බාල ඖෂධ කාණ්ඩ තුනක් වහාම භාවිතයෙන් ඉවත් කරයි..


 නිසි ප්‍රමිතියෙන් තොර බව තහවුරු වීම හේතුවෙන් 'ස්විස්කොක්ස් 200' (Swisscox 200) වෙළෙඳ නාමයෙන් හඳුන්වන සෙලෙකොක්සිබ් මිලිග්‍රෑම් 200 (Celecoxib 200mg) වේදනා නාශක ඖෂධයේ කාණ්ඩ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල් භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.

ජාතික ඖෂධ ගුණාත්මක සහතික කිරීමේ රසායනාගාරය මගින් නිකුත් කරන ලද වාර්තා පදනම් කරගනිමින්, 'ආරක්ෂාව සහ අවදානම් ඇගයීමේ අනුකාරක සභාව' පසුගිය 17 වැනිදා ගත් තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව 476CSX004, 476CSX005 සහ 476CSX002 යන කාණ්ඩ අංක (Batch Numbers) යටතේ පවතින ඖෂධ තොග වහාම භාවිතයෙන් ඉවත් කර තබන ලෙස රෝහල් සහ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

වෛද්‍ය සැපයුම් අංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙම දැනුම්දීම සිදු කර ඇති අතර, අදාළ ඖෂධ කාණ්ඩ තුන වෛද්‍ය සැපයුම් අංශය මගින් සපයන ලද ඒවා නොවන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තීරණය සම්බන්ධයෙන් සියලුම පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වහාම දැනුවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇත.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති 01/2021 උපදෙස් මාලාවට අනුකූලව මෙම ඖෂධ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.





National Authority Withdraws Celecoxib 200mg from Hospitals Due to Safety Concerns

In a decisive move, Sri Lanka's National Drug Regulatory Authority has ordered the immediate withdrawal of three batches of the pain relief medication Celecoxib 200mg, marketed as 'Swisscox 200', from hospital usage. This action comes following the confirmation that these products do not meet established quality standards.

The decision, made by the Safety and Risk Assessment Advisory Committee on the 17th of this month, was based on reports released by the National Drug Quality Assurance Laboratory. Consequently, hospitals and health authorities have been instructed to cease using batch numbers 476CSX004, 476CSX005, and 476CSX002.

This notification was issued in compliance with a circular from the Medical Supply Division, clarifying that the problematic batches were not supplied through their channel. The advisory underscores the critical need to ensure patient safety and medication efficacy.

Moreover, the National Drug Regulatory Authority has taken steps to promptly inform provincial and regional health service directors, as well as directors of teaching hospitals and heads of healthcare institutions, about the withdrawal.

As guided by the directives set forth in the 01/2021 circular issued by the Health Secretary, the authority has urged responsible parties to take immediate actions regarding this matter to ensure public safety.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඇමතියා රෑට ඖෂධ ජාවාරම්කාරයොත් එක්ක මවුන්ට් ලැවේනියා එකේ විසිකි බිබී ඩීල් දානවා.ඊට පස්සේ රට අස්සට බාල බෙහෙත් ගලා එනව.පේන්නැද්ද හැම වෙලේම මූන හැටි ඉදිමිලා. මිරිකුවොත් අරක්කු බෝතලයක් දෙකක් ගන්න පුළුවන්.වෙලාවකට විකාර පිස්සු කියවන්නෙත් ඊට ඉස්සෙල්ල දාවසේ අරක්කුවල සැරට.

    ReplyDelete
  2. මේ රාජපක්ෂල බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු අමාරුවේ දානවා බෙහෙත් ක
    ම්පැණි එක්ක ඩීල් .මිනිස්සුන්ගෙ ජීවිත වලට වගකියන්නෙ කවුද..ඉක්මනින්ම ජනතාවාදී මාලිමාණ්ඩුවක් ගෙනඒමට එක්ව පෙළගැස්ම.

    ReplyDelete
Previous Post Next Post