මෙට්‍රො බස් වලින් කොළඹ පාරවල් පුරවයි.. තවත් 121ක් සේවයට..


 කොළඹ නගරය ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක මෙට්‍රෝ බස් සේවාව බස් රථ 121ක් දක්වා ඉහළ නංවමින්, වසරක කාලසීමාවක් සඳහා වන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිළිවෙළ එළඹෙන සැප්තැම්බර් මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

දැනට බස් රථ 10ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා ජනතාවට සැලකිය යුතු සහනයක් සැලසී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය තවදුරටත් නියමු මට්ටමේ පමණක් සීමා නොකර පුළුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන බව සඳහන් කළේය.

මීට අමතරව, 2027 වසරේදී ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්‍රධාන නගර සඳහා ද මෙට්‍රෝ බස් සේවාව හඳුන්වා දීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

පෞද්ගලික වාහන භාවිත කරන ජනතාව පොදු ප්‍රවාහන සේවාවන් වෙත ආකර්ෂණය කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

ඒ සඳහා කොළඹ නගරය ආශ්‍රිතව බස් නැවතුම්පොළ 240ක් හඳුනාගෙන ඇති අතර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් "Park and Ride" ක්‍රමවේදය හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත.

මෙම රථවාහන නැවැත්වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා පළාත් පාලන ආයතන, ව්‍යාපාරිකයන් සහ පෞද්ගලික ඉඩම් හිමියන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂිතය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර, එමගින් රථවාහන නැවැත්වීමේ ස්ථානවල පවතින ඉඩකඩ පිළිබඳ Real-time තොරතුරු ජනතාවට ලබාගත හැකිය.

රථවාහන නැවැත්වීමේ ගාස්තු අදාළ පළාත් පාලන ආයතන මගින් තීරණය කෙරෙන අතර, ඒ සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම් ද සලසා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Government Expands Metro Bus Service in Colombo with Major Upgrade

The Metro bus service currently operational in the Colombo metropolitan area is set to undergo a significant expansion, with plans to increase the fleet to 121 buses as part of a massive one-year project, officials confirmed.

Transport, Highways, and Urban Development Minister Bimal Ratnayake announced that the enhanced service is scheduled to launch by the end of September this year.

Initially commenced with just 10 buses, the service has already provided considerable relief to commuters, according to the Minister. He emphasized that the initiative would not remain limited to a fixed number of routes but would be developed into a comprehensive project.

In addition to the Colombo service, plans are in place to introduce the Metro bus service to major cities such as Galle, Kandy, and Jaffna by 2027, which has already received Cabinet approval.

A key objective of the project is to attract private vehicle users to switch to public transport services.

To facilitate this transition, 240 bus stops have been identified throughout the Colombo metropolitan area, with plans to implement a "Park and Ride" system centered around these locations.

Collaboration with local government authorities, businesses, and private landowners is anticipated for the establishment of these transportation hubs.

The Urban Development Authority is also preparing to launch a specialized mobile application that will provide real-time information about the availability of parking spaces at the bus stops.

Bus parking fees will be determined by the respective local government authorities, and the Minister further noted that efforts are being made to ensure online payment facilities are available for users.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. මාලිමාවට දුන් චන්දේ ගැන ආඩම්බරයකි

    ReplyDelete
    Replies
    1. metro epa. bus one

      AC ehema pauwena kota kadenawa.

      Delete
    2. ගෙන්නන්න වාහනේකට යන වියදම කීයද? ලීටරේකට දුවන්න පුලුවන් කිලෝමිටර් ගාන කීයද? සර්විස් එකකට කීයක් යනවද? අන්තිමේ අවුරුද්දක කාලයක් ගත්තොත් ඒ වියදම් ඔක්කොම ටිකට් එකෙන් කවර් වෙන්නෙ නෑ කියලා උඹට තේරුම් ගන්න බැහැ. කෙටියෙන් කියනවා නම් ඔය බස් දුවන්නේ පාඩු පිට. ඒ පාඩුව අපි ගෙවන්න ඕන බදු විදියට. ඒ කියන්නේ වෙන මිනිස්සු බස් වල යනවා. බස් ටිකට් එකේ ගාන අපි ගෙවනවා වගේ වැඩක්. උඹල මොලේ පැත්තකින් තියලනේ කඩේ යන්නේ. ඒ නිසා තේරෙන්නේ නැහැ.

      Delete
  2. අයිසේ කෝ මේ දුටුගැමුණු???

    ReplyDelete
    Replies
    1. පොරට රෙවිලා අන්න මැදමුලනේ කක්කුස්සියේ

      Delete
    2. පුද්ගලික බස් කාරයො පාඩු පිට බස් දුවන්නේ නැහැ.
      CTB එක දැනටමත් අම්බානෙකට පාඩුයි. දුවන්න පුලුවන් සමස්ථ බස් ප්‍රමාණය 6000යි. ඒත් දවසක මෙහෙයුම් වලට බස් 8000ක් ඕන. ඒත් බස් 6ක් ගේන්න පුලුවන් වියදමින් එක බස් එකක් ගෙනාවම පාඩුව දරන්නේ උඹලගේ අප්පලා. කක්කුස්සියේ ලෙවල් එකට වැ‍ටුනා 22 ගෙනාවට පස්සේ ආන්ඩුව නම්.

      Delete
  3. මෙන්න වැඩ​! ජයවේවා මගේ රටට​!!!

    ReplyDelete
  4. අනුර මේ රට හදනවා සත්තයි. දැන් විපස්සේ උන් ඇද-කුද හොයන්න බලා ගෙන ඇත්තේ.... ඔහොමම යමු ජනාධිපතිතුමනි. අපිට ඔයාව විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. high way haduwe madamulanata yanna kiyapu jeppk

      Delete
    2. වැඩේ හොඳයි. හැබැයි පාඩුයි.
      මේකෙ යන උන්ගේ ටිකට් එකේ ගානත් අපි ගෙවන්න ඕන බඩු වල ටැස්ක් වලින්. බෝක්කු උඩ රස්තියාදු ගහන මෝඩ ජෙප්පන්ට ඕවා තේරෙන්නේ නැහැ. වෙන මිනිස්සු හම්බ කරලා කන්න ගෙනත් දෙනවනේ.

      Delete
  5. ගැමුණු කෙදිරි ගාන්න නම් එපා!

    ReplyDelete
    Replies
    1. ගැමුණු කාරයා කියවන්නේ මේ ගානට බස් ගෙනත් දුවලා ජීවිතේට ලාභ ලබන්න බැහැ කියලා. එහෙනං මේ දැන් CTB එකට වෙන පාඩුවට ගෙවන්නේ කවුද? උඹලා හිතනවද පෞද්ගලික බස් අයිතිකාරයන්ට මේව ගෙන්නන්න සල්ලි නැහැ කියලා?

      Delete
  6. baiyoi toiyoi rotiyoi horen balala hangena news

    ReplyDelete
    Replies
    1. බිමලෝ මේකෙන් උඹ ගහපු ගාන කීයද කියපන්.

      Delete
Previous Post Next Post