ඩොලර් මිලියන 2.5 භාණ්ඩාගාර කොල්ලයේ වරද මහ බැංකුවේ.. ආණ්ඩුවේ නොවේ..


 භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම මහ බැංකුවේ පවතින දීර්ඝකාලීන අභ්‍යන්තර පාලන දුර්වලතාවල ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී සිදුකළ ගෙවීම් හයකින් දෙකක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සැකයක් ඇති කරගෙන විධිමත් විමර්ශනයක් සිදු කිරීමට මහ බැංකුවට අවස්ථාව තිබූ බවයි.

එහෙත් එම අවස්ථාවේදී ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වූ බව ඔහු සඳහන් කළේය.

මෙම පද්ධතිමය දුර්වලතා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඇති වූ ඒවා නොව, වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

විශේෂයෙන්ම ගිණුම් අංක මාරු කිරීම වැනි තොරතුරු තහවුරු කරගැනීම සඳහා විධිමත් කාර්ය පටිපාටියක් මහ බැංකුව සතුව නොතිබූ බවත්, මෙය කාලාන්තරයක් තිස්සේ පැවති 'අභ්‍යන්තර පාලන අසාර්ථකත්වයක්' බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය මෙම සිදුවීම පිළිබඳව දැනගත් වහාම විවිධ උපක්‍රම සහ නව ක්‍රියාමාර්ග ඔස්සේ ඒ පිළිබඳව කටයුතු කළ බවත්, ඒ පිළිබඳව මුදල් කාරක සභාව දැනුවත් කර ඇති බවත් ඔහු පැවසීය.

රටේ ආර්ථිකය මේ වන විට ශක්තිමත් වෙමින් පවතින බවත්, 2016 වසරේ සිට යාවත්කාලීන නොවූ පද්ධති නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය ඔස්සේ විධිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Deputy Minister Reveals Major Internal Control Weakness at Central Bank Following Missing $2.5 Million

The recent disappearance of $2.5 million from the treasury has been attributed to significant internal control weaknesses at the Central Bank, as stated by Deputy Minister Chaturanga Abeysinghe during a parliamentary session.

In his address, the Deputy Minister highlighted that the Central Bank had the opportunity to conduct a thorough investigation regarding two payment rejections from a total of six transactions made last November. However, he noted that the lack of appropriate attention to these incidents resulted in the unfortunate situation unfolding.

He emphasized that these systemic weaknesses are long-standing issues, not problems that arose after the current government's rise to power.

Abeysinghe pointed out that the Central Bank lacked a structured protocol to confirm critical information, such as bank account changes, which embodies an ongoing 'failure of internal control' that has persisted over time.

In response to the incident, the Ministry of Finance acted promptly upon learning about the occurrence and has since implemented various strategies and new measures to address the issue. The Financial Regulatory Authority has also been informed about this development.

The Deputy Minister further asserted that the country’s economy is currently strengthening, and the government is taking steps to modernize outdated systems that have not seen updates since 2016 through new technology and digitization efforts.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. මහ බැංකුවයි භාණ්ඩාගාරෙයි දෙකම පුකවල්වල ටෝච් ඔබා ගන්න සූදානමින් හිටහල්ලා

    ReplyDelete
    Replies
    1. අපෝ ඔන්න පොතුරන්ග අබේපොන්න මහදැනහුත්තා නැට්ට උස්සන් උම්බෑ කියනවා. http හිතන් ඉන්නේ රටේ මිනිස්සුත් ඌ වගේ හරක් කියලා වෙන්න ඇති. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ව හොරා කියලා දැන දැනම ඌ මහබැංකු අදිපති කරලා තියාගත්තේ කලින් ආන්ඩුවෙන්ද චතුරන්ග අබේපොන්න පොන්නයෝ?

      Delete
  2. මුන් හාදන්නේ දැන් උන් පිට දල අත හෝදගන්න

    ReplyDelete
    Replies
    1. අපෝ ඔන්න පොතුරන්ග අබේපොන්න මහදැනහුත්තා නැට්ට උස්සන් උම්බෑ කියනවා. http හිතන් ඉන්නේ රටේ මිනිස්සුත් ඌ වගේ හරක් කියලා වෙන්න ඇති. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ව හොරා කියලා දැන දැනම ඌ මහබැංකු අදිපති කරලා තියාගත්තේ කලින් ආන්ඩුවෙන්ද චතුරන්ග අබේපොන්න පොන්නයෝ?

      Delete
  3. අපෝ ඔන්න පොතුරන්ග අබේපොන්න මහදැනහුත්තා නැට්ට උස්සන් උම්බෑ කියනවා. http හිතන් ඉන්නේ රටේ මිනිස්සුත් ඌ වගේ හරක් කියලා වෙන්න ඇති. EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් ව හොරා කියලා දැන දැනම ඌ මහබැංකු අදිපති කරලා තියාගත්තේ කලින් ආන්ඩුවෙන්ද චතුරන්ග අබේපොන්න පොන්නයෝ?

    ReplyDelete
  4. මේ දෙකම තියෙන්නෙ තොපේ ආන්ඩුව යටතෙ. එහෙනම් ආන්ඩුවක් මොකටද. මුන්ගෙ මේ බොරුවලට රැවටෙන අය ය්හව ඉන්නවා. මූන දැක්කත් අප්පිරියයි

    ReplyDelete
  5. ආරියතිලක

    ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) මුදල, ජවිපෙ කාඩරයන් අතට පත් වූවා ද?

    ආයුධ සංනද්ධ සටනකදී ප්‍රධාන දේ අතර ආයුධ එක් ප්‍රධාන සාධකයකි. මේ කාලයේ නම් ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය, විවිධ ආකාරයේ යුධ, ගුවන්, නාවික පීඩාකාරී ගිනි අවි හා සනිවේදන උපකරණ භාවිතා කෙරේ. තිබෙන ආයුධ ප්‍රමාණය හා ආයුධවල බල දුබල බව මත, සටනෙහි ජය පැරදුම තීරණය වනවා ඇත.

    ශ්‍රී ලංකා රාජ්‍ය ඇතුලත 1948 නිදහසින් පසු සංනද්ධ කැරැළි තුනක් ඇති විය. ඒ කැරැළි 3 ම අති කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ය. රාජ්‍ය බලය පැහැර ගැනීමට ය. දේශපූරණත්වය උල්ලංඝනය කිරීම පිණිස ය.

    1. 1971 ජනතා විමුක්ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,

    2. 1987/88/89 ජනතා විමුක්‍ති පෙරමුණ සංන්ද්ධ කැරැල්ල,

    3. එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ කැරැල්ල.

    මේ කැරළි තුන ම කැරැළි කරුවන් පරාද වූයේ, රාජ්‍යයේ ත්‍රිවිධ හමුදාව ඇතුලු සියලු ආරක්ෂක හමුදාව සමඟ සටන් කිරීමට තරම් ප්‍රබල ආයුධ තොග නොමැති වීම ය.

    රාජ්‍ය විරෝධී සංනද්ධ කැරළි දෙකක් මෙහෙයවා ඇති ජනතා විමුක්ති පෙරමුණ, හොඳාකාරයෙන් ම, එම 1971 හා 1987/88/89 කැරළි දෙක පරාද වීමට හේතුව, ආයුධ සංනද්ධ භාවයේ දුබල කම බව මනා කොට දන්නවා ඇත.

    ජානතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන මේ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට දී ඇති බලය තාවකාලික ය. මාක්ස්-ලෙනින්වාදී දේශපාලන පක්ෂ, තාවකාලික ආණ්ඩු හදන ක්‍රමයක් බලාපොරොත්තු නො වේ. එවැනි ඉගැන්වීමක් මාක්ස්- ලෙනින්වාදයේ නැත්තේ ය. ජනාධිපතිවරයා හා ආණ්ඩුව, දැනට ඇති දේශපාලන රාමුව ඇතුලත රාජ්‍ය බලය මෙහෙය වන්නේ, ආණ්ඩු බලය හා රාජ්‍ය බලය යන දෙක ම මාක්ස් ලෙනින්වාදී පාලනයකට ඉදිරියේ ගෙන ඒමේ පරම බලාපොරොත්තුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය මාක්ස් අනුමත නො කරයි. කොමියුනිස්ට්වාදී තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් පමණක් කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී.අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි යන කොමියුනිස්ට් න්‍යායාචාර්යවරුගේ ඉගැන්වීම ය.

    පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ ප්‍රකාරව බලයට පත් වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට, තම අභිමතය අනුව තනි කොමියුනිස්ට්වාදී පක්ෂ ක්‍රමය ඇති කිරීමට නීතියෙන් ඉඩක් නැත. ඒ සඳහා ඇත්තේ ක්‍රියා මාර්ග දෙකක් පමණ ය. එනම්:-


    1. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමෙන් ආණ්ඩු පක්ෂය හැර, අනෙක් දේශපාලන පක්ෂ බල රහිත වන ලෙස විශේෂිත බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කොට ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම හෝ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම පරිච්ඡින්න කොට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, විශේෂ බහුතරයෙන් සම්මත කොට, ජනමත විචාරණයකින් අනුමත කර ගැනීම; හෝ

    2. ආයුධ සංනද්ධ කැරැල්ලක් මගින් රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය අත්පත් කර ගැනීම, හෝ

    යන කරුණු දෙක මත කොමියුනිස්ට්වාදී තනි දේශපාලන් පක්ෂ ක්‍රමයක් ඇති, පාලනයක් ඇති කර ගත හැක.

    ReplyDelete
  6. ඉතිරි කොටස....

    ආරියතිලක

    මේ ක්‍රම දෙකෙන් ප්‍රථම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බාධක දෙකක් ඇති කරයි.

    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පත, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත් නොහළ හැකි වගන්ති හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාරව ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ද,
    ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR) ද යන අන්තර් ජාතික සම්මුතීන්ට එකඟ විය යුතු ය. එසේ නො වන බවට ආණ්ඩුව වග බලා ගත යුතු ය. එයට පිටින් ක්‍රියා කිරීමකදී, සෑම පුරවැසියෙකුට ම එය අභියෝගයට ලක් කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිත්වාසිකම් පෙත්සමක් ගොනු කොට කරුණු කියත හැක. එමගින් නීතියට පටහැනි සංශෝධන ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කරවා ගත හැක. එය තනි කොමියුනිස්ට්වාදී තන දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති කරලීමට බාධා පිණිස පවතී.


    අධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුවේ සැලැස්ම මේ සමඟ බැදී ඇති බව අප විසින් ලියන ලද, “විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනාවෙහි සැබෑ අරුත කුමක් විය හැකිද?” ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ය.


    2. ජනමත විචාරණයකින් ආණ්ඩුවට දිනීම ද ලෙහෙසි නැත. දෙන ලද මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නො හැකි වීමෙන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට භාජනය වී ඇත. එයට පිළියමක් ලෙස, ආණ්ඩුව කඳුරට වතු දෙමළ ජනතාව ද මුස්ලිම් ජනතාව ද, උතුරු නැගනහිර දෙමළ ජන්තාව ද, කතෝලික ජනතාව ද උපක්‍රම ශීලීව එකාරාශි කිරීමට උත්සාහ කරන බව අපගේ අදහස ය.


    නැවත සංනද්ධ කැරැල්ලක් ඇති කිරීමට අවි ආයුධ නොමැති කම;


    ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට දී ඇති සීමිත කාල ජනවරමේ බලය ඇතුලත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මාක්සවාදී න්‍යායට අනුගත ලෙස සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම හෝ නො කළ හැකි වුව හොත්, ඉතිරිව ඇත්තේ කවදා හෝ නැවත ආයුධ සංන්ද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීම ය.

    එයට ඇති එක ප්‍රධාන බාධකයක් වනුයේ ආයුධ නැති කම ය. එයට විසදුම් සේවීමට නම් අවි ආයුධ ගැනීමට මුදල් තිබිය යුතු ය. චීනය ත්‍රස්ත සංවිධානවලට මුදලට ආයුධ ලබා දීමේ අපකීර්තිමත් අතීතයක් ඇත. T56 හා T 81 චීන ගිනි අවි, අවි ජාවාරම්කරුවන් මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය සතු කිරීම පිළිබඳ, චීන රහස් අවි ගණුදෙණු සම්බන්ධව අපකීර්තිමත් බවට සරල එක් උදාහරණයක් පමණි. ආයුධ සංනද්ධ කැරැල්ලක් නැවත ඇති කිරීමට ආයුධ මිල දී ගැනීමට මුදල් ප්‍රතිපාදන උපයා ගැනීම පිණිස,ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරික මුදල වංචනික ගිණුම් වෙත යොමුවීමේ සිදුවීම, ජවිපෙ කාඩරයන් වෙත යොමු වූවාදැයි සැක සහිත ය. එම මුදල ජවිපෙ කාඩරයන් අතට පත් වූයේ නම් එමගින් ආයුධ මිලට ගෙන, කන්ටේනර් 323 ක් රේගු භාරයෙන් වංචනික ලෙස පිට කළ ආකරයෙන් හෝ ඊට සමාන ආකාරයකින් හෝ ජවිපෙ සාමාජිකයන් අතට පත් කර ගැත හැකි වෙනවා ඇත. ජවිපෙ දේශපාලන ඉතිහාසය අතිශයින් ම සැක සහිත ය. අවිශ්වාස ය. ආයුධ මිළ දී ගැනීමට, රහසිගත තුන්වන කැරැල්ලකට එය ඉතා ප්‍රයෝජනවත් නො වේ යයි කාට නම් කිව හැකි ද?

    ReplyDelete
Previous Post Next Post