75 වසරක පසු මහා එල්නිනෝව ලංකාවටත් එයි...- කාලගුණ ප‍්‍රධානී


 දැනට පවතින එල් නිනෝ තත්ත්වය, පසුගිය වසර 75ක කාලය තුළ ලෝකයට බලපෑ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, මෙම වසර අවසානය වන විට මෙය ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි බව ගෝලීය පුරෝකථන මගින් පෙන්වා දෙන බවයි.

1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ එල් නිනෝ සංසිද්ධීන් සමඟ සැසඳීමේදී, මෙවර ඇති වී තිබෙන තත්ත්වය එම සියලු අවස්ථාවලට වඩා ප්‍රබල වීමේ සම්භාවිතාව 70%ක් පමණ වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ එල් - නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ. මේ වසරේ ඇතිවන එල් - නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල් - නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල් - නිනෝ තත්ත්වය ඒ සියලුම එල් - නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක්වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝතකනය වෙනවා" 

මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ දකුණු දිග කොටසට දැඩි බලපෑමක් එල්ල නොවූවත්, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතේ සමහර කොටස්වලට ඉදිරි මාස දෙකක කාලය තුළ මෙහි බලපෑම තදින් දැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ජල සම්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.





Strong El Niño Phenomenon Expected, Warns Meteorological Department

The current El Niño conditions pose a significant threat to become the strongest event witnessed globally in the past 75 years, according to the Meteorological Department. The Chief Meteorologist, Ajith Wijemanna, highlighted that global forecasts indicate a greater than 90% likelihood of these conditions intensifying into a powerful El Niño by the end of this year.

He also pointed out that, when compared to El Niño events recorded since 1950, there is approximately a 70% chance that this year's occurrence will surpass all previous occurrences in terms of strength.

As this El Niño continues to develop, global projections suggest the potential for an exceptionally powerful phenomenon by year's end remains high. The current El Niño status, when evaluated alongside historical events, reflects a significant likelihood of being one of the most intense episodes seen in 75 years.

While the southern parts of the island may not experience severe impacts from this condition, it is anticipated that northern, central-northern, eastern, and Uva regions will feel the effects strongly over the next two months.

Despite the ongoing dry weather patterns, measures are being implemented to ensure a continuous supply of water resources in light of the current climatic conditions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ලප සාපෙ යනකම් දුක් විදපල්ලා

    ReplyDelete
  2. එල්නිනෝ නෙමේ බං ලප ශාපය.

    ReplyDelete
  3. කියපු බොරු වල තරමේ හැටියට ඔහොම වෙන එක පුදුමයක් නෙමේ.

    ReplyDelete
  4. අම්මපා, මේකත් අර. කොත්මලේ. ගංවතුර වගේ එකපාරටම එන්නේ නැති එක හොඳට ගියා.නැත්තං ඉතිං මහ විනාශයක් වෙලා තමයි ඉවරයක් වෙන්නෙ.

    ReplyDelete
  5. කෘතීම වැසි නිර්මාණය කිරීම පිළිබඳව රජයේ අවධානය ..August 18, 2026 at 6:21 PM

    පල් මෝඩයන් ලෙස මාද්‍ය ඉදිරියේ වැල්ලෙන්නේම නැතුව,පහුගිය කාළය පුරාවට අත්හදා බළනාළද,.

    අදාළ ගුවන් යානා රට තුළට ගෙන්වා සිදුකරනා ලද කෘතීම වළාකූළු නීර්මාණයකිරීම සහ වැසි ලබා දීම වහාම සිදුකර වියළි කාළගුණය මගහැරගන්නාලෙස අවධානයට,.!

    ReplyDelete
  6. මිනීමරු ජෙප්පන්ට ඡන්දෙ දීලා රට විනාශ මුඛයට ඇදලා දාපු 68 ලක්ෂක් වූ මෝඩ රටවැසියාට වැහි නැති හෙණ වදින්න පටන්ගන්නවා.

    ReplyDelete
Previous Post Next Post