මැගසින් බන්ධනාගාරය නොසන්සුන්..

 


කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රය තුළ (04) නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, බන්ධනාගාරය තුළ එවැනි සිදුවීමක් වාර්තා වී ඇති බවයි.

මෙම නොසන්සුන්තාවයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

බන්ධනාගාරයේ ආරක්ෂාව සහ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.

---

Upadate...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්ගයුග වුට්ලර් මහතා පැවසුවේ කොළඹ බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ නොසන්සුන්තාව පාලනය කර ඇති බවත් 40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතර මෙම නොසන්සුන්තාවය හටෙගෙන තිබූ බවත්ය.

බන්ධනාගාරය තුලට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු වී ආරක්‍ෂාව තහවුරු කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.





Disturbance Reported at Colombo Prison, Investigations Underway

A tense atmosphere has reportedly emerged within the Colombo Magazine Prison, prompting concern among authorities.

The police disclosed that there had been an incident within the facility, although the precise cause remains officially undisclosed. An investigation is currently underway to ascertain the details surrounding this unsettling occurrence.

Measures are being implemented to ensure the security of the prison and maintain order amid the developing situation.

In an update, Police Media Spokesman SSP Nihal Thalduwa stated that the disturbance was under control and involved a group of approximately 40 individuals. He further clarified that Special Task Force officers were deployed to the prison to reinforce security and ensure the situation is managed effectively.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. මරණීය දණ්ඩනය වාහාම ක්‍රියාත්මක කිරිමට කාලය එළබි ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවා

      Delete
    2. රජ කාලේ දඩුවම් දෙන්නැතුව ප්‍රශ්න විසඳන්න බෑ ලංකාවේ අප්පුහාමිලා එක්ක. මේ ප්‍රශ්නය විතරක් නෙමෙයි සමාජයේ ඔඩු දුවලා තියෙන ප්‍රශ්න ගොඩකට විසඳුම මේක විතරමයි. විශේෂයෙන්ම මහජන ධනය කොල්ලකන සියලුම දෙනා තරාතිරම නොබලා මරණීය දණ්ඩනයට යොමු කළ යුතුයි

      Delete
    3. අනේ පකෝ. 80%ක්ම ඉන්නෙ පොලිසියෙන් කුඩු පැකට් දාල, ඇක්සිඩන්ට් නඩු, දඩ ගෙවාගන්න බැරි අහිංසක මිනිස්සු උන්.
      තොට පිස්සු ද උන්ට මරණීය දණ්ඩනය දෙන්න.

      Delete
    4. Kuddo marapallaa 🤬🤬🤬

      Delete
    5. හොයල බලනව අයිසේ කී දෙනෙක් මරණ දඬුවම හිමි වෙලා ඉන්නවද කියල නිකං කකා බිබී. රටට වැඩකුත් නෑ, උන්ට වැඩකුත් නෑ. සෙත්ත පෝච්චි කරලා දැම්ම නං ඒ ඉඩේ පොල් ගහක් දෙකක් වවල උඹල වගෙ නූගත් ගොබ්බයන්ට ඒ ගෙඩි කඩල කීයක් හරි හොයා ගන්න තිබ්බ

      Delete
  2. සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60000 වැඩිකර ඇත. මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවෙදී පවසයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙ විරුද්ධ වීම මත එය හැන්සාර්ඞ් වාර්තාවෙන් ඉවත්කර ආණ්ඩුවට කඩෙ යන නිවුස් වලින්ද ඉවත් කර ඇත. මැගසින් බන්ධනාගාරය නොසන්සුන් වූයෙ මෙම සිද්ධියෙන් පසුව.

    ReplyDelete
    Replies
    1. ඔව් මැගසින් එකේ ඉන්නවානේ ඉස්සර පාර්ලිමේන්තුවේ ඉඳන් පඩි ගත්ත කාලකන්නි උන්ට අනේ අපොයි කියලා හිතිලා ඇති 🤣

      Delete
  3. බන්ධනාගාර තදබදයට එකම විසඳුම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමයි. අතිගරු ජනාධිපතිතුමනි ඔබේ අවධානය පිණිසයි. (ඔබතුමා මේ පඩංගු බලන්නේ නෑ කියල දන්නවා ඒත් මේක තමයි එකම විසඳුම)

    ReplyDelete
    Replies
    1. අනේ පකෝ. 80%ක්ම ඉන්නෙ පොලිසියෙන් කුඩු පැකට් දාල, ඇක්සිඩන්ට් නඩු, දඩ ගෙවාගන්න බැරි අහිංසක මිනිස්සු උන්.
      තොට පිස්සු ද උන්ට මරණීය දණ්ඩනය දෙන්න.

      Delete
    2. Kuddo marapalla 🤬🤬🤬

      Delete
Previous Post Next Post