යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා වෙත අධිකරණ බලය විමධ්‍යගත කිරීමේ සූදානමක් පවතින බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසයි.
හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම සංශෝධනය පිටුපස ෆෙඩරල් පාලන ව්‍යුහයකට මගපාදන සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බවට සැකයක් පවතින බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීනාත් පෙරේරා මහතා පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සහ නඩු ඉක්මන් කිරීම වැනි කරුණු මතුපිටින් පෙනෙන්නට තිබුණද, මෙහි සැබෑ අරමුණ 13 වන සංශෝධනය බලාත්මක කරමින් පළාත් මට්ටමින් අභියාචනාධිකරණ පිහිටුවීම විය හැකි බවයි.
ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය සහ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස එල්ල වන බලපෑම් හමුවේ රජය මෙම පියවර ගැනීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාණය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් ඒ මහතා කියා සිටියේ, මේ වන විට මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල නඩු ලක්ෂ අටහමාරකට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින්නේ නඩු 3,500ක් වැනි සුළු ප්‍රමාණයක් බවත්, සාමාන්‍ය ජනතාව පීඩා විඳින පහළ අධිකරණවල නඩු ප්‍රමාදයට විසඳුම් සෙවීම වෙනුවට ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීමට රජය ප්‍රමුඛතාව ලබාදීම ගැටලුසහගත බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, ශ්‍රීනාත් පෙරේරා මහතා තර්ක කළේ මෙය විනිසුරුවරුන් වෙත ලබාදෙන අල්ලසක් වැනි ක්‍රියාවක් බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල විය හැකි බවත්ය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය වැනි පවතින නීති නිසි ලෙස ක්‍රියාත්මක කරමින් පාර්ශවකරුවන් එකඟතාවකට පත්කිරීම හරහා නඩු ප්‍රමාදය අවම කිරීමට පියවර නොගෙන, මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම පිටුපස රට බෙදීමේ දේශපාලන ව්‍යාපෘතියක් පවතින බවට ඒ මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
Concerns Raised Over Proposed 22nd Constitutional Amendment in Sri Lanka
President’s Counsel Srinath Perera has raised significant concerns regarding the proposed 22nd Constitutional Amendment, suggesting it aims to centralize judicial power within provincial councils. Speaking on the ‘Salakuna’ program on Hiru TV, he emphasized the need for scrutiny, indicating there might be a concealed political agenda behind this amendment that aligns with a federal governance structure.
During the discussion, Perera pointed out that while the amendment appears to include measures such as increasing the retirement age for Supreme Court and appellate judges and expediting case processing, its underlying objective could potentially support the establishment of appellate courts at the provincial level, as prescribed by the 13th Amendment.
He noted that this initiative by the government coincides with external pressures, including the visit of India's Foreign Secretary and the push for provincial council elections. These factors seem to have catalyzed the government's efforts to implement these changes.
Perera presented data illustrating the backlog within the current judicial system, revealing an alarming number of cases exceeding 800,000 pending in magistrate and district courts. In contrast, only about 3,500 cases are outstanding in the Supreme Court and appellate courts. He criticized the government's prioritization of extending judges’ tenures at higher courts while failing to address the significant delays confronting the lower courts, where ordinary citizens suffer the most.
Furthermore, Perera argued that such actions may effectively serve as a 'gift' to judges, potentially undermining the independence of the judiciary. He highlighted that rather than working to minimize case delays through existing laws, such as Article 420 of the Criminal Procedure Code, this proposed constitutional amendment reflects a political agenda aimed at fragmenting the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොටි ඩයස්පෝරාව ට ඕනැ විදියට වැඩ කරන ආණ්ඩුවක්. 68 ලක්ෂයට ජයවේවා!.
ReplyDeleteජෙප්පෝ පලාත්සභා ක්‍රමේ නැති කරන්න යන්නේ..
Deleteමේ රනිල්ගෙස් ඔත්තු ලොල්ලෙක්
LTTE එකත් යුද්ධ කරලා ඒකාලේ හිටපු සිංහල තරුණ පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරලා දුන්න රට නීතියෙන්ම කොටින්ට පවරලා දෙනකල් දැන් ඉන්න මෝඩ තරුණ පරම්පරාව මීක් නැහැ. තොපිට තේරෙනකොට කරන්න කිසිදෙයක් කරන්න බැරි තරමට පරක්කු වැඩි වේවි. පොඩි පොඩි වාසි වලට රට පාවා දෙන ප්ලෑන් වලට ඉඩ දෙන්න එපා යකුනේ.
ReplyDeleteUba hinen nagitte danda? Gihin Tablet eka ganin..Wikara Kiyawanne nathuwa
Deleteඔබ හරි. මුන් හදන්නෙ රට බෙදල කඩල කොටින්ට පවරන්න
Deletelkasha 8 k rata giya
Deleteupath anupathaaya aduwunaa 2022 wenakam HORA kapu nisa
දෙමළ කොටි ඩයස්පෝරාවේ අණ කිරීම මත රට බෙදා වෙන් කරන්නයි හරක් කොටා හදන්නෙ
ReplyDeleteකොහොමත් මේක කොලේ වහලා ගැහිල්ලක්. මිනිස්සුන්ට ඇත්ත තේරෙන්නේ පහුවෙලා.
ReplyDeleteඔව් මේක කොටි ඩයස්පෝරාවට අනුරගේ පොරොන්දුවක්. මේක කළොත් උතුරු නැගෙනහිර ජන්ද වලින් ගොඩයන්න පුළුවන්. දකුණේ කොටසක් කොහොමත් රැවටිලානේ ඉන්නේ. විනිසුරුවන්ගේ වයස වැඩි කිරීම නිකන් අවදානය වෙන පැත්තකට යොමු කිරීමට යෙදු උපායක්
Deleteඋඹල අපෙන් අහල නෙමේනෙ යුද්ධ කෙරුවෙ.
ReplyDeleteපලාත්සභා හරහා කොටින්ට බලතල දෙන්ඩ අපිට උඹලගෙන් අහන්ඩ ඕනැද?
ඒයි ගෑණියේ, උඹ ආප්ප බාන්නෙ අපෙන් අහලද?
Deleteමේක කොටි ඩයස්පෝරාවට අනුරගේ පොරොන්දුවක්. මේක කළොත් උතුරු නැගෙනහිර ජන්ද වලින් ගොඩයන්න පුළුවන්. දකුණේ කොටසක් කොහොමත් රැවටිලානේ ඉන්නේ. විනිසුරුවන්ගේ වයස වැඩි කිරීම නිකන් අවදානය වෙන පැත්තකට යොමු කිරීමට යෙදු උපායක්
ReplyDeleteEkek Hithena widiyata boruwak kiwwama , Me ke buruwo rala eka attha kiyala comments danawa... Ane mehemath buruwo ralak
ReplyDelete