මෙරට පවතින ආර්ථික අර්බුදය සහ වෘත්තීයමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 3000කට ආසන්න පිරිසක් පසුගිය කාලසීමාව තුළ දිවයින හැර ගොස් ඇති බව වාර්තා වේ. තවත් වෛද්‍යවරුන් 2000ක පමණ පිරිසක් ඉදිරියේදී විදේශගත වීමට සූදානමින් සිටිති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්තවලට අනුව, 2022 වසරේ සිට 2024 දක්වා කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 1489 දෙනෙකු මෙරටින් පිටව ගොස් ඇත.
සමස්තයක් ලෙස වෛද්‍යවරුන් 2500ක් පමණ රජයේ සේවය අතහැර ගොස් ඇති අතර, මෙම බුද්ධි ගලනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 1200කට අධික මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව ගණන් බලා තිබේ.
විශ්වවිද්‍යාල ක්ෂේත්රය තුළද මෙවැනිම බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇත. පශ්චාත් උපාධි සහ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී නැවත මෙරටට වාර්තා නොකළ ආචාර්යවරුන් සංඛ්‍යාව 514ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) අනාවරණය කර ඇත. මෙම පිරිසගෙන් රජයට සහ විශ්වවිද්‍යාල පද්ධතියට අයවිය යුතු මුදල රුපියල් කෝටි 340ක් (බිලියන 3.4ක්) පමණ වන බවද එහිදී හෙළි විය.
පසුගිය වසරේදී පමණක් විදේශ රැකියා සහ සංක්‍රමණ සේවා සඳහා පුද්ගලයන් 310,915 දෙනෙකු දිවයිනෙන් පිටව ගොස් ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ මහ බැංකු දත්තවලට අනුව, මෙලෙස විදේශගත වූවන්ගෙන් සියයට 76ක්ම (236,900කට අධික පිරිසක්) නිපුණ සහ වෘත්තීය මට්ටමේ ශ්‍රමිකයන් වීම විශේෂත්වයකි.
ආර්ථික දුෂ්කරතා, ඉහළ අධ්‍යාපන අවස්ථා සෙවීම සහ ස්ථිර පදිංචිය සඳහා විදේශ රටවල් තෝරා ගැනීම මෙම බුද්ධි ගලනයට ප්‍රධාන හේතු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Brain Drain Intensifies as Sri Lanka Faces Economic Turmoil
Recent reports indicate that approximately 3,000 medical professionals, including specialists and university educators, have left Sri Lanka amid ongoing economic crises and professional challenges. An additional 2,000 doctors are reportedly preparing to emigrate in the near future.
Data from the Government Medical Officers' Association reveals that between 2022 and 2024 alone, 1,489 specialists have exited the country. Altogether, around 2,500 medical practitioners have resigned from government service, leading to an estimated financial loss of over 1.2 billion rupees for the government due to this exodus of skilled personnel.
A similar dire situation is unfolding within the academic sector, where the number of doctors who have secured postgraduate degrees and left without returning has risen to 514. The Committee on Public Accounts (COPA) disclosed that the total financial obligation to the government and the university system from this group is around 340 million rupees (approximately 3.4 billion rupees).
In just the past year, 310,915 individuals have departed the country for foreign jobs and migration services. According to data from the Sri Lanka Bureau of Foreign Employment and the Central Bank, a striking 76% of those who emigrated were skilled and professional workers, amounting to over 236,900 individuals.
Analysis reveals that main factors driving this brain drain include economic hardships, the pursuit of better educational opportunities, and the desire for stable residency in foreign nations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තව බදු ගහමු.
ReplyDeleteMe okkoma 2022 2024 wiruwage kale neda. Honda kiyawala balance.
Delete"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්තවලට අනුව, 2022 වසරේ සිට 2024 දක්වා කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 1489 දෙනෙකු මෙරටින් පිටව ගොස් ඇත" you are correct. Wiruwa iddi hiya eka gena thama
Deletemalimavata jaya weva aragalaya gana bokken sathutu bro
ReplyDeleteඉන්න හිතෙන රටක්!
ReplyDeleteරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්තවලට අනුව, 2022 වසරේ සිට 2024 දක්වා කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 1489 දෙනෙකු මෙරටින් පිටව ගොස් ඇත. Hondata kiyawala balapan.
Deleteලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු ඉන්නේ 6700 යි. 2000ක් රට හැර ගියා කීම පිළි ගන්ඩ අමාරුයි. මම හිතන්නේ ප්‍රථම උපාධි සම්පූර්ණ කරපු ශිෂ්‍යයන් උසස් අධ්‍යාපණය සඳහා විදේශ ගත වෙලා ඇති. සාමාන්‍යයෙන් 400ක් විතර වසරකට ඒ සඳහා ශිෂ්‍යත්ව ලබා යනවා.
ReplyDeleteජෙප්පො චන්ද තියන්නෙ නෑ. රට කොතන නතරවෙයිද කියල හිතාගන්න බෑ.
ReplyDeleteඡන්ද තිබ්බ නම් නතර වෙන තැන උඹ දන්නවා.
Deleteහැම තැනම ඉන්නේ මුං ගේ ගෝලයෝ. උන් ට වැඩක් කරලා පුරුදු නෑ. හැම එකම අනනවා. සිස්ටම් චේනජ්
ReplyDeleteරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්තවලට අනුව, 2022 වසරේ සිට 2024 දක්වා කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 1489 දෙනෙකු මෙරටින් පිටව ගොස් ඇත. Bayya yanu kauda kiyala therum ganinn. Umbath bayyek.
Deleteදෙමවුපියන්ගේ පෞද්ගලික වියදමෙන් මෙරට හෝ පිටරට ඉගෙන ගන්නා බුද්ධිමත් දක්ෂ ළමයි විශ්ව විද්‍යාල ආචාර්යවරු වරු කෙරුවත් ඔවුන් ලංකාවේ රඳවා ගන්න අමාරුයි. ජාතික විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාල ආචාර්යවරු උන පිරිසත් ඔවුන්ට ඇති ඉල්ලුම සහ ලංකාවේ ඔවුන්ට ඇති නොසැලකිලි නිසා රට හැර යන්න ගත්තම අනාගතේ අපේ දරුවන්ට ඉගෙන ගන්න වෙන්නෙ කාගෙන්ද ?
ReplyDeleteමේක අලුත් දෙයක් නෙවෙයි. 2000 වසරේ ඉඳන් දත්ත දිහා බැලුවොත් මේ තත්ත්වය පැහැදිලියි. ගිය අය රැකියා නැතිව ආපහු එනවා. නැත්නම් ෂෙඩ්වල පෙට්‍රල් ගහනවා. පිටරටවල 50%ක් වගේ බදු ගෙවන්න වෙනවා. මෙහෙ වගේ නිකන් පඩි දෙන්නේ නැහැ. Private practice කරන්නත් බැහැ.ඕනේ අය යන්න .
ReplyDelete