මෛත‍්‍රීට ‘සතුටුම යුගයේ ජනපති’ සම්මානය පිදේ.. උත්සවය අරලියගහ මන්දිරයේදී..


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය ඇගයීමට ලක් කරමින්, ඒ මහතා ‘සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස විශේෂ බුහුමනට පාත්‍ර වී තිබේ.

කොළඹ අරලියගහ මන්දිරයේදී 29 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැති ‘Global Brand Awards 2026’ සහ ‘SHE FOR THE NATION – Season 2’ ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මෙම උපහාරය පිරිනැමුණි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කාන්තා නායකත්වයන් සහ ජාත්‍යන්තර සන්නාම රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සිටි අතර, ප්‍රකට ‘KGF’ චිත්‍රපට මාලාව හරහා ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දීය රංගන ශිල්පී ගරුඩා රාම් මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

මෙරට දේශපාලන ඉතිහාසය තුළ සිරිසේන මහතාගේ මැදිහත්වීම සහ සේවය අගය කරමින්, උළෙලේ සංවිධායක මණ්ඩලය විසින් ඔහු වෙත මෙම සුවිශේෂී ගෞරව නාමය සහිත සම්මානය පිරිනමන ලදී.





Former President Maithripala Sirisena Honored as ‘President of the Happy Era’

In a notable recognition of his leadership, former President Maithripala Sirisena has been awarded the title of ‘President of the Happy Era’. This accolade was presented in tribute to his administration during the recently held ‘Global Brand Awards 2026’ and ‘SHE FOR THE NATION – Season 2’ international ceremony, conducted with great fanfare at the Araliya Gaha Mandir in Colombo on the 29th.

The event gathered a distinguished assembly of leading entrepreneurs, professionals, women leaders, and representatives from various international brands, reflecting a diverse spectrum of influence and achievement.

Among the esteemed guests, Sirisena highlighted the ceremony, alongside the renowned Indian actor Garuda Ram, who has gained international fame through the popular ‘KGF’ film franchise. His presence added a unique charm to the celebration.

The organizing committee honored Sirisena with this special accolade as a mark of appreciation for his contributions and engagements throughout Sri Lanka's political history, acknowledging the impact of his service.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. mu thama ihalatama enna thibuna ratak mhindalagen aragena kala hapa karala .gotata dunne. Covid nisa yana enaman nathi une ,munta buddi thorathuru teyeddi pasku prahare nathara nokala nisa....yakku du puthunge sathuta apita balanna asai. dan inna ekatath sammanayak deepalla.

    ReplyDelete
    Replies
    1. පාස්කු ප්‍රහාරයෙන් දැන දැනම මිනිස්සු මැරෙන්න ඇරියට සම්මාන දෙනවා. ඒකට සම්පූර්ණ ක්‍රියාකාරී සහය දුන්නට ඊබ්‍රාහිම් නානට සම්මනයක් නොදෙන එක හරිම අසාධාරණයි. බෝම්බ ගහල මිනී මරල ඒ සතුටට සම්මාන දෙනවයි කියන්නෙ ඉතින් අපි ඉන්නෙ පුදුමාකාර දියුණු රටක​,

      Delete
  2. niyametama thorala thiyenawa
    DADLIYAGE wadak wage


    PASKU WANDIYATH SALLI SALLI KIYANNETHUWA GEWWANE

    ReplyDelete
  3. ඉතාම උචිත සම්මානයක්
    මෙතුමාගේ කාලයේ තරම් ජනතාවට විනෝදය සපයන විහිළු වැඩ දකින්න ලැබුනේ නෑ ඉතිහාසයේ මොනම කාලයකවත්

    ReplyDelete
  4. අමුලික හැබෑව. අමුලික සහගහන ඇත්ත. මෛත්‍රී කාරය ජනාධිපති තනතුරේ ඉද්දි රටේ ජනතාව උපරිම සතුටේ තිබ්බ. ජනතාවට පට්ට ආතල් දුන්නේ. හිටන් උනත් උන්නැහේට ජනතාව හොඳටම සමීප වෙලා athal👇ගත්ත. ඉතින් මේ සම්මානේ ටක්කෙටම ගැලපෙනෝ.
    හැබැයි උන්නැහේට මේ සම්මානේ දරන්න වෙන්නේ තව අවූරුදු 3යි. මොකද ඕක කඩලා අනුර තුමා ඊට ඉහලින් කප් එක උස්සනවා 2029දී.
    ඔන්න කැට තියලා කිව්ව

    ReplyDelete
    Replies
    1. 😂🤣😃🤣🤣😅දවසේ කියමන. අනිවාර්යෙන්, හෙන ගැහුවෙ නැත්තන් ඔය කප් එක ඌට දෙන්න ඕන.

      Delete
  5. ිට වඩා ආතල් දැන්

    ReplyDelete
    Replies
    1. Athal kiwwata ubala baye neda inne...Ayyo wipakshayata wuna wadak😂😂😂😂

      Delete
    2. අනුර තුමා ඊට ඉහලින් කප් එක උස්සනවා 2029

      Delete
  6. Thamange athin aran thamantama araganna Sinhalayonta Ohoma neme denna ona sammana.
    Landesinta elarata kiyala aragana.landesinta kiyala aragana.
    Englishmanlagen aragana.prabhakarangen aragana.Rohana wijeweeragen aragana.mathakalinawa mugen aragana .padiliyongen aragana.
    Abrahamlagen aragana..kotagen aragana...
    Araganieema Athi daksa Sinhala yakku du puthun...
    Santhosai.......

    ReplyDelete
Previous Post Next Post