ලොකු ලොක්කන් 50කට ළග ළගම මාංචු..


රුපියල් කෝටි 5,000කට අධික මහජන මුදල් අවභාවිතය සහ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන්, දේශපාලනඥයන්, ඔවුන්ගේ සමීපතමයන් සහ රජයේ උසස් නිලධාරීන් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් මෙම වසර අවසන් වීමට පෙර අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසියේ විශේෂ විමර්ශන ඒකක කිහිපයක් එක්ව මේ වන විටත් අදාළ පරීක්ෂණ කටයුතු වේගවත් කර තිබේ.

මෙම දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් සිදු කරන ලදැයි කියන මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් මෙරටට අහිමි වී ඇති මුදල රුපියල් කෝටි 5,000කට අධික බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුගිය කාලසීමාව තුළ සිදු වූ විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් විසි දෙනෙකුට ආසන්න පිරිසක් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ග මගින් දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටිති.

නව විමර්ශන යටතේ චෝදනා ලැබීමට නියමිත පුද්ගලයන් විදේශගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති අතර, ඔවුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඔත්තුකරුවන් ද යොදවා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මහජන දේපළ නාස්ති කළ සහ දූෂණවලට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව පොලිසිය මගින් අඛණ්ඩව විමර්ශන පවත්වන බවයි.

දූෂිතයන්ට දඬුවම් ලබා දීම මෙන්ම ඔවුන් විසින් රටට අහිමි කළ මහජන මුදල් යළි අය කර ගැනීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මීට අමතරව, මීට පෙර විවිධ තාක්ෂණික ගැටලු පෙන්වා දෙමින් නඩු කටයුතුවලින් නිදහස් වූ දේශපාලනඥයන් කිහිපදෙනෙකු පිළිබඳව ද යළි අවධානය යොමු වී තිබේ.

එම තාක්ෂණික දෝෂ නිවැරදි කර ඔවුන්ට එරෙහිව නැවත නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කරමින් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වේ.





Crackdown on Corruption: Over 50 Politicians and Officials to Face Arrest

In a significant escalation of anti-corruption efforts, credible sources within the government have revealed plans to arrest approximately 50 former ministers, political figures, and high-ranking government officials linked to the alleged misuse of public funds exceeding Rs. 5 billion before the end of this year.

Investigations into allegations of bribery and corruption are being expedited by a joint task force comprising the Commission to Investigate Allegations of Bribery or Corruption, the Criminal Investigation Department, and several specialized police investigation units.

Preliminary investigations indicate that financial irregularities attributed to these politicians and officials have resulted in a staggering loss of over Rs. 5 billion to the national treasury.

Previously, around twenty political figures, including former ministers, have already faced legal action resulting in imprisonment due to various corruption charges during the recent period.

To prevent any indicted individuals from leaving the country, necessary measures have already been put in place, including the deployment of special agents to monitor their travel activities.

Responding to inquiries regarding the ongoing investigations, Minister of Public Security and Parliamentary Affairs, Ananda Wijepala, stated that the police are diligently continuing their inquiries against all those involved in the damning destruction of public property and corruption.

He emphasized that a primary objective of the government is to punish the corrupt and recover the public funds that have been lost to the country.

Furthermore, attention has been drawn to several politicians who previously escaped legal consequences due to various technical flaws in their cases, with plans now underway to rectify these issues and renew prosecution efforts against them.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. හරියටම 50කට මාංචු දානවා.
    මේ CNews වල දාන කෙඛර වලට රැවටෙන්න එපා

    ReplyDelete
    Replies
    1. හරියටම 50 හොස්පිටල් යවනවා. හුත්තරීතර තාක්සනික දෝසේ එනවා.
      මේ CNews වල දාන කෙඛර වලට රැවටෙන්න එපා

      Delete
  2. එතකොට ජෙජෙප්පො විවිනාශ කරපු බස්, කෝච්චි , රජයෙ වාහන , වීමෝල්, ට්ට්‍රාන්ස්ෆෝමර, බලාගාර මේවට කව්ද ගෙවන්නෙ..ඒවත් පැලවත්තෙන් ගන්න ඕනි

    ReplyDelete
    Replies
    1. How many innocent people they killed even Pregnant women & Children ....

      Delete
    2. 40,000 killed by UNP government

      Delete
  3. මුන්ට ගහල එලවමු.කෝ # දාල පටන් ගන්න

    ReplyDelete
  4. මාලිමාවට චන්දේ දීපු ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් වලින් ආතල් ගත්ත එවුන් හිරේට යැවීම පමණයි

    ReplyDelete
  5. ජෙපි කාලකන්නි විනාශ කරපූවා .. ගන්න විදිය " Surprise" එකක් වෙයි.. තව ටික කාලෙකින්

    ReplyDelete
  6. ආරක්ෂක කොලමAugust 9, 2026 at 4:47 AM

    භූ දේශපාලන ප්‍රධාන න්‍යාය පත්‍රයේ තිබෙන, බෙදුම්වාදී ව්‍යාපාරය ලංකාවෙන් අතුගා දැමූ දේශපාලකයින් සහ මිලිටරි නායකත්වයන් විනාශ කිරීම සදහා ඔව්න් ජවිපෙ හරහා ආසන්න ලෙස 2008 වසරේ සිට රට තුල කිදාබැස්ස වූ දූෂණ විරෝධී සමාජ මනසිකත්වය තුලින් ඵල නෙලීම ආරම්භ වන යුගයයි මෙයයි. රාජපක්ෂ පාලන තන්ත්‍රය තුල සිටි අනික් මැති ඇමතිවරුන් විනාශ කිරීම ඔව්න්ගේ ප්‍රධාන අවශ්‍යතාවය නොවෙයි.ඔව්න් වක්‍රාකාරයෙන් සිය ඉලක්කය වන මහින්ද, ගෝඨාභය. සහ බැසිල් රාජපක්ෂ වෙත ඉතා වේගයෙන් හබායමින් සිටී. ඔව්න්ට නිර්දය ලෙස දඩුවම් දී එය පාඩමක් ලෙස ශ්‍රීලාංකිකයන්ට උගන්වා නැවතක් බෙදුම්වාදී යුද්ධය ආරම්බ වනු ඇත.ඒ වනවිට පරිකල්පන හැකියාවක් ඇති අතිවිශාල ශ්‍රීලාංකිකයින් පිරිසක් රටේද නොසිටිනු ඇත.සිංහල ප්‍රජාව මේ පලිගැනීම හමුවේදී කුපිතවීම වැලැක්වීම සදහා දඩයම ඉතා සූක්ෂම ආකාරයෙන් කරගෙන යාමට ජවිපෙට ඇති වගකීම වෙයි. ඔව්න් තනඉකරම පාහේ තොරොම්බල් කරනුයේ දූෂණය හා පසුකාලීනව සිදුවුණු පාස්කු ප්‍රහාර මාලාවයි. පාස්කු ප්‍රහාරය ඉතා සූක්ෂම ලෙස රාජපක්ෂවරුන්ගේ ඇගේ ගැසීමේ ක්‍රියාවලියද යම් සාර්තකත්වයක් සහිතව සිදුවේ. මේ සියලු දේ කිරීමට ජනබලයක් ලෙස ජවිපෙ රට තුලින් උපුටා දක්වන්නේ විවිද සමාජ පීඩනයන් වලට මූණ දුන් ජන කොටස්ය. ඒ අතර සිංහල සමාජය තුල කුල පීඩනයට පත්වීම නිසා හීනමානයන් ගොඩ නැගුනු කණ්ඩායම්, කතෝලික/ක්‍රිස්තියාන සුලු ආගමික පසුබිම් වලින් සිංහලයන් සහ ජාතිකවාදී දේශපාලන හැගීමක් නොපවතින කලකට පෙර ජාතිකවාදී විරෝධී එජාපය නියෝජනය කල පිරිස් මේ ක්‍රියාන්විතයේදී දඩබල්ලන් ලෙස පාවිච්චි වෙමින් පවතී. මෙහිදී විශේෂයෙන් කිවයුතුව ඇති කාරණයක් වනුයේ රාජපක්ෂ දේශපාලනය තුල ප්‍රාදේශීය මට්ටමින් ගොඩ නැගුණු විවිද දූෂිතයින් සමාජයට සාක්ෂි සැපයීමයි. ඒ තුලද විශාල කලකිරීමක් ජාතිකවාදී පිරිස් තුලද පවතී. එය අවාසියට කරුණක් වෙයි.

    ReplyDelete
  7. All political opponents of the jeppas will be imprisoned before the next election. WAKE UP SRI LANKANS.... THESE MORONS ARE RUINING THIS COUNTRY> Where is the aragalaya??????????

    ReplyDelete
  8. TIme to start an aragalaya against these jeppa losers. Come on, only the jvp hathikare can organize an aragalaya? Let us get together to start a new aragalaya against the jvp.

    ReplyDelete
Previous Post Next Post