ඩොලර් මිලියන 2.5 භාණ්ඩාගාර කොල්ලයේ වරද මහ බැංකුවේ.. ආණ්ඩුවේ නොවේ..


 භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම මහ බැංකුවේ පවතින දීර්ඝකාලීන අභ්‍යන්තර පාලන දුර්වලතාවල ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී සිදුකළ ගෙවීම් හයකින් දෙකක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සැකයක් ඇති කරගෙන විධිමත් විමර්ශනයක් සිදු කිරීමට මහ බැංකුවට අවස්ථාව තිබූ බවයි.

එහෙත් එම අවස්ථාවේදී ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වූ බව ඔහු සඳහන් කළේය.

මෙම පද්ධතිමය දුර්වලතා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඇති වූ ඒවා නොව, වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

විශේෂයෙන්ම ගිණුම් අංක මාරු කිරීම වැනි තොරතුරු තහවුරු කරගැනීම සඳහා විධිමත් කාර්ය පටිපාටියක් මහ බැංකුව සතුව නොතිබූ බවත්, මෙය කාලාන්තරයක් තිස්සේ පැවති 'අභ්‍යන්තර පාලන අසාර්ථකත්වයක්' බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය මෙම සිදුවීම පිළිබඳව දැනගත් වහාම විවිධ උපක්‍රම සහ නව ක්‍රියාමාර්ග ඔස්සේ ඒ පිළිබඳව කටයුතු කළ බවත්, ඒ පිළිබඳව මුදල් කාරක සභාව දැනුවත් කර ඇති බවත් ඔහු පැවසීය.

රටේ ආර්ථිකය මේ වන විට ශක්තිමත් වෙමින් පවතින බවත්, 2016 වසරේ සිට යාවත්කාලීන නොවූ පද්ධති නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය ඔස්සේ විධිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Deputy Minister Reveals Major Internal Control Weakness at Central Bank Following Missing $2.5 Million

The recent disappearance of $2.5 million from the treasury has been attributed to significant internal control weaknesses at the Central Bank, as stated by Deputy Minister Chaturanga Abeysinghe during a parliamentary session.

In his address, the Deputy Minister highlighted that the Central Bank had the opportunity to conduct a thorough investigation regarding two payment rejections from a total of six transactions made last November. However, he noted that the lack of appropriate attention to these incidents resulted in the unfortunate situation unfolding.

He emphasized that these systemic weaknesses are long-standing issues, not problems that arose after the current government's rise to power.

Abeysinghe pointed out that the Central Bank lacked a structured protocol to confirm critical information, such as bank account changes, which embodies an ongoing 'failure of internal control' that has persisted over time.

In response to the incident, the Ministry of Finance acted promptly upon learning about the occurrence and has since implemented various strategies and new measures to address the issue. The Financial Regulatory Authority has also been informed about this development.

The Deputy Minister further asserted that the country’s economy is currently strengthening, and the government is taking steps to modernize outdated systems that have not seen updates since 2016 through new technology and digitization efforts.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. මහ බැංකුවයි භාණ්ඩාගාරෙයි දෙකම පුකවල්වල ටෝච් ඔබා ගන්න සූදානමින් හිටහල්ලා

    ReplyDelete
    Replies
    1. අපෝ ඔන්න පොතුරන්ග අබේපොන්න මහදැනහුත්තා නැට්ට උස්සන් උම්බෑ කියනවා. http හිතන් ඉන්නේ රටේ මිනිස්සුත් ඌ වගේ හරක් කියලා වෙන්න ඇති. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ව හොරා කියලා දැන දැනම ඌ මහබැංකු අදිපති කරලා තියාගත්තේ කලින් ආන්ඩුවෙන්ද චතුරන්ග අබේපොන්න පොන්නයෝ?

      Delete
  2. මුන් හාදන්නේ දැන් උන් පිට දල අත හෝදගන්න

    ReplyDelete
    Replies
    1. අපෝ ඔන්න පොතුරන්ග අබේපොන්න මහදැනහුත්තා නැට්ට උස්සන් උම්බෑ කියනවා. http හිතන් ඉන්නේ රටේ මිනිස්සුත් ඌ වගේ හරක් කියලා වෙන්න ඇති. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ව හොරා කියලා දැන දැනම ඌ මහබැංකු අදිපති කරලා තියාගත්තේ කලින් ආන්ඩුවෙන්ද චතුරන්ග අබේපොන්න පොන්නයෝ?

      Delete
  3. අපෝ ඔන්න පොතුරන්ග අබේපොන්න මහදැනහුත්තා නැට්ට උස්සන් උම්බෑ කියනවා. http හිතන් ඉන්නේ රටේ මිනිස්සුත් ඌ වගේ හරක් කියලා වෙන්න ඇති. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ව හොරා කියලා දැන දැනම ඌ මහබැංකු අදිපති කරලා තියාගත්තේ කලින් ආන්ඩුවෙන්ද චතුරන්ග අබේපොන්න පොන්නයෝ?

    ReplyDelete
Previous Post Next Post