ඩොලර් බිලියන ගණන් රට පැන්නූ බැංකු හතර හා මැනේජර්ලා මෙන්න..


භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මෙරටින් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු ලබන අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පහත සඳහන් නිලධාරීන්ය.

  •       සම්පත් බැංකුව - උමේෂ් රන්දික
  •       සෙලාන් බැංකුව - ශිරාන් මාරියෝ
  •       යූනියන් බැංකුව - ධර්මලිංගම් ප්‍රසාන්ත්
  •       NDB - අමිල උදාර

ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් සැබැවින්ම ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු ආයතනයක් මාර්ගයෙන් විදේශ විනිමය රටින් පිටකර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත. බැංකු පහසුකම් අවභාවිත කරමින් සහ වංචාසහගත ලෙස මෙරට විදේශ සංචිතවල පැවති ඩොලර් මිලියන ගණනින් විදේශයන් වෙත යැවීමට මොවුන් කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.

මෙම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප හිමිවුවහොත් එය විමර්ශනවලට දැඩි බාධාවක් වන බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සැකකාර කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා, සිදුකරනු ලබන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.





Four Bank Managers Remanded Over Alleged Currency Smuggling Scheme

In a significant crackdown on illicit currency operations, four senior managers from prominent private commercial banks in Sri Lanka have been remanded until August 20. This follows allegations that they were involved in a massive scheme to illegally transfer nearly a billion US dollars out of the country under the guise of importing goods.

The accused, who have been taken into custody by the Financial Crimes Investigation Division, include:

  • Sampath Bank - Umesh Randika
  • Selan Bank - Shirán Mariyo
  • Union Bank - Dharmalingam Prasanth
  • NDB Bank - Amila Udara

Investigations were initiated after complaints were lodged regarding the illegal transfer of foreign currency by a money exchange firm located in the Kotuwa area, despite no actual goods being imported into Sri Lanka. Preliminary inquiries have confirmed that the suspects leveraged banking facilities and engaged in fraudulent practices to transfer millions in dollars abroad.

Appearing before the court, Senior State Counsel Oswald Lakshman Perera, representing the police's Financial Crime Investigation Unit, informed the court that extensive investigations are ongoing to identify other individuals implicated in this illegal operation.

He cautioned that if the suspects were granted bail, it could significantly obstruct the ongoing investigations. As such, he urged for their continued remand and hinted at additional arrests of other suspects linked to the case.

Defense attorneys representing the bank managers pleaded with the court for their clients' release on bail. However, after reviewing the presented facts, the magistrate rejected the request. The magistrate has directed the police to submit a further report detailing the progress of the investigations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. ආරියතිලක

    මෙම පරීක්ෂණ මෙයෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ජාතියේ ගෞරවය හිමි විය යුතු ය.

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාව වැරදිලා හැකර් කියලා ගිණුම මාරුවෙලා ඩොලර් 2.5m ගෙවපුවා ගියේ කාගේ ගිනුමටද කියන එක වහාගන්න පහළ තැනකින් වතුර යවනවා

      Delete

  2. ආරියතිලක

    මෙම පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ජාතියේ ගෞරවය හිමි විය යුතු ය.

    ReplyDelete
    Replies
    1. මයික්‍රෝ කාර් බදු වංචාවක් වෙනවද එකේ MD හරහා

      Delete
  3. මේ අපරාධ වලට සම්බන්ධ දේශපාලනික හස්තයන් රහස්ද?

    ReplyDelete
  4. දිගටම මේ වැඩේ සිදුවෙයි එකට හේතුවක් තියනවා මොකද මිට පෙර හොරකම් කරන මුදල් ආරක්ෂා කරගැනීමට ක්‍රමයක් තිබුනේ නැ ඒවා අල්මාරියේ හෝ බැංකුවක තැම්පත් කල යුතුයි නමුත් දැන් බිට් කොයින් තිබෙනවා මෙය තුල අසීමිත මුදලක් තැම්පත් කල හැක ඒවා තැම්පත් කරුට මිස කිසිම කෙනෙකුට ලබා ගත නොහැක මේ ගැන පරීක්ෂණ කරන්න දෙයක් නැත ක්‍රමය බොහොම පැහැදිලිය වැරදි කරුවන් සුළු කාලයක් බන්දනාගරගතව සිට එලියට පැමිණේවී නමුත් ගනුදෙනු කරුවන්ගේ මුදල් ලබා ගැනීමට ක්‍රමයක් නැත මොකද බිට් කොයින් කිසිදා තහනම් කල නොහැක

    ReplyDelete
  5. This One Bln siphoning happened just after 2022 during the Aragalaya for which the leadership was provided by the JVP/NPP goons whom are in the Parliament now ....

    ReplyDelete
  6. What's wrong with the NDB ............. like a way side boutique .........

    ReplyDelete
  7. අනුරට දුන්න ඡන්දය ගැන අද සතුටු වෙන්න පුළුවන්.

    නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක වෙනවා නම්, ඒක රටකට ලැබෙන ලොකුම ජයග්‍රහණයක්. ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියකට බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවත ඒකට හොඳ උදාහරණයක්.

    කාලයක් තිස්සේ දේශපාලන බලය, හිතවත්කම් සහ ආරක්ෂාව යටතේ සිදුවුණා කියන මෙවැනි ජාවාරම් ගැන සාමාන්‍ය ජනතාවට තිබුණේ ලොකු වේදනාවක්. අපේ කොල්ලෝ කෙල්ලෝ රට ගිහින් දුක් මහන්සි වෙලා හොයන ඩොලර් ටික රටට එවනවා. ඒ අතරේ රටේ ඩොලර් සම්පත නීතිවිරෝධීව පිටතට ගියා නම්, ඒකේ බර වැටෙන්නේ අන්තිමට සාමාන්‍ය මිනිහාගේ කරපිටට.

    ඩොලර් නැතිව රෝහල්වලට බෙහෙත් ගේන්න බැරි තත්ත්වයක් ඇතිවෙද්දී, රටේ සම්පත් කොල්ලකනවා නම් ඒක දේශපාලන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි—ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්.

    නමල්ලා Bassil වගේ දේශපාලන බලවතුන්ට බලය තිබුණ කාලවල මෙවැනි දේවල් සිදුවුණා, කවුද පිටුපස හිටියේ කියලාත්, සල්ලි කොහෙට ගියාද කියලාත් නීතියෙන් හෙළි කළ යුතුයි.

    අනුර ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එකම දෙයක්:

    හොරකම කාගේ වුණත්, බලය කාගේ වුණත්, නීතිය ඉදිරියේ එකම මට්ටමක තැබීම.

    අත්අඩංගුවට ගැනීමෙන් වැඩේ ඉවර නෑ—සල්ලි ආපහු රටට ගෙන එන්නත්, ඇත්තටම වගකිවයුත්තන් කවුද කියලා හෙළි කරන්නත් ඕනෑ.

    එතකොට තමයි Welimada අල ගොවියාටත්, රටේ සාමාන්‍ය මිනිහාටත් මේ වෙනසෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පක තමා 🖕

      Delete
    2. දේශපාලන ගතියක් නම් පේන්නේ නෑ, මේවා පසුපස බොහෝ විට ඉන්නේ කොටුවේ නානල.ඇයි අර ඩොලර් මිලියන ගණන් වරද්දා යන්නෙ කොහෙද දන්නවද? කුඩු හොයන්න ගිහින් තමන්ගේ උන් ගාවට ආවා මං හෙවිල්ල නවතින්නේ අයි? කන්නාඩි ගලවා බලන්න

      Delete
  8. මුන් 4 දෙනාම පොහොට්ටු නාමලයගෙ ගෝලයෝ

    ReplyDelete
  9. See who are in backend s. Seems Pettah area.

    ReplyDelete
  10. Padayange "pada show".

    ReplyDelete
  11. බැංකු ටිකත් ඉවරයක් karai වගේ.

    ReplyDelete
  12. බැංකු ටිකත් ඉවරයක් karai වගේ.

    ReplyDelete
  13. බොල්ණය විමර්ශණය නොකිරීම ගැටළුවක්,.!August 19, 2026 at 10:20 AM

    ලංකාබැංකුවේ සහ මහජන බැංකුවේ නිලධාරීන් සමග දේශපාලුවන් සිදුකළ බොල්ණය විමර්ශණය නොකිරීම ගැටළුවක්,.!

    ReplyDelete
Previous Post Next Post