලිව මැදිහත් වෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් පහුගිය දිනවල, පහුගිය කාලසීමාවලත් අපි පාර්ලිමේන්තුවේත් මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් රස පරීක්ෂක වාර්තා එන්න අවුරුදු ගානක් යනවා. ඉතින් රස පරීක්ෂක වාර්තා එනකන් බොහෝ අය නිකන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. වාර්තාව එනකොට සමහරුන්ගේ ඒවායේ මත්ද්‍රව්‍ය ඇත්තෙත් නෑ. හැබැයි ඉතින් ඒ කාලසීමාව ඇතුලේ මේ බන්ධනාගාර පිරෙනවා.
ඉතින් බන්ධනාගාර කාර්ය මණ්ඩලයත් නෑ. නිලධාරීත් නෑ. එක්කෝ නිලධාරී ටික දෙන්න ඕනේ, යටිතල පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. ඉතින් ඒවා හදන්නේ නැතුව ආණ්ඩුව හැමදාම පොලිසිය ලව්වා, පොලිසියේ මත්ද්‍රව්‍ය වැළැක්වීම කියන කාරණය මත, කැම්පේන් එක මත අත්අඩංගුවට අරගෙන පොලිසියෙන් දක්වන කරුණු මත තමයි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඉතින් මේ තත්ත්වයට ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕනේ සහ ආණ්ඩුව මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ.
ඒ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවය මත ඔවුන්ට හසුරුවන්න පුළුවන් කොමසාරිස් කෙනෙක් පත් කරනකන් බලන් ඉන්නවා. ඉතින් මේ හැම කාරණයක් පිටිපස්සෙම තමන්ගේ දේශපාලන අරමුණ තියෙනවා. ඉතින් දේශපාලන අරමුණු ඉටුකරගන්න මිනිස්සු බන්ධනාගාරගත කරනවා. මාධ්‍ය සංදර්ශන දාන්න ඕනේ හින්දා අහිංසක මිනිස්සු ගිහිල්ලා කුඩු සහ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ කිසි කෙනෙක් පුනරුත්ථාපනය යවන්නෙත් නෑ. අඩුම ගානේ එක වතාවක් හෝ දෙවතාවක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුව පුනරුත්ථාපනයට යවන්න ඕනේ. ඉතින් පුනරුත්ථාපනය කරන්නෙත් නෑ. සියලු දෙනාම ගිහිල්ලා බන්ධනාගාර ටික පුරවගන්නවා.
ඒ අතර දේශපාලනික වශයෙනුත් තමන් බන්ධනාගාරගත කරන අයව විශේෂ වාට්ටු කියලා දානවා. ඒ අයව විශේෂ වාට්ටුවලට දැම්මම අනිත් වාට්ටුවලට තව පිරෙනවා. ඉතින් අවසානයේ ඒ බන්ධනාගාර ඇතුලේ ලොකු සමාජ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දැනුම් දුන්නා. ඉතින් අපිත් බන්ධනාගාරවලට දැන් මේ දවස්වල නිතරම යනවා අපේ මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන්, වගේම ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, බුද්ධි නිලධාරීන් බොහෝමයක් බන්ධනාගාරගත කරලා තියෙන හින්දා මේ ආණ්ඩුවලින්. ඉතින් ඒ යනකොට අපිට දැනගන්න, දකින්න ලැබෙන දේ, ඇහෙන්න ලැබෙන දේ මේකයි. ඉතින් මේ සඳහා ආණ්ඩුව පැහැදිලිව වගකීමකින් කටයුතු කරන්න ඕනේ."
Prison Overcrowding Crisis Highlighted by Namal Rajapaksa
Concerns over the severe overcrowding in Sri Lankan prisons have been brought to light by Namal Rajapaksa, the national organizer of the Sri Lanka Podujana Peramuna and a sitting Member of Parliament. He emphasized that every prison in the country is exceeding its capacity.
Rajapaksa made these remarks today during a media briefing at the party headquarters in Nelum Mawatha. He pointed out that despite numerous opportunities for the government to directly intervene for the welfare of inmates, such actions have been noticeably absent.
He further elaborated that while the government has been active in arresting individuals and remanding them into custody, little attention has been paid to the wellbeing of those already incarcerated. The current situation in prisons is dire, with overcrowding reaching alarming levels.
Rajapaksa noted that facilities designed to accommodate eight hundred prisoners are currently housing more than fifteen hundred, creating an untenable situation. “It is clear that such severe overcrowding is not sustainable,” he stated.
Moreover, he raised concerns about the outbreak of diseases within prisons due to the lack of adequate sanitary conditions and resources. Women inmates have also expressed their distress through protests, highlighting the urgent need for reforms.
Despite the challenges, Rajapaksa urged the government to take decisive action and engage openly on these pressing issues. He asserted that the conditions in prisons are not merely administrative failures but deeply rooted social dilemmas that require immediate reform.
"It is imperative for the government to take responsibility and act decisively to address this critical situation," he emphasized.
The MP concluded by stating that it is crucial to address the political motivations behind the imprisonment practices in the country and ensure that innocent individuals are not unfairly caught in the net of political expediency.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අප්පටසිරි... බන්ධනාගාර Expert කෙනෙක්... අනාගතයේදී මේ දැනුම තවත් වැඩි කරගැනීමට අවස්ථාව ලැබේවා!!!
ReplyDeleteඵ්කාග්‍රතාවයට සවිඥානික භාවයට ඉවහල්වන, හෙළබිමේ දේශීය පුරවැසියන්ගේ ශරීරය තුළ 'වා පිත් සෙම්' කුපිතවී පැනනගිනා සියළුම රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සවාභාවික දිව්‍ය ඖෂධය ''කන්සා ශාකයේ වගාව සහ භාවිතය කෘෘර ලෙසට දේශීය පුරවැසියන්ගේ භාවිතය තහනමට ලක්කිරීම" උපයෝගී කරගනිමින් විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,''දේශීය පුරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා'' මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට, තරැණ ප්‍රජාව මර්ධණයකිරීමට යොදා ගනු ලබනා බවත්,.
ReplyDeleteසියළු සත්‍ය තොරතුරැ දෙස් විදෙස් සිසාරා විකාශණය වූ බවත්,.
''යටත්විජිතයේ කන්සා අවනීතිය'' ශෘජුවම මෙවලමක් ලෙසට උපයෝගී කර ගනිමින් අමාණුශික මර්ධණය මුදාහැරමින්, අසහනයට පත්වූ තරැණ ජිවිත ඉලක්කයකරගනිමින් තරැණ නැගිටීම මර්ධණය කිරීම සඳහාම තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරනා ,..
විශ මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසට රටතුලට පොම්පකරමින්,..
කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස දිගටම පවත්වාගෙන යන අතරතුර,..
අදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරමින්,..
'
''කන්සා අවනීතිය මර්ධණයේ මෙවළමක්ලෙසට පවත්වාගෙන යමින් ",.
ජනසමාජයක් මර්ධණයකර,..
බළය රැක ගැනීම සඳහා දඩයම්, සමූළඝාතණ සිදුකරනා,..
මුග්ධ මාළිමා රජයට,..
''කන්සා අවනීතිය''මෙවළමක්ලෙසට පවත්වාගෙන යමින්, උපයෝගී කර ගනිමින් සිදුකරනා අමාණුශීය මණුශ්‍ය දඩයම්, ඝාථන පිළිබඳව සබුද්ධික මනසින් සමස්ථ ලෝකයක් අවදිවී බලා සිටිනා බව අවධානයට,.!
Amare man awaa.
ReplyDeletegihin balanna lagai
ReplyDeleteකොහොම හරි තල්ලුකර ගත්තොත් හොදයි ඊළඟ චන්දෙට කලින්. නැති නම් පාපිසි ටික කැලේ .
Deleteනාමල්❤ මිනී මරු කුනු ගදගහන ජෙප්පොන්ගෙ කාලෙ ඉවරයි. පිරිසිදු ස්වයංපෝෂිත රටක් නිර්මානය කරන්න ජන බලය ඔබ වටා ඉන්නවා❤️❤️❤️❤️❤️🫠
ReplyDelete