දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන රට ලංකාව කියලා ලෝක බැංකුවෙන් ගිය සතියේ සහතිකයක් ගත්තා අපි..- TB

 ඉන්දියාව සහ පකිස්ථානය වැනි රටවල් අභිබවා යමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හිමි රට ලෙස ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් සහතික කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

පසුගියදා පැවති ජනහමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරය හිස්ව, රට බංකොලොත් වී තිබූ අසීරු අවධියක වත්මන් රජය රටේ වගකීම භාරගත් බවයි.

ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා දිගු පෝලිම් පැවති එමෙන්ම භාණ්ඩ වර්ග 900ක ආනයනය සීමා කර තිබූ යුගයක, අනෙකුත් දේශපාලන කණ්ඩායම් වගකීම් පැහැර හරිද්දී රජය එම අභියෝගයට මුහුණ දුන් බව ඔහු සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවයන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. එම ගිවිසුම් ප්‍රකාරව 2027 වසර දක්වා බදු අඩු කිරීමට හෝ සෘජු සහනාධාර ලබා දීමට රජයට ඇති හැකියාව සීමිත වුවද, ස්වභාවික විපත් වැනි විශේෂ අවස්ථාවලදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය කාලසීමාවේ ඇති වූ ගංවතුර වැනි ස්වභාවික විපත්වලදී පීඩාවට පත් ජනතාවට සහ නිවාස හානි වූවන්ට රජය මගින් ලබා දුන් මූල්‍ය ආධාර පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රජය අනුගමනය කළ නිවැරදි ආර්ථික උපායමාර්ග හේතුවෙන් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ජාත්‍යන්තර ඇගයීමක් දිනා ගැනීමට හැකි වූ බව ටී.බී. සරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Sri Lanka Recognized as Fast-Growing Economy in South Asia, Says Deputy Minister TB Sarath

Deputy Minister T.B. Sarath highlighted that Sri Lanka has been certified as one of the fastest-growing economies in South Asia, surpassing countries like India and Pakistan. This recognition comes from international financial institutions, including the World Bank.

Speaking at a recent public gathering, the minister reflected on the severe economic crisis that gripped the nation, leaving the treasury depleted and the country on the brink of bankruptcy. He noted that despite these daunting challenges, the current government has taken on the responsibility of steering the country towards recovery.

During a period characterized by long queues for fuel, gas, and essential goods, alongside restrictions on the import of 900 different items, Sarath recalled how the government faced these challenges head-on while political factions attempted to sidestep accountability.

He elaborated on the agreements made with the International Monetary Fund, clarifying that while the government’s capabilities for tax reductions or direct financial assistance until 2027 are constrained, measures have been put in place to provide necessary support to the populace during exceptional circumstances such as natural disasters.

Discussing recent natural calamities like floods, he mentioned the financial assistance offered by the government to affected citizens and those whose homes were damaged. Sarath emphasized that the government's sound economic strategies have enabled Sri Lanka to earn this commendable international recognition within a remarkably short span of time.

*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි දීපු චන්දෙට, හා නැද්ද?

      Delete
    2. Naththam,

      Renilwath mehema karat gaththe naha

      Delete
    3. ඉන්දියාව සහ පකිස්ථානය වැනි රටවල් අභිබවා යමින්😂😂😂😂

      Delete
    4. රනිල් හිටියනම් මෙලහට ගොන්ටගේ ලංකට් තියන්න කෞතුකාගාරත් හදලා

      Delete
  2. This guy is out of this world

    ReplyDelete
    Replies
    1. 2026දී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වී උද්ධමනය ඉහළ යනවා...- ADB

      Delete
  3. ගංජා නීති ගත කර සැම මිනිසෙකුම දිනපතා බවිතා කල යුතු බවට නීතියක් ගේන්න ඕනෙ. ගංජා ගහපු උන් කියන බොරු සිහියෙන් අහන් ඉන්න අමාරුයි.😂😂😂 දැන් මේකෙ ඉන්න උගත් බුද්දිමත් ජෙප්පො මේවත් ඇත්ත කියල හිතනව…..😂😂😂😂

    ReplyDelete
  4. yako..mahinda 2014 venakota oka karala thibune...thopi thamai yahapalanaya kiyala magulak atawala rata nathi kal

    ReplyDelete
  5. Meyata uddamanya kiyanne wamane yanawa wage ethi. Thawa awurudu dekak yanakota ehema wei.

    ReplyDelete
  6. උද්ධමනය සම්බන්ධයෙන් ද එම බැංකුව නව සංශෝධනයන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, 2026 වසර සඳහා මීට පෙර 5.2% ක් ලෙස පැවති උද්ධමන පුරෝකථනය 6.0% දක්වා ඉහළ නංවා ඇති අතර, 2027 වසර සඳහා 4.0% ක් ලෙස පැවති පුරෝකථනය 5.2% දක්වා ඉහළ දමා තිබේ.

    ReplyDelete
  7. බීඩි සරා හිතා ගෙන ඉන්නවා ඇත්තේ ඒක වාහන වලට දුං සහතික ගන්නවා වගේ වැඩක් කියලා වෙන්නැති

    ReplyDelete
  8. ආරියතිලක

    2024 ජනජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර ජනාපතිවරයා හා ජාතික ජන බලවේගය පක්ෂය කියන ලද බොරුවල හා ජනතාවට දෙන ලද බොරුවල තරම තවම ලෝක බැංකුව දන්නේ නැතුව ඇති. කොපමණ බොරු කියා ජනතාව රවටා ඇති ද යන්න බැලීමේදී ලෝක ඉතිහාසයේ වත්මන් ජනාධිපතිවරයා තරම් ජනතාව බොරුවෙන් රැවටූ වෙනත් පාලකයෙක් නැත්තේ ය. ජාතික ජන බලවේගය තරම් වෙනත් පක්ෂයක් ද නැත්තේ ය. ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට දෙන ලද පොරුන්දු මත ජනතාව ඡන්දය පාවිච්චි කොට ජනාධිපතිවරයාට බලය ලබා දුන්හ. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට බලයට ඒමට කියන ලද බොරු සෘජුව දායක වූ බැවින්, ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන වේගය මැනීමට ජජනාධිපතිවරයා විසින් හා ආණ්ඩු පක්ෂය විසින් ජනතාවට දෙන ලද බොරු පොරොන්දු ද් එකාබද්ධ කොට ආණ්ඩුවේ සංවර්ධන වෙගය මැනීමට කළයුතු ය්.

    ReplyDelete
    Replies
    1. ආරියතිලක

      2024 ජනජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර ජනාපතිවරයා හා ජාතික ජන බලවේගය පක්ෂය කියන ලද බොරුවල හා ජනතාවට දෙන ලද බොරුවල තරම, තවම ලෝක බැංකුව දන්නේ නැතුව ඇති. කොපමණ බොරු කියා ජනතාව රවටා ඇති ද යන්න බැලීමේදී ලෝක ඉතිහාසයේ වත්මන් ජනාධිපතිවරයා තරම් ජනතාව බොරුවෙන් රැවටූ වෙනත් පාලකයෙක් ලෝකයේ නැත්තේ ය. ජාතික ජන බලවේගය තරම් වෙනත් දේශපාලන පක්ෂයක් ද ලෝකයේ නැත්තේ ය. ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට දෙන ලද පොරුන්දු මත ජනතාව ඡන්දය පාවිච්චි කොට ජනාධිපතිවරයාට බලය ලබා දුන්හ. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩු බලය ලබා දුන්හ. තවදුරටත් විශ්වාස කොට බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය ලබා දුන්හ.

      ලෝක බැංකුව විසින් ලංකාවේ සංවර්ධන වේගය මැනීමේ දී මැතිවරණ දෙකට පෙර ජනාධිපතිවරයා විසින් හා ආණ්ඩු පක්ෂය විසින් කියන ලද බොරු පිළිබඳව සමාලෝචනය කොට එය සාපේක්ෂකව ගත යුතු ය. එසේ නො වන්නේ නම් ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යයයේ බලය උල්ලංඝනය කළා වෙනවා ඇත. හේතුව ජනතාවට බොරු කියා බොරු පොරුන්දු දී බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා හා ජාතික ජන බලවේගය ආණ්ඩුව,දෙන ලද පොරුන්දු අමු අමුවෙ උල්ලංඝණය කොට ඇත්තේ ය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීම හා උල්ලංඝනය කිරීම ද මේ හේතුවෙන් සිදු විය. ලෝක බැංකුව එම ආණ්ඩුවවට හා ආණ්ඩුවේ නායකයාට සංවර්ධනය පිළිබඳ සහතික නිකුත් කිරීමෙන් , කියන ලද බොරු සාධාරණීය කරණය කිරීමට හේතු වේ. ජනතාවට දුන් පොරොන්දු නො සලකා හැරීමට, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ලෝක බැංකුව උපකාර කළා වනවා ඇත. ලෝක බැංකුව බොරු කාරයන්ට බොරු පොරුන්දු දුන් අය තාන්ත්‍රික භාවයෙන් ඇගයීමට ලක් කිරීමක් ද වනවා ඇත. මේ සම්බන්ධව ලෝක බැංකුවේ සහතික ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කරන අතර ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂය කියන ලද බොරුවලට රැවටී ඡන්ද දුන් ජනතාවට සරදම් කිරීමක් කළා වේ. ලෝක බැංකුවේ සහතික නිකුත් කිරීමට පෙර බලයට පත් වූ ආණ්ඩුවේ දේශපාලන ඡන්ද පොරුන්දු පිළිබඳ සුජාත භාවය පරීක්ෂා කිරීම කළ යුතු ය. නැති නම් බොරුකාරයන්ට එම බොරුව රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් පවත්වා ගෙන යාමට ලෝක බැංකුවේ නිර්දේශය ලබා දීමක් ලෙස සැළකිය හැකි ය. එවැනි වංචනික රාජ්‍ය නායකයන් හා වංචනික ආණ්ඩු ඇති වීම වැළක්වීම ද ලෝක බැංකුවේ වගකීම හා යුතුකම ය.

      Delete
  9. What a 'palam coka' is this?

    ReplyDelete
  10. Fully agreed. How can you all construct 3-4 storied houses if our country is not developing?

    ReplyDelete
  11. ආරියතිලක

  12. Hello Mr. Beedi Harak?

    ReplyDelete
  13. බීඩි සරත් පකයට ට ලෝක බැංකුවෙන් සහතිකයක් දිලා

    ReplyDelete
  14. මුව බැරිද රුපවාහිනී විවාදයක ට ගෙන්න ගන්න

    ReplyDelete
    Replies
    1. පුළුවන්. වඩේ බැරල් එක එනව නං විවාද කරන්න 😂

      Delete
  15. Kumudu

    Can you please hide? It is disgusting to see your face and the newsarticles about you. I voted for NPP and beleived NPP can deliver. But this? This garbage is bullshit.

    ReplyDelete
Previous Post Next Post