22 සංශෝධනයට එරෙහි නඩු වැටෙයි කියා බිය වූ පිරිසක් - මන්ත්‍රී


 යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැම් පිරිස් හඬ නගන්නේ තමන් කළ අපරාධ සම්බන්ධයෙන් නඩු වැටෙතැයි පවතින බිය නිසා බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ක්‍රිෂ් නඩුව, සිරිලිය ගිණුම සහ තාජුඩීන් ඝාතනය වැනි අතීතයේ සිදුවූ බරපතළ සිදුවීම් සම්බන්ධ නඩු කඩිනමින් විභාග වී තමන්ට එරෙහිව චෝදනා එල්ල වේ යැයි ඇතැම් පිරිස් බිය වී සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හන්තානේ ඉඩම් ගැටලු සහ විවිධ ආයතනවලට පොහොර ලබාදීමේදී සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් ද නඩු වැටෙනු ඇතැයි ඔවුන් බියෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11ක් පමණ ගොඩගැසී ඇති බවත්, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රජය පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ යටතේ අධිකරණ පද්ධතියට අලුතින් 4,400ක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින අතර, පැරණි කඩදාසි ක්‍රමය වෙනුවට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට ද පියවර ගෙන ඇත.

එසේම, අමාත්‍යවරුන් පරිහරණය කළ සුඛෝපභෝගී නිල නිවාස අධිකරණ කටයුතු සඳහා ලබා දීමට රජය තීරණය කර ඇති බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, පළපුරුදු විනිසුරුවරුන්ගේ අත්දැකීම් අධිකරණ පද්ධතියේ ප්‍රගතිය සඳහා තවදුරටත් ලබා ගැනීම මෙහි අරමුණ බවයි.

අතීතයේදී මෙන් හිතවතුන් අගවිනිසුරු ධුරවලට පත් කිරීම හෝ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැනි විනිසුරුවරුන් දේශපාලන උවමනාවන් මත ධුරවලින් ඉවත් කිරීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වත්මන් රජය සිදු නොකරන බවත්, වෘත්තීය මට්ටමේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Concerns Over Constitutional Amendment Raised by Kalutara MP Chandima Hettiarachchi

Chandima Hettiarachchi, the Member of Parliament for Kalutara District, has expressed that certain segments of society are vocally opposing the proposed 22nd Constitutional Amendment due to fears of becoming embroiled in legal cases linked to their past actions. His comments were made during a public meeting where he outlined the apprehensions surrounding ongoing legal issues.

He highlighted that people are anxious about facing charges related to serious historical incidents such as the Krish case, the Siriliya account, and the murder of Tajudeen. These fears stem from concerns that these cases might suddenly resurface against them.

Hettiarachchi further noted that apprehensions extend to potential legal repercussions regarding land disputes in Hanthana and corruption related to fertilizer distribution across various organizations.

The MP pointed out that there are currently approximately 1.1 million cases pending within the country’s judicial system, and the government has introduced a series of extensive reforms to address this alarming backlog.

As part of these reforms, efforts are underway to recruit an additional 4,400 personnel into the judiciary, and a transition is being made from the traditional paper-based system to a digital court framework.

Moreover, he mentioned that the government has decided to allocate luxurious official residences previously occupied by ministers for judicial purposes.

Discussing the extension of the retirement age for judges by two years, Hettiarachchi stated that the objective is to further harness the experience of seasoned judges for the advancement of the judicial system.

He asserted that the current government refrains from politically motivated appointments or dismissals of judges, contrasting with actions taken in the past, such as the removal of respected judges like Shirani Bandaranaike. He emphasized the government's commitment to safeguarding the independence of judicial professionals at a professional level.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. ado kauda me kari RAULA??? danneth ne pakayawa

    ReplyDelete
  2. මීට පිස්සුද මුගේ හැටිද?

    ReplyDelete
  3. පාපිස්සක්. දවස් 2ක් විතර දැකලා තියෙනවා. කාලකන්නි හැත්ත මුන්ට නඩුවක් ආපු ගමන් කොමිසමක් පත් කරලා අධිකරණ ක්‍රියාව ප්‍රමාද කරනවා. ගල් අඟුරු වංචාව හොයන්න කොමිසමක් දැම්මා. කොමිසමට එන්නෙත් මුන්ගෙම අය. කන්ටේනර් 323 පන්නපු එකටත් කොමිසමක් දැම්මා. ඒ මහ හොරු දෙන්නම තාම අධිකරණයට ගිහිල්ලා නෑ. මුන්ගේ කාලකන්නින්ට අධිකරණයට එන්න කිව්වම යන්නෙත් නැහැ. පුදුමේ කියන්නේ උන්ට වරෙන්තු නිකුත් වෙන්නෙත් නැහැ.

    ReplyDelete
  4. කාලකන්නි හැත්ත. රටම කෑවා. දැන් ඉතින් කොහොමත් තව අවුරුදු 20කට මුන් තමයි බලයෙ ඉන්නෙ. මොකද ඡන්ද නැති කරන නිසා. ඡන්ද තිබ්බොත් නම් ඉතින් මුන් එදාම ගෙදර.

    ReplyDelete
  5. අධිකරණයට අපහස කිරීම අරභයා මෙම පුද්ගලයාට නඩු පැවරිය හැකිය. මොහු පවසන්නෙ වර්තමාන අධිකරණ පද්ධතිය තුළ වැරදිකරුවන් පැනයාමෙන් හොර අනීතිකව ගැලවිය හැකි බැවින් 22 ගෙන ආ යුතු බවයි. එනයින් ගම්‍ය වන්නෙ වර්තමාන අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම දොර සහගත බවයි. එනයින් අධිකරණයට අපහස කර ඇත.

    ReplyDelete
  6. රටට කන උද්දච්ච අවජාතක සුනඛ පරම්පරාවෙ මුල්ලක හිටිය එකෙක්.. මෙහෙම අහංකාර බලු රැලක් නම් දැකල නෑ. රොඩියන්ට ගිය රටක්.

    ReplyDelete
  7. ඔව්, තොපේ නඩු යට ගහලා, judge la මාරු කරලා වැඩ කෝටියක්.

    ReplyDelete
  8. ඔව්, තොපේ නඩු යට ගහලා, judge la මාරු කරලා වැඩ කෝටියක්.

    ReplyDelete
Previous Post Next Post