‘22 එපා’ මහ නාහිමිවරු ජනපතිට යැවූ ලිපිය සුජීව ප‍්‍රසිද්ද කරයි..


අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට උත්සාහ කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම නතර කරන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද විශේෂ ලිපිය සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (12) මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම ලිපිය ඉදිරිපත් කරමින් සේනසිංහ මහතා කියා සිටියේ, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස මහානායක හිමිවරුන් රජයෙන් ඉල්ලා ඇති බවයි.

වර්තමාන ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙසත් නියම කර තිබියදී, එම වයස් සීමාවන් ඉහළ නැංවීමට රජය ගන්නා උත්සාහය කිසිසේත්ම උචිත නොවන බව මහානායක හිමිවරුන් සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

මෙවැනි සංශෝධනයක් මගින් අධිකරණ පද්ධතියේ සුරක්ෂිතතාව පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු වන බවත්, එය අනාගතයේදී අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙරට විනිසුරුවරුන්ගේ සංගමය, නීතිඥ සංගමය සහ සිවිල් සංවිධාන පමණක් නොව, LawAsia, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (Commonwealth Law Association) සහ ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය වැනි විදේශීය ආයතන ද සිය විරෝධය පළ කර ඇති බව සේනසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විධායකයට අවශ්‍ය පරිදි විනිසුරුවරුන්ගේ සේවා කාලය වෙනස් කිරීමට ඉඩ ලබා දීමෙන් රට ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමේ අවදානමක් පවතින බවත්, එබැවින් අධිකරණයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම යෝජිත සංශෝධනයෙන් වැළකී සිටින ලෙස මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 


Monks Urge President to Halt Proposed Amendment on Judges' Retirement Age

In a significant move, former parliamentarian Sujeewa Senasinghe disclosed that a letter has been sent to the President from the Tri-Nikayas, urging an immediate halt to the 22nd constitutional amendment aimed at extending the retirement age of judges.

During a media briefing in Colombo, Senasinghe presented the letter, emphasizing that the monks have called on the government to refrain from actions that could undermine public confidence in the independence of the judiciary and the integrity of the legal system.

The current constitution stipulates that judges of the Court of Appeal can retire at the age of 63, while the retirement age for Supreme Court judges is set at 65. The letter from the religious leaders stresses that any attempts to increase these age limits are unequivocally inappropriate.

Furthermore, the letter warns that such amendments could raise serious concerns about the security of the judicial system and may potentially lead to the complete destruction of judicial independence in the future.

Senasinghe pointed out that opposition to the proposed amendment is not limited to local judges' associations and legal groups; international bodies such as LawAsia, the Commonwealth Law Association, and the International Bar Association have also expressed their dissent.

He cautioned that allowing judges’ service durations to be altered at the executive's discretion poses a risk of steering the country towards authoritarian governance. The monks have implored the President to steer clear of this amendment to protect the dignity of the judiciary


*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.



31 Comments

  1. කෝ දොස්තර නරක හිත. බොරු කියන

    ReplyDelete
    Replies
    1. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් වයස ????????????? hukki hukki huuuuuuuuuuuuu

      Delete
    2. Anura will reverse this in end of 2027. then everybody happy right ?? happy

      Delete
    3. Foot Notes මුකුත් නැද්ද නංගි බබෝ??

      Delete
    4. එක වහලෙක් අහල තියෙනවා මහ නායක හාමුදුරුවන්ගේ වයස. මහනායක තනතුරට පත් කරන්නේම භික්ශූත්වය විශාල කාලයක් ගත කරපු වයස්ගත ස්වාමීන්වහන්සේලා තමයි. උඹලගේ අගරදගුරු වගේ හොර රීලෝඩ් දාගෙන කල් දික් කරගන්න අය නෙමේ මහනායක හාමුදුරුවරු හරිද. 75න් විශ්‍රාම යන්න ඕන එකා, පාස්කු ප්‍රහාරේ විසඳන්න ඕන කිය කියා අවුරුදු ගානක් රීලෝඩ් දාගෙන අහක ඉන්න උන් මරන්න හදනවා.

      Delete
  2. Reminds of the obituary notice published of D E M O crazy ages ago.

    ReplyDelete
    Replies
    1. Yes late Mr. D.E.M.O Crazy' s obituary notice appeared in Ceylon Daily News way bak in early 70s.

      Delete
    2. Yes late Mr. D.E.M.O Crazy' s obituary notice appeared in Ceylon Daily News way bak in early 70s.

      Delete
    3. Yes, seems like obituary notice of the pacha government.

      Delete
  3. හයියෝ මලික් සමරවික්‍රම

    පුච්ච ගත්ත පෙට්‍රල් ටික පැලවත්තෙන් ඉල්ලගන්න

    නැත්තන් දැන් අතින් පෙට්‍රල් පුච්ච ගෙන රනිල් ගෙන් බැනුමුත් අහගන්නයි වෙන්නේ

    ReplyDelete
  4. ලපයා බෞද්ධ මහනායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා තඹේකට මායිම් කරන්නේ නෑ. ලපයාගේ ගෝඩ්ෆාදර් මැල්කම් රංජිත්.

    ReplyDelete
    Replies
    1. මැල්කම් කාරයා වල පල්ලට යන්නේ මාලිමාවත් වලට ඇදගෙනම. පල්ලිය කියලා රවී, ශානි දෙන්නව තනතුරු වලට දාගෙන ගලේ පැහැරූ බලල්ලු වගේ ආන්ඩුවට ඉන්න උනේ පල්ලියේ කීම අහන්න ගිහින්. පල්ලිය කරේ තියන් යන ආන්ඩුවට වෙන්නේ ආරක්ශාවට කඩුව වඳුරට දීපු මෝඩ රජාට වෙච්ච දේමයි.

      Delete
  5. This would be carried out unless the Hon. Cardinal Malcom Ranjith objects ..........

    ReplyDelete
  6. මේ ඇරබෙන්නෙ මහානායක හිමිවරු ගනයන් වීමේ සතියයි😂😂😂😂

    ReplyDelete
    Replies
    1. කලින් ඉඳන්ම ඩෝබි වේසිගේ පුත්තු ටික සෙට් වෙලා හාමුදුරුවන්ට කුණුහරුපෙන් බනින්න පටන් ගත්තා. දැන් සති 2ක වෙලේ ඉඳන් වැඩේ පටන් ගත්තේ. හාමුදුරුවරු ඔක්කොටම සුද්ද සිංහලෙන් බැනපන් කියලා පැලවත්තේ වට්ස් ඇප් ගෲප් වලට පණිවිඩේ ඇවිල්ලා. හේතුව සඟ සමුලුවක් පැවැත්වීම.

      Delete
  7. 🙏🙏🙏🙏🙏🙏

    ReplyDelete
  8. මහානායක හිමියන්ද ජනාධිපති? අටමස්ථානයේ නඩුව ගැන එතුමා මොනවාද කිව්වේ? දරුවන් දූෂණය කළාම නඩු අවුරුදු 20ක් ඇහෙනවා. Land නඩු අවුරුදු 50ක් ඇහෙනවා. ගත් ක්‍රියාමාර්ග මොනවාද? නීතිඥයන් සල්ලි ගන්නවා, නඩු කල් යනවා. අවසානයේ යුක්තිය කෝ?

    ReplyDelete
    Replies
    1. ඩොබියෙක් ඔය ටික කියන්නේ නැතිව වෙන මොනවා කියන්නද ඩොබියෝ

      Delete
    2. පර ඩෝබියෝ, ඔය ඉන්න විනිසුරුවොම තමයි අවුරුදු 20, 50 ඔය නඩු ඇද්දේ. ඔය නාකි විනිසුරුවො ටික ඊලඟට එන නඩු ඔය ප්‍රමානෙටත් වඩා අදිනවා. පුරප්පාඩු පුරවන්නේ නැති නිසා තවත් පරක්කු වෙනවා.

      Delete
    3. මහනායක හිමියන් ඉන්නේ ජනාධිපතිටත් උඩින්. අන්න ඒක මතක තියා ගන්. ජනාධිපතිලා පත් කරන්නත්, ඉන්න උන් එලවන්නත් මහනායක හාමුදුරුවන්ට පුලුවන්. හැබැයි තොපේ මව්ලවීලා වගේ වාසියට වැඩ කරන්නේ නැහැ. අගරදගුරු වගේ රීලෝඩ් දාගන්න ආන්ඩු වලට කෙලවන්නේ නැහැ. ජනතාවට හානියක් වෙනවා නම් තමයි තීරණ ගන්නේ.

      Delete
  9. ඔය ලියුමේ ෆුට් නෝට් නැද්ද ?

    ReplyDelete
  10. ඔය ලියුමේ ෆුට් නෝට් නැද්ද ?

    ReplyDelete
  11. ආගම ගොත්රිකයි කියලා.. පිරිකර උස්සන් පන්සල් ගානේ යන.. වැඳගෙන බන අහන .. කෙප්ප ගව ගාමර් සෙට් එක

    ReplyDelete
  12. A deaf and blind president?

    ReplyDelete
  13. me liyumata wahama rajaya uththara denna ona...kalinma mahanayaka la hamu wema duk adona ekka me wade nisa unge horunta kelawenna yana eka nisa pacha kelala mahanayaka larawattal thiyenne.wahama aththa hethuwa pahadala denna ona...

    ReplyDelete
  14. හත් අට පොලේ ගාගෙන මේ පච ආණ්ඩුව. අද මහානායක හිමිවරුන් රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය ගැනත් හොඳ කිව්වනේ. පාරට බැහැලා බලන්න කියලා. හික් හික් හික්.

    ReplyDelete
  15. No one voted for the "Ven" Hamuduruwo. Eat the free food and Preach the Daney.. Let the government do it's job.

    ReplyDelete
  16. මහනායකලටත් විශ්‍රාම යන වයසක් හැදුවොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු 105 වගේ වයසක් ගැලපෙනවා.

      Delete
Previous Post Next Post