දිස්ත‍්‍රික්ක රැසක් තදින්ම වියලේ..


 දිස්ත්‍රික්ක හතක ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 'අවධානය' යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වේ.

දිවා කාලයේදී පවතින අධික උෂ්ණත්වය සහ වායුගෝලයේ ආර්ද්‍රතාවය හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන රශ්නය ඉහළ යාම නිසා සෞඛ්‍ය අවදානම් මතු විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව එළිමහන් කටයුතුවල නිරත වීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවට උපදෙස් දෙනු ලැබේ.

විශේෂයෙන්ම සෘජු සූර්යාලෝකයට නිරාවරණය වීම හැකිතාක් සීමා කරන ලෙසත්, විජලනය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීමේ වැදගත්කම ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.





Heat Index Alert Issued for Several Districts in Sri Lanka

The Department of Meteorology has issued a warning regarding rising heat indices in certain areas across seven districts, indicating that temperatures could reach a level that requires vigilance.

The alert affects the districts of Vavuniya, Mullaitivu, Trincomalee, Polonnaruwa, Madakalapuwa, Ampara, and Monaragala, as outlined in the latest announcement from the department.

Health risks may arise due to the combination of high daytime temperatures and humidity levels that further elevate the perceived heat, the meteorological authorities warn.

Residents in the warned regions are advised to exercise extreme caution while engaging in outdoor activities to avoid the adverse effects of the heat.

The public is specifically urged to limit exposure to direct sunlight whenever possible and to stay hydrated by drinking sufficient water to prevent dehydration.

The Department of Meteorology emphasizes the importance of adhering to health and safety measures during the current extreme heat conditions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post