වෙලද හිගය ඩොලර් බිලියන 5.4 තෙක් වැඩිවේ.. එය IMF ණය මුදලේ දෙගුණයට ආසන්නයි..


 2026 වසරේ මුල් මාස හය (ජනවාරි - ජූනි) කාලසීමාව තුළ මෙරට වෙළඳ හිඟය අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විදේශ අංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි. එම කාලය තුළ වාර්තා වී ඇති වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 5,489.1 කි.

මහ බැංකු දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3,270.1 ක් ලෙස පැවති වෙළඳ හිඟය, 2026 වසරේ අදාළ කාලය වන විට 67% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත.

මෙම වෙළඳ හිඟය මෙලෙස පුළුල් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉතා වේගයෙන් ඉහළ යාමයි.

2026 වසරේ මුල් මාස හය තුළ මෙරට මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,903.2 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 6.3 ක වර්ධනයකි. කෙසේ වෙතත්, එම කාලය තුළ ආනයන වියදම සියයට 26.9 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 12,392.3 ක් ලෙස වාර්තා වී තිබේ.

අපනයන අංශය සලකා බැලීමේදී කාර්මික අපනයන ඩොලර් මිලියන 5,424.6 ක් සහ කෘෂිකාර්මික අපනයන ඩොලර් මිලියන 1,450.4 ක් ලෙස සටහන් වී ඇත. ආනයන අංශයේදී ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන 3,168.4 ක් දක්වා ඉහළ යාම වෙළඳ හිඟය පුළුල් වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මීට අමතරව, සේවා ගිණුමේ ශුද්ධ ආදායම ද පෙර වසරේ මුල් මාස හයට සාපේක්ෂව සියයට 22.4 කින් පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.





Sri Lanka's Trade Deficit Surges Significantly in Early 2026

The Central Bank of Sri Lanka has revealed alarming data indicating that the country’s trade deficit skyrocketed during the first half of 2026, reaching a staggering USD 5.49 billion. This figure reflects a sharp increase from the previous year, highlighting growing economic challenges.

In the same period last year, the trade deficit stood at USD 3.27 billion, marking an over 67% rise in just twelve months. This rapid expansion is primarily attributed to a steep rise in import expenditures outpacing export earnings.

The total export revenue for Sri Lanka in the first half of 2026 was USD 6.90 billion, reflecting a modest 6.3% increase compared to the previous year. However, imports surged significantly, with expenditures climbing by 26.9% to reach USD 12.39 billion during this timeframe.

A breakdown of the export sector shows that industrial exports totaled USD 5.42 billion, while agricultural exports amounted to USD 1.45 billion. The enormous spike in fuel imports, which rose to USD 3.17 billion, was a major factor fueling the widening trade deficit.

Furthermore, the Central Bank report indicates that net earnings from the services account also fell by 22.4% compared to the first half of the previous year, compounding the economic pressures faced by the nation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. හොඳ ගෑස් නැවක් ගෙන්න ගන්න බැරුව කොහෙන් හරි අත යටින් කුට්ටිය කඩාගෙන ලාබෙට බෝම්බ වගේ පුපුරපු ගෑස් ගෙනල්ල, තෙල් පෝලිම් වල මිනිස්සු වලකජු ගහල, ඒ අස්සේ සල්ලි ඔක්කොම උන් උන් බෙදාගෙන, ලන්කට් එකත් නැතුව පස්ස දොරෙන් පන බයේ පැනල ගිය විරුවො හිටපු රටක් මේක.

    ඊට පස්සෙ ගැට්ට කහ ගන්න නියපොත්ත නැති උනත් තුං වේලට කජු, මුහුදු පැළෑටි කාල, ආර්යාවගේ උපාධි උළෙලට රටේ සල්ලි වලින් ආතල් ගත්ත පිං(ගුත්තර) ජනාධිපති මැන්ටල් එහෙමත් හිටිය මේකේ.

    එහෙම හිටපු උන් හොඳයි කියන උන්ට භාණ්ඩාගාරේ සල්ලි වියදම් කරලා කන්න දෙන්නෙ අපරාදේ හැබැයි. ඕන තරං තණකොළ වැවිල ඇති නේ පහුගිය ටිකේ වැස්සට.

    ReplyDelete
    Replies
    1. පල මෝඩයා යන්න. මුහුදු පැලෑටි නෙමේ. පාසි කෑවත් ඒ මනුස්සය ඔය අවුල් වෙච්ච ඔක්කොම ස්මූත් කරලයි මේ රට භාර දුන්නෙ. එහෙම රට කරගෙන යන්න බෑ. හොඳයි නැතුව නරකයි කියන්නද ඕයි මේ නම්බර්ස් බැලුවම. කජු කාපු සීය ගත්ත රටේ ප්‍රාථමික අයවැය ධන කරල දීලගියේ. තොපි උඩ දාගෙන එක මිටට දුන්න පච ලප වානර කොටා බිලියන් 41 කජ්ජද, මාස හයෙන් මේ රට හදනව කියල ඇවිත් අද කරගන්න බැරුව වෙනත් පච ගහනව. පළයන් ගමකට. තේරේවි. හොරු නරකයි නම් බොරු කාරයො හොඳ වෙන්න බෑ.

      Delete
    2. කජු මැන්ටලේ ගෙදරින් ගෙනත් වෙන්නැති ස්මූත් කලේ?
      සාගල ආතගෙ පුකේ හිල නං ස්මූත් කරල ඇති සුපිරියටම. වෙන නං ලබ්බක් ඕක දන්නෙ නෑ. බටලන්දේ මිනීමරුවා.

      Delete
    3. පුතා දකින ඔක්කොම ඇත්ත කියල විශ්වාස කරන්න එපා. ටයි කෝට් ඇඳලා උජාරුවට ඉංග්‍රීසි කතා කරන අය කරපු කෙහෙල්මලක් නෑ මේ රටට.

      රට ස්මූත් උනේ IMF එක කියපු හැටියට ආදායම් වැඩි කර ගත්තු එකෙන් සහ රාජ්‍ය අනවශ්‍ය වියදම් කපා හැරීමෙන්.

      නැතුව පොල් බූරුවෙක් වගේ උදේ හවස කජු ගිල ගිල එක එකාගෙ පස්සවල් අත ගාල නෙමේ.

      Delete
    4. බයියන්ගෙ පට්ට ස්මූත් කිරිල්ල. අපි වෙන රටකද බන් හිටියෙ. විමල්ල, ගුදයල මිනිස්සුන්ගෙන් පන්න පන්න ගුටිකන දවස ලග බව නම් හොදටම පේනව

      Delete
  2. ලප පච කොටාගේ සාපය

    ReplyDelete
  3. ඔවා දුප්පත් අපිට කියන්න එපා අර සැප වාහන ගෙන්වපු උන්ට කියපල්ලා අර Ferrari aston martin, royal suise bently BYD එවා ගෙන්නපු අයට කියපල්ලා අපිට කෙලින්නෙ නතිව නැත්නම් ඔවා ට මෙනවා වෙයිද දන්නෙ නැහැ ගොන් නන්නදලිලයො

    ReplyDelete
  4. අවුලක්නෑ බාන්ඩාගාරෙ සුද්දකරල, ඔයාල හොදින් ඉන්න. ඩෝබිලට චූන් වෙන්න තව නාට්යයක් පෙන්නපල්ල.

    ReplyDelete
  5. කුකුල් කකුලෙන් මේ සියල්ල ගොඩ දමා, රට තව්තිසා දෙව්ලොව වගේ වෙන්න තව ටිකයි. කකුල රු. 2500.

    ReplyDelete
  6. කුකුල් කකුලෙන් මේ සියල්ල ගොඩ දමා, රට තව්තිසා දෙව්ලොව වගේ වෙන්න තව ටිකයි. කකුල රු. 2500.

    ReplyDelete
  7. Horen pannala bala nahara kapapu salli thibunanam 5,1 vage wenna thibuna kiyala Pacha kotta wedikave kiyanava ahune nadda???/?/
    hari nadda man ahanne

    ReplyDelete
Previous Post Next Post