කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි.
අදාළ නිවේදනයට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා දැනට පවතින තත්ත්වය මත නුසුදුසු වේ. එබැවින්, නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින ලෙස සියලුම ධීවර කාර්මිකයන්ට දැඩි ලෙස අවවාද කරනු ලැබේ.
එසේම, අවදානම් තත්ත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් වන යාත්‍රා ද, මාතර සිට පොතුවිල් දක්වා නම් කරන ලද මෙම අවදානම් මුහුදු කලාපයට ඇතුළු වීමෙන් හෝ එහි ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙස විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Department of Fisheries Issues Warning Amid Severe Weather Conditions
The Department of Fisheries and Aquatic Resources has issued an alert to the fishing community following a severe weather advisory released by the Meteorological Department regarding strong winds.
According to the advisory, fishing activities along the coastal areas from Matara to Hambantota and extending to Pothuvil are currently deemed unsafe. Fishermen in these regions have been strongly cautioned to refrain from going out to sea until further notice.
Moreover, vessels originating from safer areas are also advised against entering these dangerous marine zones, which span from Matara to Pothuvil, or engaging in fishing activities within these hazardous waters.
The Department calls on all members of the fishing community to remain vigilant for forthcoming weather updates and to strictly adhere to safety guidelines while exercising caution in all their operations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
