අවුරුදු 76ක ප‍්‍රශ්ණ මාස 22න් විසදන්න අපට බෑ.. තව කාලය ඔ්නෑ..


 වසර 76ක් තිස්සේ මෙරට පාලන පද්ධතිය තුළ ගොඩගැසී ඇති ගැටලු මාස 22ක් වැනි කෙටි කාලයකින් විසඳීමට අපේක්ෂා කළ නොහැකි බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වර්තමානයේ ශ්‍රී ලංකාව පාලනය වන්නේ මෙරට ඉතිහාසයේ කුඩාම කැබිනට් මණ්ඩලය මගින් බවත්, ජනාධිපතිවරයා ද ඇතුළුව එහි සිටින්නේ සාමාජිකයන් 23 දෙනෙකු පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. "වැරදිලාවත් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති නොවුණා නම්, අද වන විට ඇමති මණ්ඩලයේ කී දෙනෙක් ඉඳියිද?" යනුවෙන් ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ජනතාවට සහන සහ ප්‍රතිලාභ ලැබෙන විට ඔවුන් ඒ පිළිබඳව සතුටු වන නමුත්, තවත් පිරිසක් ඒ පිළිබඳව වෛරයෙන් පසුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම මෙරට පාලනය කළ අසාර්ථක පාලකයන් සහ අපරාධකරුවන් වර්තමාන දේශපාලන වෙනස හමුවේ දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

දශක හතකට අධික කාලයක් තිස්සේ නිර්මාණය වූ අර්බුද විසඳීමට කාලය අවශ්‍ය බවත්, වත්මන් රජය ඒ සඳහා ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.





Minister Acknowledges Long-Term Challenges in Sri Lanka's Governance System

Addressing a conference in the Badulla district, Minister of Irrigation and Community Infrastructure, Samantha Vidyarathna, emphasized that the issues entrenched in Sri Lanka's governance system over the past 76 years cannot be resolved in a mere span of 22 months.

Highlighting the current political landscape, he pointed out that Sri Lanka is currently governed by one of the smallest cabinets in the nation’s history, comprising only 23 members, including the President. "If it were not for Anura Kumara Dissanayake’s brother not being the President, how many ministers would remain today?" he queried rhetorically.

While the citizens express joy when they receive relief and benefits, the Minister noted that there are others who react with hostility towards such initiatives.

He further underscored that those who have historically failed to govern the country and engaged in criminal activities are now notably anxious amid the current political changes.

Minister Vidyarathna reiterated that resolving crises developed over more than seven decades requires time, assuring that the current government is working systematically to address these challenges.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. ජය වේවා AKD පෙරටුකරගත් මාලිමාවට සහ රටට!!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා බුද්දිමත් ජනතාවට!

      Delete
    2. මේ විසඳගෙන යන වේගෙට ගොවි කම්කරු ජනතාව තට්ටු තුනේ ගෙවල් හදනව විතරක් නෙවෙයි කෝටි ගණන් බැංකු ගිණුම් හිමියන්

      Delete
    3. me avurudu 3 thopi hadana prasna

      visadanna


      avurudu 76 one wey wage

      Delete
  2. මාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව ඒකමතිකව අනුමත කරනු ඇත

    ReplyDelete
    Replies
    1. මම මේ ආණ්ඩුවට චන්දෙ දුන්නෙ නැහැ. හැබැයි මම කැමතියි මේ යන ක්‍රමයට. ඒ මොකද කිව්වොත්, චන්දෙ දීපු 68 ලක්ෂයම මී හරක් බව ඔප්පු කර පෙන්නුවා නිසා. ඊළඟ පාරවත් චන්දපොළට යනකොට මොලේ අරන් යන්න මතක් වෙයිනෙ මී හරක්ට.

      Delete
  3. පතිරණ ගලප්පත්තිSeptember 1, 2026 at 5:24 AM

    අවුරුදු 76 ක ප්‍රශ්ණ අවුරුදු 2න් විසඳන්ඩ බැයි නම්, අවුරුද්දක ප්‍රශ්ණ වත් අවුරුදු 2න් විසඳලත් නැත්නම්, අවුරුද්දක ප්‍රශ්ණ අවුරුදු 2කින් විසඳයි (ඉදිරි මාස 2 තුළ විසඳයි) කියලා උපකල්පණය කලොත්, ඒත් අවුරුදු 76 ප්‍රශ්ණ විසඳන්ඩ එන්.පී.පී. එකට අවුරුදු 152ක් යනවා, ඒවා විසඳලා ඉවර වෙනකොට අනුර අයියගේ වයස 57+152 = 209 ක් වෙනවා, අරවින්ද ගහපු වැඩිම ලකුණු ගාණ 267යි නවසීලන්තෙට එරෙහිව, ඒ ගාණ එන්ඩ තව අවුරුදු 58ක් ඕනෑ.

    ReplyDelete
    Replies
    1. කුනුහරපෙම් බනින්නේ නැත්තං තාලෙට කියන්නම්.... වැඩ කරන අපේ විරුවා

      Delete
    2. පතිරණ ගලප්පත්තිSeptember 1, 2026 at 7:30 AM

      නෑ ඊට වඩා තාලෙට කියන්ඩ එකක් තියෙනවා, "අද මුළු රට - එක මිට කට..." කුණුහරප තහනම්.

      Delete
  4. අවුරුදු 76 ට හරියන්න හොරකම නම් කළා මේ අවුරුදු දෙක ට....

    ReplyDelete
  5. උඹලා මේ විසදලා තියංන පුෂ්ප හොදටෝම ඇති.දැන් ඉතින් ගෙදර පලයල්ලා.

    ReplyDelete
  6. උඹලා මේ විසදලා තියෙන පුෂ්න හොදටෝම ඇති.දැන් ඉතින් ගෙදර පලයල්ලා

    ReplyDelete
  7. කෝ අර රාජපක්ශලාගේ කාලේ තිබ්බ උමා ඔයේ හිල නැති වෙලාද? පව් නේ උඹලට ‍රැවටිලා ඡන්දෙ දුන්න ගොන් හැත්ත.

    ReplyDelete
  8. Waththey GAMBIRIS paladawa saruda magey amma?? Piditha panthiya, danapathi panthiya wuna awurudden. api godak sathutui.

    ReplyDelete
  9. අනේ මෝඩ තකතීරු ගොට්ට අල්ලන බොරුවෙන්ම දේශපාලන කොරන තමුන්නාන්සේලා මේ මාස 22කට කොරපු හරියයි කොරන්න හදන ඒවගේ සාපය තව පරම්පරා ගානකට ගෙවන්න බැරිවෙයි.පව් නොදී කට වහගෙන රටට දැනෙන යමක් කරන්න.

    ReplyDelete
Previous Post Next Post