එල්නිනෝ නියගය, වර්ෂාව දෙකම එයි.. ආර්ථිකයට ද්විත්ව කම්පනයක්..


 එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අහිතකර බලපෑම් සම්බන්ධයෙන් SenFin Securities ආයතනය විසින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව, වර්තමානයේ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය 2016-17 කාලසීමාවේ මෙරට අත්විඳි දරුණු ආර්ථික පසුබෑමට සමාන විය හැකි බවට අනතුරු අඟවා ඇත.

මෙරට රැකියාවලින් 25%ක් නියෝජනය කරන කෘෂිකාර්මික ක්ෂේත්‍රය එල් නිනෝ තත්ත්වය හමුවේ දැඩි අවදානමකට ලක්ව තිබේ. වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් දේශීය නිෂ්පාදන පහත වැටීමත් සමඟ ආහාර උද්ධමනය 2% සිට 5% දක්වා ඉහළ යා හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි. 2016-17 කාලසීමාවේදී ද මෙවැනිම තත්ත්වයක් යටතේ සහල් සහ ධාන්‍ය ආනයනය සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 22 සිට 314 දක්වා 14 ගුණයකින් ඉහළ ගිය බව SenFin Securities සිහිපත් කරයි.

ජල විදුලි උත්පාදනය පහත වැටීම ආර්ථිකයට එල්ල වන තවත් ප්‍රධාන අභියෝගයකි. 2015 වසරේදී 46%ක්ව පැවති ජල විදුලි දායකත්වය 2016 නියඟයත් සමඟ 30% දක්වා පහත වැටුණු අතර, ඒ වෙනුවට තාප විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය කිරීමට රජයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු විය. ඒ අනුව ඉන්ධන සහ බලශක්ති පිරිවැය 38%කින් ද, ගල් අඟුරු පිරිවැය 33%කින් ද ඉහළ ගොස් තිබේ. වර්තමානයේදී ද මෙවැනිම තත්ත්වයක් ඇති වුවහොත් විදේශ විනිමය සංචිත කෙරෙහි එය දැඩි පීඩනයක් එල්ල කරනු ඇත.

පසුගිය කාලසීමාවලදී රජය විසින් බලශක්ති පිරිවැය දරාගත්තද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන වත්මන් එකඟතා අනුව ඉන්ධන සහ විදුලි මිල ලෝක වෙළෙඳපොළ මිල ගණන් අනුව තීරණය වේ. මේ හේතුවෙන් ආනයන පිරිවැය ඉහළ යාමේ සෘජු බලපෑම පාරිභෝගිකයා මත පැටවීමට ඇති ඉඩකඩ වැඩි බව වාර්තාව අවධාරණය කරයි.

එල් නිනෝ බලපෑම හේතුවෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය 0.3% සිට 1% දක්වා ප්‍රමාණයකින් පහත වැටිය හැකි බවට ප්‍රක්ෂේපණය කර ඇත. ප්‍රධාන අපනයන භෝග වන තේ, රබර් සහ පොල් නිෂ්පාදනයට ද මෙයින් බාධා පැමිණෙන අතර, එමගින් අපනයන ආදායම ද අඩුවීමේ අවදානමක් පවතී.

සමස්තයක් ලෙස ගත් කල, එල් නිනෝ තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ විදේශ විනිමය කළමනාකරණය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ආයතනය සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.





SenFin Securities Warns of Economic Impact Due to El Niño Conditions in Sri Lanka

SenFin Securities has released a significant report highlighting the potential adverse effects on Sri Lanka's economy stemming from the current El Niño weather conditions. The findings draw comparisons to the severe economic downturn experienced during 2016-2017.

The report indicates that the developing situation poses a similar threat to the country's agricultural sector, which accounts for 25% of employment and is now facing substantial risks. It notes that a reduction in rainfall could result in domestic production declining, with food inflation potentially rising from 2% to as high as 5%. During the 2016-2017 period, a similar scenario led to a staggering increase in the nation's expenditure on importing rice and grains, soaring from $22 million to $314 million—a fourteenfold rise, as recalled by SenFin Securities.

Another critical challenge highlighted is the decline in hydroelectric power generation. Contributions from hydro sources dropped from 46% in 2015 to 30% in 2016, forcing the government to spend considerable foreign exchange reserves on importing fuel and coal for thermal power generation. Consequently, the costs of fuel and electricity surged by 38% and 33%, respectively, raising concerns about further economic pressure if such conditions persist.

While the government has absorbed energy costs in recent times, current agreements with the International Monetary Fund stipulate that fuel and electricity prices will be determined according to global market rates. This situation amplifies the likelihood of increased import costs directly impacting consumers.

The El Niño effects could lead to a reduction in the country's Gross Domestic Product (GDP) growth by 0.3% to 1%. Key export commodities such as tea, rubber, and coconut production may also suffer, posing a risk to export revenues.

In summary, the report emphasizes the urgent need for the government to address challenges related to the agricultural sector, energy management, and foreign exchange amidst prevailing El Niño conditions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ලප සාපය ආපු දවසේ ඉදන් රටට මහ විපත්. පාලකයාගේ මුසුපේන්තු කමට ඔහොම වෙනවා කියලා කිව්වත් මතකයි එකෙක්.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් උන්ගෙයි, කුරුස කාරයන්ගෙයි හිත සනසන්න ජයමංගල ගාථා කිව්වේ නෑ. පන්සල් වලින් 31 වෙනිදට තියෙන පිරිත් කියන්න දුන්නෙ නෑ. පෙරහැරවල් වලට අනුග්‍රහ කරේ නෑ, විනාශ කරන්නම වැඩ කරා. දැන් ඉතින් ඔය වගේ දේවල් දිනපතා අහන්න ලෑස්ති වෙන්න. මේ වගේ පාහර සත්තු රට කරවනකොට දේව ඇල්ම බැල්ම රටට ලැබෙන්නේ නැහැ.

      Delete
    2. ත්‍රිකුණාමල පන්සලේ හාමුදුරුවන්ට ගහලා පිලිම වහන්සේට අරියාදු කරලා විකාරයක් නැ‍ටුව විතරයි දිට්වා ඇවිත් හෝදගෙන ගියා. පෙරහැර නවත්තන්න පනතක් ගෙනාවා විතරයි ආපහු හෝදගෙන ගියා. පාහර අමන පාලන කාලවල අමනයන්ගේ බලපෑම වැඩියි.

      Delete
    3. කවුද වසී බෝල මිරිකන මහ මයිනද කිව්වේ? මිථ්‍යා දෘෂ්ටික වල් බමුණු මත ඔළුවේ තියාගෙන බෞද්ධයෝ වගේ හැසිරෙනවා

      Delete
  2. අහස පොලොව නුහුලන කුමන්ත්‍රණ කරලා පාස්කු නඩු වලට රාජ්‍යය සේවකයින්ට මරනීය දඩුවම් දෙන ගොවීන්ගෙ උසස්පෙල දරුවන්ගෙ ඉල්ලීම් තුට්ටුවකට මායිම් නොකරන කාලකන්නි මහ එකෙක් සහ ඔහුගේ රූකඩ ගොබ්බ මොන්ගල් ඇමතිල ආන්ඩු කරනකොට ස්වබාවදර්මය 68 ලක්සෙත් මතක් කර කර දඩුවම් දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවක විතරක් නෙමෙයි ජනාධිපතිත් එල්ලුම් ගසට තමයි අර දෙවනි ලංකට කියන්නේ මිනිහා

      Delete
Previous Post Next Post