සාගර කාරියවසම් අත්අඩංගුවට..


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අද දින කැඳවා තිබූ අතර, අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාරියවසම් මහතා කියා සිටියේ මෙය රජය විසින් දියත් කර ඇති දේශපාලන දඩයමක ප්‍රතිඵලයක් බවයි.

තමන් සිදුකළ ප්‍රකාශයන් විකෘති කරමින් සහ වැරදි අර්ථකථන ලබාදෙමින් විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය උත්සාහ දරන බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, අතීතයේ මෙවැනි දේශපාලන මර්දනයන් සිදුකළ ලෝක නායකයින්ට අත්වූ ඉරණම සිහිපත් කරමින්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එවැනිම අත්තනෝමතික මාවතක ගමන් කරමින් සිටින බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙවැනි තර්ජන හමුවේ තමන් කිසිසේත්ම පසුබට නොවන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.





Secretary of SLPP Arrested by CCIB

Sagara Kariyawasam, the General Secretary of the Sri Lanka Podujana Peramuna, has been taken into custody by the Central Criminal Investigation Bureau (CCIB).

His arrest occurred while he was visiting the bureau to provide a statement related to a controversial remark made by Police Chief Priyantha Weerasuriya. There was an inquiry scheduled for him today regarding this matter.

Prior to his arrest, Kariyawasam addressed the media, asserting that this action is a consequence of a political crackdown initiated by the government.

He accused the authorities of attempting to stifle dissent by distorting his statements and misrepresenting them, thereby targeting opposition voices.

Further emphasizing his position, he recalled the fates of global leaders who have historically faced downfall due to similar political oppression and remarked that current President Ranil Wickremesinghe appears to be following a dangerous path of authoritarianism.

However, he firmly stated that he would not retreat in the face of such threats, expressing his determination to continue advocating for justice and accountability.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

20 Comments

  1. මාළුවා නහින්නේ කට නිසා

    ReplyDelete
    Replies
    1. දේශපාලනඥයෝ වේදිකාවෙ කියන බොරු, ප්‍රලාප වලට අත් අඩංගුවට ගන්නවා නම් මාලිමාවෙ ජනාධිපතිගෙ ඉඳළා ඔක්කෝම දැං ඉන්න ඕනැ ඇතුලේ. ඒ වගේම වෙන රජයක් බලයට ආපුහම 88-89 මිනීමරුවන්ට, බැංකු කොල්ලකාරයින්ට, පොදු දේපල ගිනි තබපු එවුන්ට හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළ උන්ට දඬුවම් ලැබෙයි.

      Delete
    2. අසුවට අසූ නමේ වරට දඩුවම් දෙන්න මෙච්චර කාලේ හිටපු ආණ්ඩුවලට බැරි උනාද.

      හරි නොහැකියාවල් තියෙන ආණ්ඩු නේද ඉඳලා තියෙන්නේ??

      ඉඳලා හිටලාවත් බත් ටිකක් කාපන් තණකොළම කකා ඉන්න එපා

      Delete
  2. Punchammata hukan... aru hora mu hora kiuwa kata ganda kotek

    ReplyDelete
  3. මීට කලින් රජයන් යටතෙ ජවිපාවුන් ඉතා දරුණු ප්‍රකාශ කලා, අරගලය වැනි රාජ්‍ය විරෝධී කැරලි මෙහෙයුවා, පාර්ලිමේන්තුව අල්ලා ගනිමු වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ කර ජනතාව ඒ සදහා පෙළඹුනා. නමුත් එවකට රජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ලබා දි ඇති අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙවැනි දරුණු ආකාරය ට මර්ධනය කාලෙ නැහැ. කවදාවත් නොකළ ආකාරයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නැති කර ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් අභියස මොවුන් සිටින බව පැහැදිලිය. රාජය විරොධී කැරලි දෙකක් සිදුකළ මුන් රාජ්‍ය බලය සහිතව ඒකාධිපති වියරුවක් නිර්මාණය කරන බව පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. Ubata hamadama hamadema pahadili wela thiyena bawa penawa...Dan gihin Mainata puka deela wadak balagena idapan

      Delete
    2. එකම සතුට මෙැනි ක්‍රියාවලින් ජවිපාවුන් සමූලඝාතනය වන දිනය ළං වීමයි.

      Delete
    3. උඹලා පත්කර ගත් මෙම රටෙ පළමු පුරවැසියා දෙවන පුරවෙසිය සහ තුන්වන පුරවැසියා යන වුන්ගෙ සදාචාරය විමර්ශණය කළාම උඹ වගෙ පඩික්කම් කොටියෙක් පුක දීපන් වැනි අතිශයින් ග්‍රාමය වචන හැසිරවීම් පිළිබදව මම පුදුම වෙන්නෙ නැහැ.

      Delete
    4. දෙවන පුරවෙසිය යනුවෙන් ලියවීම අත්වැරදීමක් බව සලකන්න

      Delete
  4. සමාජවාදී ඒකාධිපති වියරුවක් තුල පාපිසි සහ ඩොබීන්ට ලැබෙන තැන 1945 දී ජොර්ජ් ඕවෙල් විසින් ලියපු ඇනිමල් ෆාර්ම් නැමැති නවකතාවෙ මෙලෙස සඳහන් කර ඇත. All animals are equal, but some animals are more equal than others. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී විරොධී වැඩසටහන් සඳහා ආවඩන ඩොබීන් ඉහත කථාව දන්නා කෙනෙකුගෙන් පැහැදිලි කර ගෙන තමන්ට හිමි ඉරණම දැනගන්න.

    ReplyDelete
  5. අපිට තියන එකම සතුට තමයි, රජයේ නිලධාරීන්,දේශපාලකයො, ව්‍යාපාරිකයො, යන සියලු දෙනාම වැරදි කරල තියනවනම් දඩුවම් ලබා දීම. මේ ආණ්ඩුව එසේ දඩුවම් දෙනකොට ඔවුනුත් වැරදි නොකිරීමට වගබලා ගත යුතුය. එහෙම නොවුණොත් බලය නැති උන කාලෙට දඩුවම් ලැබෙන බව ස්තීරය. එහෙම වුනාම දෙපැත්තෙම හොරු අඩුවීම රටට හිතකරය.

    ReplyDelete
    Replies
    1. එකම සතුට ඒ කියන්නේ උඹට වෙන සතුටක් මේ හුන්ඩ් කාලකන්නි දුන්නේ නෑ නේද

      Delete
    2. එකම සතුට මෙැනි ක්‍රියාවලින් ජවිපාවුන් සමූලඝාතනය වන දිනය ළං වීමයි.

      Delete
    3. හොරු මොන පාටද කියන එක අපිට අදාලම නැහැ. ඒ වගේම කටමැත දොඩවන වාචාලයො කවුද කියන එකත් අපට අදාලම නැහැ. ඒවට හොදයි කියන්නේ එක්කො හොරෙක් එහෙම නැතිනම් හොරාගෙන් යැපෙන එකෙක්.

      Delete
    4. හොරු මොන පාටද කියන එක අපිට අදාලම නැහැ. ඒ වගේම කටමැත දොඩවන වාචාලයො කවුද කියන එකත් අපට අදාලම නැහැ. ඒවට හොදයි කියන්නේ එක්කො හොරෙක් එහෙම නැතිනම් හොරාගෙන් යැපෙන එකෙක්.

      Delete
    5. ගිය ආණ්ඩුවේ හොරු, කොමිස් කාක්කො මේ ආණ්ඩුවෙන් අල්ලනව, මේ ආන්ඩුවෙ හොරු ඊළග ආණ්ඩුවෙන් අල්ලනව, අපිට නම් සතුටුයි, ඇයි ඔහෙලට අවුල්ද.

      Delete
  6. මෙවැනි අත් අඩංගුවලින් රටේ බහුතරයක් මහජනතාව ජීවත්වෙන්න තටමන තැටමිල්ලට ලොකු ශක්තියක්.රටේ ආර්තිකය ශක්තිමත් වෙනවා, අතේ මිටේ මුදල් ගැවසෙනවා. තව තවත් අත් අඩංගුවට ගැනීම් කරන්න. හරි සතුටුයි මහජනතාවගේ ජීවන වියදම අඩුචෙනවා

    ReplyDelete
    Replies
    1. horu alla epaa kiyalane uba oya kiyanna hadanne ////

      Delete
  7. ඕක වෙනද වගේම අයිස් පාරක් ගහලා යන්නැත්තේ. යසයි පගයට. ඇට දෙකෙන් එල්ලලා දෙන්න ඕනේ ඕකට

    ReplyDelete
Previous Post Next Post