ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉහළම ප්‍රගතියක් අත්කර ගත් රටවල් අතරට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance - IIF) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
2026 ජූලි මාසය සඳහා නිකුත් කරන ලද IIF Investor Relations and Debt Transparency Report මගින් පෙන්වා දෙන්නේ, පසුගිය වසරට සාපේක්ෂව සිය දර්ශක අගයන් වේගයෙන්ම ඉහළ නංවාගත් රටවල් හතර අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති බවයි.
IIF වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව සිය ආයෝජක සබඳතා දර්ශකයේ ලකුණු +6.3ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත. වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් යන රටවල් සමඟ ශ්‍රී ලංකාව ද මෙම වේගයෙන් දියුණු වන කාණ්ඩයට ඇතුළත් කර තිබේ.
සමස්තයක් ලෙස නැගී එන වෙළඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් ආශ්‍රිතව සිදුකළ මෙම ඇගයීමේදී, ශ්‍රී ලංකාව ලකුණු 50න් 43.67ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්ව ඇත. මෙය ලොව ඉහළම කාර්තුවේ පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වීමට හේතු වී තිබේ.
ණය කළමනාකරණයේදී සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ප්‍රවේශ වීමේදී විනිවිදභාවය අතිශය තීරණාත්මක සාධකයක් බව IIF වාර්තාව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව වැනි රටවල් සිය මූල්‍ය දත්ත සහ ප්‍රතිපත්තිමය තොරතුරු විශ්වසනීය ලෙස ඉදිරිපත් කිරීම හරහා ආයෝජක විශ්වාසය තහවුරු වන අතර, එමගින් ණය ලබා ගැනීමේ පිරිවැය අවම කර ගැනීමටත්, ස්ථාවර ණය ශ්‍රේණිගත කිරීම් පවත්වා ගැනීමටත් අවස්ථාව සැලසෙන බව වාර්තාව පෙන්වා දෙයි.
මෙම ප්‍රගතිය හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආයෝජකයන් අතර වඩාත් විශ්වසනීය මූල්‍ය ගමනාන්තයක් ලෙස සිය ස්ථානය තහවුරු කර ගනිමින් සිටින බව IIF වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
අදාල වාර්තාව මෙතනින්..
Sri Lanka Rises as a Leading Destination for Investment, Reports International Finance Institute
The Institute of International Finance (IIF) has unveiled a new report highlighting Sri Lanka's remarkable progress in enhancing investor relations and debt transparency, placing it among the world's top-performing nations.
In the IIF Investor Relations and Debt Transparency Report set to be released in July 2026, Sri Lanka has been identified as one of the countries that has rapidly improved its index scores, achieving a notable increase of +6.3 in its investor relations ranking. This puts Sri Lanka alongside countries like Vietnam, Belize, and Mozambique, which are also rising in this category.
The evaluation, conducted across 57 emerging markets and developing economies, noted that Sri Lanka secured a high score of 50, significantly higher than the previous year’s 43.67. This achievement positions Sri Lanka among the elite economies in the world, enhancing its status on the global stage.
The report underscores that transparency in debt management and access to international financial markets is a crucial determining factor for success. For countries like Sri Lanka, the reliable presentation of financial data and policy information fosters investor confidence and can lead to reduced borrowing costs, while also providing opportunities to maintain stable credit ratings.
Furthermore, this progress affirms Sri Lanka's reputation as a dependable financial destination for international investors, solidifying its standing as a significant player in the global investment landscape.
The full report is available for further details here.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුන් තමයි ක්‍රියාදාමයට ඇතුලත් වුනේ.එතුමන් හිටියා නම් අපි 1ට එනවා.ගරු බැසිල් හෝ නාමල් මැතිඳුන් හිටිය නම් අපි අඩුම ගානේ 3වත් වෙනවා.මේ පච කොටා හින්දා අපි 4
ReplyDeleteWell said
Deletequite right
Deleteරනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මේ තත්ත්වය උදා වුණේ.
ReplyDeleteabsolutely right about that.
DeleteOthana kochchara ka ghuvath aththatama kisima Investor-friendly gathiyak mey aanduvata thiyanavada? Hamadaama 'One-stop shop, one stop shop' gaavata vadak na. Loku investorsla ekek vath enne na. Lokuma hethuva Aanduva Marx-vadee ekak kiyala USA announce karapu nisa.
ReplyDeleteමගේ සිහින පෙම්වතී වගේ ආයෝජන සබඳතා අතින් ලංකාව ඉහලම තැනක නමුත් ආපු හෝ එන ආයෝජකයෙක් අහලක වත් පෙනෙන්නට නැත!
ReplyDelete