කොලොම්බියාවේ දරුණු භූමි කම්පාවක්.. දැනට මරණ 150යි.. 570ක් තුවාලයි..

 


බටහිර කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 570 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනාශයට පත් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා සහන සේවකයින් මේ වන විට දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටිති.

කැලි නගරයේ පිහිටි රෝහලක ළමා සහ අලුත උපන් බිළිඳුන්ගේ වාට්ටු පවතින කොටස ද මෙම භූ කම්පනයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

උද්ගතව ඇති මෙම බරපතළ තත්ත්වය හමුවේ කොලොම්බියානු රජය විසින් රට තුළ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

සහන සේවා කටයුතු කඩිනම් කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා භට පිරිස් ද ආපදාවට ලක්වූ ප්‍රදේශ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.





Powerful Earthquake Devastates Colombia, Claiming 150 Lives

Recent reports indicate that a devastating earthquake has struck western Colombia, resulting in at least 150 fatalities and injuring more than 570 others.

Rescue workers are currently engaged in intensive efforts to free individuals trapped under the rubble of collapsed buildings.

Additionally, it has been reported that sections of a hospital in Cali, specifically those housing children and newborns, have completely collapsed due to the tremors.

In light of this severe situation, the Colombian government has declared a national state of emergency across the country.

To expedite relief operations and ensure safety, military personnel have been deployed to the affected areas.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post