සලේ-පිල්ලෙයාන් ගැන කරුණා අම්මාන් කට අරී.. CID දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්..


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එහිදී නැඟෙනහිර පළාතේ පිල්ලෙයාන් පාර්ශ්වය සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අතර පැවති සමීප සබඳතාව මෙන්ම ඔවුන් ඒකාබද්ධව සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳව කරුණු රැසක් අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම පිල්ලෙයාන්ගේ කණ්ඩායමට අවශ්‍ය නවාතැන් පහසුකම් සැපයීම සඳහා සුරේෂ් සලේ විසින් පුද්ගලයන් සම්බන්ධ කර දී ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා ඔවුන් විසින්ම සපයා ඇති බවත් කරුණා අම්මාන් සාක්ෂි සහිතව පෙන්වා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ දේශපාලන ප්‍රවාහයක සිටියද, ඔවුන් දෙදෙනා අතර දීර්ඝකාලීන දේශපාලන විරසකයක් පැවති බව දේශපාලන කරළියේ ප්‍රකට කරුණකි.

මේ අතර, පිල්ලෙයාන් පාර්ශ්වය විසින් පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන වධකාගාරයක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, කොළඹ නගරය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සහය දැක්වූ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වී තිබේ.





Karuna Amman’s Testimony Reveals Links to Easter Sunday Attacks

The Criminal Investigation Department (CID) has documented a statement from former Minister Vinayagamoorthy Muralidharan, better known as Karuna Amman, regarding the ongoing investigations into the Easter Sunday terror attacks.

Details have emerged highlighting a close relationship between the Pillayan faction and former chief of the State Intelligence Service, Suresh Saleh, revealing their coordinated activities. Karuna Amman disclosed that Saleh facilitated shelter arrangements for the Pillayan group, indicating that he also provided necessary financial support for these operations.

While both Karuna Amman and Pillayan were aligned with former President Mahinda Rajapaksa, it is well-known within political circles that a longstanding political rivalry existed between them.

In addition, the CID has launched an extensive inquiry into a suspected torture chamber allegedly operated by the Pillayan faction in the Polonnaruwa Welikanda area. Statements from other individuals linked to these operations are currently being sought, and investigators are focusing on identifying persons who aided their activities within Colombo.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. https://youtu.be/OJWAayCFZUQ?si=mcca-mSPAhEIuNkQ

    ReplyDelete
  2. All bloody Traitors ............. forgetting the good work ...........

    ReplyDelete
  3. Stupid government ls political joy ride. Creating one narration after the other . But you can not hide the truth . It was Islamic fanatics who did this. Now they are making this issue to hunt down the military to please the diaspora. Never had a treacherous government ever

    ReplyDelete
  4. රාජපක්ෂ විරෝධී ඕනෑම කෙනෙකු ත්‍රස්තවාදී මරාගෙන කෙනෙකු වුවද කම් නැත ඔහුව සාදරයෙන් පිළිගැනීමට මාලිමා අපි බලා සිටිමු.

    ReplyDelete
  5. මේවා පුවුත්ති නෙවෙයි ඕප දුප.

    ReplyDelete
Previous Post Next Post