22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නංවා, එම අධිකරණ වාර පළාත් මට්ටමින් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන පරිදි, දැනට කොළඹට පමණක් සීමා වී ඇති අභියාචනාධිකරණ බලය පළාත් මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව 24 දක්වා ඉහළ නැංවීමට යෝජිතය. අභියාචනාධිකරණය පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා තිබුණ ද, ප්‍රමාණවත් විනිසුරුවරුන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.
නව විනිසුරුවරුන් සිව්දෙනෙකු පත් කිරීමත් සමඟ, අදාළ පළාත්වල පවතින නඩු සංඛ්‍යාව අනුව ඇතැම් පළාත්වල වසරක කාලයක් හෝ ස්ථිරවම අභියාචනාධිකරණ වාර පැවැත්වීමට හැකි වනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එම පුවත්පතට පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් වන 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංශෝධන මගින් මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා ඉහළ නැංවීමට ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණ දක්වා වන සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ද යෝජනා කර ඇත.
දැනට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.
මෙම පනත් සම්මත වුවහොත් විනිසුරුවරුන් 400කට අධික පිරිසකට සේවා දිගු හිමිවන බවත්, මෙය කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ගෙන එන ලද්දක් නොව සමස්ත පද්ධතියේ යහපත උදෙසා ගත් පියවරක් බවත් රජය අවධාරණය කරයි.
Government Plans to Expand Appellate Court Jurisdiction to Provincial Levels
In a significant move, the Sri Lankan government is reportedly preparing to amend the Constitution to increase the number of appellate court judges, aiming to establish court sessions at the provincial level. This change is seen as a critical step to decentralize the appellate court, which is currently limited to Colombo.
According to 'Sunday Times,' the proposal involves raising the number of judges to 24 to facilitate the extension of appellate court authority beyond the capital. Although constitutional provisions exist to set up appellate courts at the provincial level, a shortage of judges has hindered its implementation to date.
A senior government spokesperson indicated that with the appointment of four new judges, it may be possible to conduct appellate court sessions in certain provinces, depending on the number of cases existing in those areas. This move could significantly improve access to justice for citizens residing outside Colombo.
The 22nd Amendment Bill and the Judicial Organizations (Amendment) Bill are set to be presented to Parliament this coming Tuesday. These amendments not only propose to increase the number of Supreme Court judges from 110 to 120 but also aim to extend the retirement age for all judges, from the Supreme Court down to the Magistrate's Court.
The government's primary objective is to expedite the resolution of over 1.1 million cases currently pending within the judicial system. If these bills are passed, more than 400 judges may become eligible for extended service, a move the government emphasizes is intended for the betterment of the entire judicial system, rather than targeting any individual.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උතුරු නැගෙනහිරට වෙනම බලයක්
ReplyDelete
Deleteදෙමළ ඩයස් පෝරාවේ ඉල්ලීම් ඉටු කිරීමක්
උඹලා මේ රටේ ඇවිදලා නැත්තන්, දැන්ම ට්‍රිප් එකක් දාගෙන රට වටේ පලයල්ලා. 22වන සංශෝධනේ පාස් වුනාම රට ෆෙඩරල් කරනවා. දැනටමත් දෙමළ මුස්ලිම් සෙට් එක එකතු වෙලා අන්න වෙනම ව්‍යවස්ථාවක් හදනවා. අනුරට ඊලඟ පාර දිනන්න නම් ඒක සම්මත කරන්න වෙනවා. ඒකට එන විරෝධතා ශ්‍රේස්ථාධිකරනේ ඉන්න අගවිනිසුරු පාදිලි උන්නාන්සේ අයින් කරල දෙනවා. ඒකට තමයි 22 ගෙනාවේ. ඉතින්, දෙමළ ඊලාම් රාජ්‍යටත්, මුස්ලිම් කාත්තන්කුඩි රාජ්‍යයටත් වෙන වෙනම යනවද, දැන්ම ට්‍රිප් එකක් දාගෙන යනවද කියලා උඹලාම තීරණය කරපල්ලා.
Deleteඊළම බිහිවෙමින් ඇත
ReplyDelete😆😆 මාලිමා හිතවාදී වගේම ..ඩයස්පෝරා හිතවාදී තීන්දු ටික දවසකින්
ReplyDeleteහෙනම ගහපන්
ReplyDeleteපළාත් අභියාචනාධිකරණ, ප්‍රාදේශීය අල්ලස් කොමිසම් කාර්යාල එක්ක උතුරු නැගෙනහිර පළාත් සභා චන්දෙත් දිනා ගත්තම ඊළම ප්‍රකාශයට පත් කරන්න විතරයි තියෙන්නෙ කියන එක මොළයක් තියෙන ඕනෙම මිනිහෙකුට තේරෙනවා.
ReplyDeleteකොටි මොකටද යුද්ධ කරමින් මහන්සි වෙන්නෙ, ඊලම දෙන්නෙ බන්දේසියේ තියල.
කොටි ඩයස්පෝරා සැලැස්මට අනුව ඔවුන්ට උතුරු නැගෙනහිර, මාලිමාවට දකුණ.
ලංකාවේ ජනතාවට තියෙන්නේ ඇෆ්ගනිස්ථානෙ වගේ තුවක්කුවට යටවෙලා ජීවත් වෙන්න.
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වනු ඇත.
දැනටමත් ප්‍රමාද වැඩියි. මිනිස්සු ඉන්නේ හීන ලෝක වල.
Deleteමාලිමාව දන්නවා මිනිස්සුන්ව අන්දවන්න. බුකියේ, යූටියුබ් වල චැනල් වලින් හැමදාම මෝඩයන්ගේ මොල හෝදනවා. කිසිම දෙයක් විමර්ශනය කරලා තේරුම් ගන්න බැරි, පත්තර බලන්නේ නැති උන් නිකන්ම අහු වෙනවා.