ඉහළ මැදි ආදායම් ලබන රටක් තත්ත්වයට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇතැයි කම්කරු ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් පැවති විවාදයට එක් වෙමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද කීවේය.
‘ලෝකයේ වෙනත් පාර්ශවයන් ගන්නා විවිධාකාර තීන්දු නිසා අපේ අපනයන වෙළෙඳපළටත් බලපෑම් එල්ල වෙනවා. ඒ එක් අවස්ථාවක් තමයි ඇමරිකාව තීරු බදු පැනවීම. ඒක අපිට පිටින් පැවති කාරණයක්. සියයට හතළිස් හතක ඒ බද්ද අඩු කර ගැනිමට අපි නිසි ලෙස කටයුතු කළා. එය සියයට තිහ හා විස්ස දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.
ඒ වගේම අද කථා කරන්නෙ බලහත්කාරී ශ්‍රමය භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනය හා අපනයනය කිරීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව මැදිහත් වීමක් කළා. ඒ අනුව රටවල් හැට හතරකට අදාළව භාණ්ඩ නිෂ්පාදනය ඇතුළෙ බලහත්කාරී ශ්‍රමය ඇති කියන අවදානම මත සියයට දොළහයි දශම පහකුත්, සියයට දහයකුත් වශයෙන් බදු යොජනා කළා. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙනුත් ඔවුන් රැස් කළ කරුණු මත යම් අවදානමක් තියෙන්න පුලුවන් මේ බලහත්කාරී ශ්‍රමයට අදාළව. මොකද අපි නිෂ්පාදනක්‍රියාවලියට අමුද්‍රව්‍ය ආනයනය කරනවා.
දැන් අතීතයෙදි වගේ නෙමෙයි ලෝක සැපයුම් දාමයක් තියෙන්නේ. වේගයෙන්ම ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත කමිටුවක් පත් කර මේ දක්වා ගෙන තිබෙන තීරණ සාකච්ඡා කළා. ඒ අනුව රටතුළ භාණ්ඩ නිෂ්පාදනයේදි බලහත්කාරී ශ්‍රමය හෝ ළමා ශ්‍රමය කිසිදු ආකාරයකින් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගෙන නැහැ.
නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමේදී බලහත්කාරී ශ්‍රමයට සම්බන්ධ නම් ඒවා ආනයනය තහනම් කිරිමට පියවර ගත්තා. ඒ නිසා විශේෂ වාසියක් අපේ අපනයනකවරුන්ට ලැබුණා. අපි අවාසිදායක තත්ත්වයක නැහැ. අපනයන වෙළෙදාමට අපට ගැටලුවක් පැන නැගිලා නැහැ.
ඒ සමගම මේ පවතින තත්ත්වය මත ජීඑස්පී ප්ලස් අයදුම්පත නැවත ඉදිරිපත් කිරිමටත් කටයුතු කරමින් සිටිනවා. අපේ ආර්ථිකය දැන් වර්ධනය වෙමින් පවතිනවා. නිෂ්පාදන ප්‍රමාණය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා. ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස අපි දැන් නම් වෙලාතියෙනවා. මේආර්ථික වෘද්ධියෙ දි උද්ධමනය පාලනය කරගැනීම වැදගත් වෙනවා. මැද පෙරදිග යුද්ධයක් පැවතිය ද මෙම වසර ඇතුළත උද්ධමනය ක්‍රමයෙන් පාලනය කර ගැනිමට අපිට හැකි වෙලා තියෙනවා’
Sri Lanka Recognized as Upper-Middle-Income Country, Says Minister
Sri Lanka has officially transitioned to the status of an upper-middle-income country, as announced by Minister of Labour and State Minister of Finance and Capital Markets, Dr. Anil Jayasinghe, during a parliamentary session. This revelation came amid a discussion on regulations under the Imports and Exports Control Act.
The minister emphasized that various global decisions are impacting the country’s export market, citing the recent implementation of tariffs by the United States as a significant factor affecting exports. He highlighted the government's proactive measures that successfully reduced these tariffs from 47% to between 30% and 20%.
Further addressing concerns, he noted the issue of forced labor in the production and export sectors, pointing out America's intervention in these matters. As a result, twelve countries have been flagged for risks associated with forced labor, leading to proposals for tax adjustments of ten percent. Sri Lanka's involvement has also raised concerns based on collected data regarding forced labor, especially since the country imports raw materials for production.
Dr. Jayasinghe highlighted the difference from the past, stating that the world now operates within a structured supply chain. Following the President’s swift intervention, a committee has been formed to review current decisions. Consequently, it was asserted that neither forced labor nor child labor is employed in any production processes within the country.
The minister also revealed that measures are in place to restrict the importation of materials linked to forced labor. This strategy has provided significant advantages to Sri Lankan exporters, ensuring they operate without major challenges in the export market.
In light of the existing economic conditions, discussions are underway to resubmit the GSP Plus application. Dr. Jayasinghe assured that the economy is currently on an upward trajectory, with consistent growth in production volumes. As a recognized upper-middle-income country, he stressed the need to effectively manage inflation during this period of economic growth. Notably, he mentioned that despite the challenging backdrop of a prolonged conflict, the government has effectively controlled inflation levels throughout this year.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
