'විනිසුරු වයස වැඩි නොකරනු..'- ලෝක විනිසුරු සංගමයෙන් ලංකාවට රතු එලියක්...


  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය (IAJ) සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

රෝමයේ පිහිටි එම සංගමයේ මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක මේ බව සඳහන් වේ.

ලොව පුරා මහාද්වීප පහක රටවල් 93ක විනිසුරු සංගම් නියෝජනය කරන විශාලතම සහ කීර්තිමත් සංවිධානය වන IAJ ආයතනය පවසන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම තම සංගමයේ මූලික අරමුණ බවයි.

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති මෙම නව නීතිමය සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් විය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් මතු කර ඇති බරපතල ගැටලු සමඟ තමන් ද එකඟ වන බව ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන්ම, මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් හදිසියේ සහ අත්තනෝමතික ලෙස සිදු නොකර, විධිමත් ප්‍රතිපත්තිමය සහ උපදේශන ක්‍රියාවලියක් හරහා සිදු කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

එසේ නොමැති වීම අධිකරණයේ ස්වාධීනත්වය පළුදු වීමට හේතු වන බව ඔවුන්ගේ මතයයි.

එසේම, යම් නිශ්චිත විනිසුරුවරයෙකුට හෝ පිරිසකට පෞද්ගලිකව වාසි සැලසීමේ අරමුණින් මෙම සංශෝධනය ගෙන එන බවට දැනුවත් නිරීක්ෂකයින් තුළ පවතින මතය පිළිබඳව ද සංගමය අවධානය යොමු කර ඇත.

රජයේ සැබෑ අභිලාෂය කුමක් වුවත්, එවැනි හැඟීමක් ජනිත වීම පවා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට හේතු වන බව IAJ නිවේදනයේ සඳහන් වේ.

එබැවින්, අධිකරණයේ ස්වාධීනත්වය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් මෙම යෝජිත සංශෝධනය පිළිබඳව නැවත සලකා බලන ලෙස ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ පවතින මෙම තත්ත්වය පිළිබඳව තමන් ඉදිරියටත් සමීපව නිරීක්ෂණය කරන බව ද එම සංගමය වැඩිදුරටත් දන්වා සිටියි.






International Association of Judges Expresses Concerns Over Proposed Constitutional Amendment in Sri Lanka

The International Association of Judges (IAJ) has voiced significant concerns regarding a proposed constitutional amendment aimed at extending the retirement age of Supreme Court and Court of Appeal judges in Sri Lanka by two years. This announcement was made by the IAJ's headquarters located in Rome.

As one of the largest and most prestigious organizations representing judges' unions from 93 countries across five continents, the IAJ emphasizes that preserving judicial independence is a core mission.

According to the IAJ, the Sri Lankan government's proposed legislative change could pose a threat to judicial independence and the rule of law. They highlight that concerns have also been raised by various factions, including the Judicial Service Association of Sri Lanka and the Bar Association of Sri Lanka, regarding the potential implications of this amendment.

The organization asserts that significant constitutional changes should not be made hastily or unilaterally, but rather should undergo a structured policy and consultative process. Failing to do so could undermine the sanctity of judicial independence, they caution.

Moreover, the IAJ has noted apprehension among observers that this amendment may be intended to provide undue benefits to specific judges or groups. Such perceptions, it claims, could jeopardize the credibility of the judicial system and threaten its independence.

The IAJ's statement underscores that regardless of the government's intentions, fostering such sentiments could adversely impact the integrity of the judiciary.

In light of these concerns, the organization has called on the Sri Lankan government to reconsider the proposed amendment in order to safeguard the independence of the judiciary and human rights. They also affirmed their commitment to closely monitor the prevailing situation in Sri Lanka moving forward.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. හොරතල් පේඩීගේ හුරතල් සමන් කුමාරAugust 4, 2026 at 10:13 AM

    ඔය සුද්දන්ගේ ලියුන් කෑලී අපිට වැඩක් නෑ. අපි තනිකර පද්දෝ. අපි දැන් රට අල්ලලා ඉවරයි.ඉතුරු ටික කරනවා සත්තයි. ගොවි කුල වලව් කාර හැත්ත නැත්තටම නැති කරලා දානවා. තව මාස කීපෙකින් අම්බලන්ගොඩ කරා ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම දීලා රාජපක්ෂ වලව්ව හෝදලාම දානවා. මෙතෙක් තැලී පොඩි උන සියලුම කරාව, දුරාව, පදු, වහුම්පුර ........... සියලුදෙනා එක හඩින් ඉන්නේ මේ සුද්දේ කරන්න ඕනා කියලා. පද්දොන්ගෙයි, දෙමලු මුස්ලිම් චන්ද ගොඩ ලක්ෂ 80කට වැඩියි

    ReplyDelete
    Replies
    1. අම්මෝ….

      Delete
    2. wimaluth පදු neda

      Delete
    3. හොරතල් පේඩීගේ හුරතල් සමන් කුමාර-- Uba nam niyama Rodiyek Wage... Rodiyek wenne kathakarana , hasirena widiyata...Uba hoda rodiyek wage

      Delete
    4. " White peoples papers" Idiot this is not issues !!!! Issue is your idiots don't know read or wright English

      Delete
  2. දැන් ඩෝබිලා ටික ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමයත් පට්ට ගහන්න ගනීවි

    ReplyDelete
    Replies
    1. දැන් විමල් සීයට මෙව්ව බටහිර කුමන්ත්‍රණය නෙවේද අයියේ

      Delete
    2. JVP කියන පක්ෂේ ගැන නොදන්නා ඩෝබී සෙට් එකක් දැන් ඉන්නේ..
      විමල් සීයට ඕවා පුරුදු කලේ ජෙප්පෝ..
      අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ ගැන අධ්‍යාත්මික නායක ටිල්ලින් සීයාගෙන් අහපන් ඉස්සෙල්ලා .. හැක හැක

      Delete
  3. දැන් විමල් සීයට මෙව්ව බටහිර කුමන්ත්‍රණය නෙවේද අයියේ

    ReplyDelete
  4. මේ සංගමය පැලවත්ත tillin ට වඩා ලොකුයි ද?දන්නේ නැති නිසා අහන්නේ.

    ReplyDelete
  5. ඒහෙම කොහොමද? අපි නැමෝල් මල්ලි ව කුඩු කරන්නේ

    ReplyDelete
  6. padu jepi sangame hunduwata udin kauda yako inne punchammata hamanenna

    ReplyDelete
Previous Post Next Post